අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රණ විරු රියල් ස්ටාර් - මිෂන් iv" කිරුළ ශ්‍රී ලංකා යුද හමුදාවට

    ජූලි 28, 2014
    රණ විරුවන්ගේ සැඟවුණු ගායන කුසලතාවන් ජාතික තලයට හඳුන්වාදීමේ අරමුණින් මෙන්ම දශක තුනක කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය නිමාකිරීමට උරදුන් රණ විරුවා පිටුපස සංවේදී මෙන්ම නිර්මාණශීලී මිනිසෙකු සිටින බව ලොවට පෙන්වීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව බිහි වූ ලොව ප්‍රථම "මිලිටරි රියැලිටි" වැඩසටහන "රණ විරු රියල් ස්ටාර් - මිෂන් iv" ප්‍රසංගය පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.


    තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් අරුණි ද සිල්වා මෙනවිය විසින් මෙවර "රණ විරු රියල් ස්ටාර්" කිරුළ හිමිකර ගන්නා ලදී. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ සුරතින් ඇයට හිමි කුසලානය හා රුපියල් මිලියන 20ක් වටිනා සුඛෝපභෝගී නව නිවස ඇය වෙත ප්‍රදානය කෙරිණි. 

     

    මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සපැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

     

    මේ අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් රණ විරුවන් සිව්දෙනෙක් ද ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් එක් නාවික විරුවෙක් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් එක් ගුවන් විරුවෙකු ද ඇතුළත් විය. වට කිහිපයක් ඔස්සේ තරඟ වැදෙමින් මෙම රණ විරුවන් 07 දෙනා තමන් සතු සියලු හැකියාවන් වේදිකාව මතදී මුදාහරිමින් ප්‍රේක්ෂක දෙසවන් හා දෙනුවන් පිනවීමට සමත් වූහ.

     

    ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි නම් දරා සිටින ප්‍රවීණ කලාකරුවන් පිරිසක් මෙහිදී විරු තරු වෙත සාධාරණ විනිශ්චයක් ලබා දීමට මහත් කැපවීමෙන් යුතුව ක්‍රියාකරනු ලැබුවද විනිශ්චය මණ්ඩලයට, තරගකරුවන් හට ලබාදීමට හැකිවූයේ ලකුණු ප්‍රතිශතයෙන් 60% ක් පමණි. ඉතුරු ලකුණු 40%ක ප්‍රමාණය ප්‍රේක්ෂක දායකත්වය මඟින් ලද කෙටි පණිවිඩ ඔස්සේ තීරණය විය. මෙහිදි විනිශ්චය මණ්ඩලය ලෙස විශාරද එඩ්වඩ් ජයකොඩි හා ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී යන මහත්වරුන් සමඟ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම මෙනවිය ද කටයුතු කළාය.

     

    මෙවර තරගයේ සුපිරි ජයග්‍රාහිකාවට ඇය කැමති ස්ථානයකින් රුපියල් මිලියන 20ක් වටිනා සුඛෝපභෝගී නිවසක් ත්‍යාග වශයෙන් හිමි විය. මෙය රණ විරු රියර් ස්ටාර් අදියර මිෂන් -ivහි සිදු වූ විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

     

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට දේශාන් දයාරත්න විසින් මෙහි අනු ශූරතාව දිනා ගනු ලැබීය. රුපියල් මිලියන 6.7ක් වටිනා මෝටර් රථය සමඟ රුපියල් මිලියන 01ක මුදලක් ඔහු විසින් හිමිකර ගනු ලැබිණි.  

     

    මෙහි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය සහායක සුමේන්ද්‍ර රිෂී විසින් හිමි කරගන්නා ලද අතර ඔහුට රුපියල් මිලියන 02ක මුදල් ත්‍යාගයක් හිමි විය. 

     

    ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කේ.එස්. සුරංග හා ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් රහල් ප්‍රනාන්දු විසින් අනුපිළිවෙන් සිව්වන හා පස්වන ස්ථානයන් දිනාගන්නා ලද අතර සිවුවන ස්ථානය සඳහා මුදලින් රුපියල් ලක්ෂ පහහමාරක් ද පස්වන ස්ථානය සඳහා මුදලින් රුපියල් ලක්ෂ පහක් ද ඔවුන් දෙදෙනාටම අඟල් 32ක LED රූපවාහිනී යන්ත්‍රයක් සමඟ ඩයලොග් රූපවාහිනී සම්බන්ධතාවක් ද පිරිනමනු ලැබීය.

     

    එසේම ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල් ඩබ්ලිව්.එල්.එම්.එස්.කේ. ලේපොත්දෙනිය විසින් මෙහි 6 වන ස්ථානය හා මේජර් තිළිණ චන්ද්‍රකුමාර විසින් 7 වන ස්ථානයද හිමිකර ගත් අතර ඔවුන් සඳහා ද වටිනා මුදල් ත්‍යාගයන් හා අඟල් 32 LED රූපවාහිනී යන්ත්‍රයක් සමඟ ඩයලොග් රූපවාහිනී සම්බන්ධතාවක් ද පිරිනමනු ලැබීය. එසේම 7 වන ස්ථානයේ සිට 39 වන ස්ථානය දක්වා ජයග්‍රහණය කරන ලද රණ විරුවන්ට රණ විරු රියල් ස්ටාර් කුසලානය හා වටිනා ත්‍යාග ලබාදීම ද මෙහිදී ත්‍රිවිධ හමුදාපතිවරු විසින් සිදු කරනු ලැබූහ.

     

    එසේම අවසන් 12 දෙනාගේ වටය දක්වා පැමිණ අවසන් වටය සඳහා සහභාගීවීමට නොහැකි වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ ආබාධිත රණ විරුවෙකු වූ සැරයන් ඉඳුනිල් සුභාෂණ වෙත රුපියල් ලක්ෂ 21/2ක මුදලක්ද අවසන් 12 දෙනාගේ වටයේදී වැඩිම ලකුණු ලබාගන්නා ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට දේශාන් දයාරත්න වෙත රුපියල් මිලියනයක් පිරිනැමීමද මෙහිදී සිදු කරනු ලැබීය. 


    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට මෙවන් ‘මිලිටරි රියැලිටි’ අත්දැකීමක් අත්විඳින්නට අවස්ථාව සැලසුණි. මෙහි පළමු වැඩසටහන 2010 වසරේ නොවැම්බර් 05 දිනත් දෙවැනි වටයේ තරග 2011දී ඔක්තෝම්බර් 21 දිනත් තෙවන අදියර 2012 වර්ෂයේදී ද ආරම්භ විය. මෙම තරගාවලිය සඳහා ඩයලොග් ආසියාටා සමාගම විසින් සිය නොමසුරු දායකත්වය අඛණ්ඩව ලබා දෙනු ලැබූ අතර නිල මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනිය විසින් ලබා දෙනු ලැබිණි.
    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ප්‍රමුඛ සෙසු හමුදා සාමාජිකයන් හා සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

     

    NDH/mod

    Ranaviru Real Star Mission IV Grand Finale Staged 20140727 05p2

     

     

    Ranaviru Real Star Mission IV Grand Finale Staged 20140727 05p3

     

    Ranaviru Real Star Mission IV Grand Finale Staged 20140727 05p33

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya