අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සංස්කෘතික පුනර්ජීවය ගී රසවින්දන “ වැඩසටහන හම්බන්තොට දී

    ජනවාරි 24, 2019

    2019 වසරේ රාජකාරී ජිවිතයේ ඒකාකාරිත්වයෙන් මිදි මානසික විවේකයක් සදහා සිත සැහැල්ලුවෙන් හා නිරවුල් මනසකින් තබාගෙන රාජකාරි කිරීමට පරිසරය සැකසෙන “ සංස්කෘතික පුනර්ජීවය ගී රසවින්දන “ වැඩ සටහන 22 දින පස්වරුවේදී මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ හම්බන්තො ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

    නිවාස ඉදිකරීම් හා සංස්කෘතික අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සංස්කෘතික පුනර්ජීවන වැඩ සටහන යටතේ ජාතික කලා මණ්ඩලයේ අනුග්‍රහයෙන් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ඊ.ඒකේ.සුනීතා මහත්මිය හා සංස්කෘතික අංශයේ නිලධාරීන් ඇතුලු සියලු නිලධාරීන්එක්ව මෙයසංවිධානය කෙරිණ. කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආරියරත්න කලුආරච්චි,ජේෂ්ඨ කථිකාචාර්ය සමන් පනාපිටිය, කථිකාචාර්ය රෝහණ පීරිස් යනමහත්වරුඇතුලු සංස්කෘතික කණ්ඩායමක් විසින් මෙම වැඩසටහන මෙහෙය වීම සිදු කෙරිණි.ගීත හා කවි ගායනා ද ශාන්ති කර්ම වල විවිධ අවස්ථාද ඇතුලුව වැඩසටහන ඉදිරිපත් කෙරිණි

    මෙම අවස්ථාව සදහා හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් සී.ඒ.සුනෙත් ලෝචන , හම්බන්තො ප්‍රාදේශීය ලේකම් ඊ.ඒකේ.සුනීතා ,දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ එම්.බි.චන්ද්‍ර නිමල් ,දිවිනැගුම අධ්‍යක්ෂ එන්.ජී.ජේ.පී.රෝහිත,ප්‍රධාන අභ්‍යන්තර විගණක කේ.සුමනදාස , දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ජී.සි.ඒ ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.

     

    (දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය-හම්බන්තොට  )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya