අගෝස්තු 18, 2022
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා - චීන සිසුන්ගේ ඒකාබද්ධ චිත්‍ර ප්‍රදර්ශනය

    ජූලි 24, 2018

    ශ්‍රි ලාංකික සිසුන් සමග චිනයේ,බෙයිජිං,ටියංජිං සහ හෙබෙයි නගරවල සිසුන් විසින් ඉදිරිපත් කරන ඒකාබද්ධ සිසු චිත්‍ර ප්‍රදර්ශනය ඊයේ (23) කොළඹ ප්‍රසාංගික හා දෘෂ්‍ය කළා විශ්ව විද්‍යාලයේ ,ජේ.ඒ.ඩී.පෙරේරා ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අධ්‍යක්ෂ ලියූ තුං, විදේශීය රටවල මිත්‍රත්වය සඳහා වන බෙයිජිං ජනතා සංගමයේ නියෝජිත ෂියු ජින්ෂයු මහත්මිය , ශ්‍රි ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර,යන මහත්ම මහත්මින් සහභාගි වුහ.

    බෙයිජිං හී පැවති ශ්‍රි ලංකා සංස්කෘතික සතිය පදනම් කොට 21 වන සියවසේ සේද මාවත සංකල්පය තේමාකොට මෙම ප්‍රදර්ශනය පැවැත්විණි. ප්‍රදර්ශනය සඳහා දෙරටේ සිසුන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර 100 ක් පමණ එක්කොට තිබු අතර ශ්‍රි ලංකා හා චීන සිසුන්ගේ කුසලතා හා දක්ෂතා ප්‍රදර්ශනය කිරීම අරමුණු කොට ගෙන දෙරටේ, සංස්කෘතික ,සමාජ ජීවිතය හා සංවර්ධනය පිළිඹිබුවන පරිදි මෙම චිත්‍ර නිර්මාණය කොට තිබේ.

    ප්‍රදර්ශනය සඳහා චිත්‍ර නිර්මාණය කළ චීනයේ සිසුන් සහ විදේශීය රටවල මිත්‍රත්වය සඳහා වන බෙයිජිං මිත්‍ර සංගමයේ උසස් නිළධාරින්ද,මෙම ප්‍රදර්ශනයට සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya