අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු පෞරාණික ග‍්‍රන්ථ රැසක් සංරක්‍ෂණ කර අවසන්

    පෙබරවාරි 27, 2018

    පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි ආරම්භක පියවරක් ලෙස, ගම්පහ දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන 55ක් සතුව තිබූ ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු 3,600කට අධික පෞරාණික ග‍්‍රන්ථ ප‍්‍රමාණයක් අනාගත පරපුර සඳහා සංරක්‍ෂණය කිරීමේ කටයුතු මේ වන විට අවසන්ව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    මීට අදාළව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එම පුස්කොළ පොත්වල පැවති තොරතුරු අළලා සකස් කරන ලද  ජාතික පුස්කොළ පොත් නාමාවලියේ පළමු වෙළුම  ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.

    අතීත ශ‍්‍රී ලාංකිකයන් තම දැනුම සහ තොරතුරු අනාගතය වෙනුවෙන් ආරක්‍ෂා කරගැනීමේ ප්‍රධාන  මාධ්‍යයක් ලෙස පුස්කොළ පොත් භාවිතා කරනු ලැබුවා. ශීඝ‍්‍රයෙන් අභාවයට යන මෙම සංස්කෘතික උරුමය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම සම්බන්ධව අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, පුස්කොළ පොත් සංරක්‍ෂණය කඩිනමින් සහ නිසි ප්‍රමිතියකින් සිදු කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත උපදෙස් ලබා දී තිබේ.

    දීර්ඝ කාලයක සිට නිසි පරිහරණයක් සහ ආරක්‍ෂක ක‍්‍රමවේදවලින් බැහැරව සිදු කළ ගබඩා කිරීම් නිසා මෙම ග‍්‍රන්ථවලින් වැඩි ප‍්‍රමාණයක් මේ වන විට විනාශයට පත් වෙමින් පවතී. එබැවින් ලංකාව පුරා විහාරස්ථානවල සහ පුද්ගලික එකතු ලෙස පවතින පුස්කොළ ග‍්‍රන්ථ නිසි පරිදි හඳුනාගෙන ආරක්‍ෂා කිරීමේ අරමුණින් මෙම සංරක්ෂණ වැඩසටහන ආරම්භ කර තිබේ.

    මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් විධිමත් පුහුණුවක් ලබා ඇති නිලධාරීන් කණ්ඩායමක් මෙම කාර්යය සඳහා යොදවා ඇති අතර, ඔවුන් විසින් නියමිත තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව සංරක්ෂණ කටයුතු සිදු ලැබේ. අනතුරුව මෙම පුස්කොළ පොත්වල අන්තර්ගතය අධ්‍යයනය කිරීමටත්, පුස්කොළ පොත් ස්කෑන් කොට දත්ත ගබඩාවක් ලෙස සකස් කිරීමට සහ අවසානයේ එම පුස්කොළ පොත්  විවරණ සහිතව සුචිගත කිරීමටත් පියවර ගැනේ.

    අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන්නේ, පුස්කොළ පොත්වල පවතින ඓතිහාසික වටිනාකම පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීමට ද අවධානය යොමු කළ යුතු බවයි. ඒ අනුව පුස්කොළ පොත් නිෂ්පාදනය කිරීම හා නිසි පරිදි සංරක්‍ෂණය කිරීම පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයෙහි ප‍්‍රදර්ශන කුටියක් ද නිර්මාණය කොට තිබේ. මීට අමතරව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පුස්කොළ පොත් සංරක්‍ෂණය පිළිබඳව අධ්‍යාපනික ප‍්‍රදර්ශන සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් දිවයින පුරා පාසල්වල මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක‍්‍රියාත්මක කරමින් සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya