අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''උදාරයි ඔබ ''ප්‍රසංගය සැප්තැම්බර් මස 14 වන දින නෙලුම් පොකුණ රඟහලේ දී

    සැප්තැම්බර් 11, 2019

    ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ විසින් සංවිධානය කරනු ලබන ''උදාරයි ඔබ '' ප්‍රසංගය සැප්තැම්බර් මස 14 වන දින ප.ව 6.30ට නෙලුම් පොකුණ රඟහලේ දි පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ දි පැවැති මාධ්‍ය හමුවක දි ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි,සෝනියා කොට්ටේගොඩ මහත්මිය පැවසුවාය.

    මෙම ප්‍රසංගය සඳහා myticket.lk  යන වෙබ් අඩවිය ඔස්සේ ද ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බව ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය පවසයි.

    මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු සභාපතිනිය කියා සිටියේ,යුධ ජයග්‍රහණය සඳහා සක්‍රිය දායත්වය ලැබු ත්‍රිවිධ හමුදාව,පොලිසිය,සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවල සියලු ම රණවිරුවන්ගේ කුසලතා දැනුම වර්ධනය කර ගැනිම සඳහා වෘත්තිය පුහුණුව ලබා දිමට තීරණය කර ඇති අතර මෙමගින් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ද,පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තු සාමාජිකයින් ද,ආරක්ෂක අමාත්‍යාංශයේ සාමාජිකයින්ද, ආබාධිත රණවිරුවන්ද,විශ්‍රාම යාමට නියමිත වත්මන් නිලධාරින්ද,විශ්‍රාමලත් නිලධාර්නද හෝ ඔවුන්ගේ පවුල්වල අය දිරිගැන්වීම අරමුණ වෙයි.

    පළමු අදියරේ දි මේ සඳහා ත්‍රිවිධ හමුදාව,පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය අයත් සාමාජිකයින්ට පමණක් සිමා වේ.  ඔවුන්ගේ වෘත්තීමය කුසලතා වැඩි දියුණු කිරිම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නා බව සෝනියා කොට්ටේගොඩ මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya