අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නාට්‍ය උළෙල -2020 අයදුම්පත් භාර ගැනීම අරඹා ඇත

    අගෝස්තු 02, 2019

    නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය නාට්‍ය උළෙල හා රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල 2020 සදහා අයදුම්පත් භාර ගැනීම අරඹා ඇත.


    සියළුම අයදුම්කරුවන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අයදුම්පත නිසි පරිදි සම්පුර්ණ කර අයදුම්පත් භාර ගන්නා අවසන් දිනටය පෙර පහත සදහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
    ලිපි කවරයේ වම්පස කෙළවර අදාල තරග අංශය සදහන් කරන්න.
     රාජ්‍ය නාට්‍ය උළෙල -2020 (සිංහල /දෙමළ) (සැප්තැම්බර් 30 දිනට පෙර)
     රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල -2020 ( සිංහල /දෙමළ ) ) (සැප්තැම්බර් 30 දිනට පෙර)
    අදාළ අයදුම්පත හා ව්‍යවස්ථාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය නාට්‍ය ප්‍රවර්ධන අංශය, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයෙන් ලබා ගත හැක. මීට අමතරව දිවයින පුරා ඇති සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සංස්කෘතික නිලධාරීන් මගින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මුහුණු පොතේ https:// www.facebook.com/culturaldept.gov.lk යන වෙබ් අඩවිය මගින් අදාළ අයදුම්පත් හා
    ව්‍යවස්ථාව ලබා ගත හැකිය. වැඩි විස්තර සඳහා 0112872385 අමතන්න.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya