අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමලරත්න කුමාරගම සියවස් දින ජන්ම දින සැමරුම 28 දා

    ජනවාරි 14, 2019

    හෙළයේ කෘතහස්ත කවියෙකු ලෙස විරුදාවලිය ලැබූ විමලරත්න කුමාරගම මහතාගේ සියවස් දින ජන්ම දිනය සැමරීම සදහා වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. විමලරත්න කුමාරගම කවියා පදිංචි ව සිටි ප්‍රදේශය ලෙස සැලකෙන කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව 2019.01.28 වැනි දින පෙ.ව 9.30 ට කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටි විමලරත්න කුමාරගම මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් මෙම වැඩසහන ආරම්භ කෙරෙන අතර, කුමාරගම මහතාගේ නමින් මාර්ගයක් නම් කිරීමටද නියමිතය.

    උපහාර වැඩසටහනේ ප්‍රධාන උත්සවය එදින පෙ.ව. 11.00 ට නාරම්පනාව මහා විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම උත්සවයේදී කුමාරගම කවියාගේ කාව්‍ය පිළිබද විචාරාත්මක දේශනයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා විසින් පැවැත්වීමට නියමිතය.

    අනතුරුව විමලරත්න කුරාගමයන් පිළිබද විශේෂ කවි මඩුවක් පැවැත්වීමටද කටයුතු යෙදා ඇති අතර, රටේමුල්ලේ මුදන්නායක මහතාගේ ප්‍රදානත්වයෙන් යුත් මහනුවර තරුණ කවි සංගමය විසින් එය මෙහෙයවනු ලැබේ. විමලරත්න කුමාරගම කවියා විසින් රචනා කොට පළ කර කිරීමට නොහැකි වූ කවි එක් කොට මුද්‍රණය කරන ලද කාව්‍යමය ග්‍රන්ථය එළි දැක්වීම සිදු කෙරෙන්නේ ඉන් අනතුරුවය.

    පසුව එදින සවස් භාගයේදී කුමාරගම කවියා පදිංචි ව සිටි නිවසේ ශාන්තිකර්මයක්,පහන් පූජාවක් සහ සෙත්පිරිත් සජ්ජායනාවක් පැවැත්වීමට සැළසුම් කොට ඇති අතර, රාත්‍රියේදී විමලරත්න කුමාරාගම මහතා විසින් රචනා කළ කවි ඇසුරු කර ගෙන විශේෂ කවි සැදෑවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

    මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනේ ප්‍රධාන සංවිධායක්තවය දරන්නේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයයි. දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය සහ කුමාරගම පදනම ද මේ සදහා සහයෝගය ලබා දෙයි.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya