මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රූකඩ කලා මංගල්‍ය අති උත්ෂර්ෂවත් ලෙස අපේ ගම පරිශ්‍රයේදී  

    මාර්තු 07, 2019

    ශ්‍රී ලංකා රූකඩ ශිල්පීන්ගේ දායකත්වයෙන් රූකඩ කලා මංගල්‍ය අති උත්කර්ෂවත් ලෙස බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස ඊයේ (06) දවස පුරා පැවැත්විණි.

    නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රූකඩ රූපණ ප්‍රවීණ ශිල්පීන් ඇගයෙන සම්මාන ප්‍රදානෝත්සවය එදින සවස 6ට පැවැත්වූ අතර ඒ සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

    රූකඩ ශිල්පීන්ගේ දායකත්වය අගය කිරීම වෙනුවෙන් හා රූකඩ කලාවට ඇල්මක් දක්වන සැමට පිදෙන තිළිණයක් ලෙස රූකඩ කලා මංගල්‍ය හදුන්වා දීමට හැකි වේ. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය රූකඩ නාට්‍ය කලාව ලෝක උරුම ලයිස්තුවට එක් කිරීමයි.

    ලාංකිකයන්වන අපට සාඩම්බර කරුණක් වන්නේ එක්සත් ජාතීනගේ සංවිධානය මඟින් අස්පර්ෂ උරුමයක් ලෙස හදුනා ගත් රූකඩ නාට්‍ය කලාවේ ආරක්ෂණය, ප්‍රගමනය හා ව්‍යාප්තිය උදෙසා සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුබව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් ප්‍රකාශ කළාය.

    සූසැට කලාව ඊළඟ පරම්පරාවට දායාද කිරීමත්, පාසල් දරුවන්ට ලංකාවේ සියලුම රූකඩ වර්ග හදුන්වා දෙමින්, විශිෂ්ට රූකඩ කලා කරුවන්ගේ වැඩමුළු, දේශන හා රූකඩ සංදර්ශන පවත්වමින් මෙය තවත් රසවත් කිරීමට ඊයේ දවස පුරා කටයුතු කළ බවත් ප්‍රනාන්දු මහත්මිය තව දුරටත් කියා සිටියාය.

    පාරම්පරික උරුමය තුරන් වීමට ඉඩ නොදී තවත් චිරත් කාලයක් පැවතීම උදෙසා දේශීය කලාවන් අගය කිරීම ඉතා වැදගත්ය. ඒ අනුව රූකඩ කලාව අස්පර්ෂණීය උරුමයක් බවට පත් කරමින් ලෝක උරුම ලයිස්තුවට ඇතුලත් කිරීම ඉතාම කාලෝචිත බව කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ඩී.වී. නන්දදේව මහතා පැවසීය.

    එමඟින් අප රටට තිරසර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමද, අපගේ සාම්ප්‍රදායික උරුමයන් ලෝකයාට ප්‍රචලිත කිරීමටත්, හැකියාව ලැබෙන බව නන්දදේව මහතා තව දුරටත් පැවසුවේ ඉතාමත් අභිමානයෙනි.

    මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතා, ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ සභාපති ආරියදාස කලුආරච්චි මහතා , අපේගම අධ්‍යක්ෂ සුමිත් ජයසුන්දර මහතා , සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් වසන්ත ඒකනායක මහතා, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා, රූකඩ නාට්‍යවේදී සරත් අබේගුණවර්ධන මහතා ,  රූකඩ නාට්‍ය කලා කරුවන් වෙනුවෙන් ප්‍රවීණ රූකඩ නාට්‍යවේදී ගම්වාරේ ප්‍රේමීන් මහතා ඇතුළු විශාල සම්භාවනීය පිරිසක් සහභාගී වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya