අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නූතන චන්ද්‍රිකා තාක්ෂණය පුරාවිද්‍යා විනාශයන් වැළැක්වීමට යොදාගැනීම අප ලැබූ ජයග්‍රහණයක්

    ජූලි 08, 2014

    නූතන චන්ද්‍රිකා තාක්ෂණය පුරාවිද්‍යා අභිවෘද්ධිය සඳහා යොදාගැනීම අප ලැබූ විශාල ජයග්‍රහණයක් බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති 2014 පුරාවිද්‍යා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.


    මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, නවීන චන්ද්‍රිකා තාක්ෂණය මඟින් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පුරාවිද්‍යා භූමියන්ට සිදුවන බලපෑම් හා පුරාවිද්‍යා භූමියන් හී අනවසර ඉදිකිරීම් ආදිය හඳුනා ගත හැකි බවයි. අප රට පුරාවිද්‍යා ඝනත්වයෙන් ඉහළින් ම ඇති රටක්. මෙවැනි දියුණු තාක්ෂණයක් අපට යොදාගැනීමට හැකිවීම භාග්‍යයක් බවත්, මෙය අලුත් විෂයයක් හැටියට පුළුල් වන බවත් හෙතෙම පැවසීය. එමෙන්ම ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය මෙවැනි කර්තව්‍යයන් සඳහා අත හිත දීම ඇගයීමට ලක් කළ යුතුයි.


     පුරාවිද්‍යා විෂය සම්ප්‍රදානුගත විෂයයක් හැටියට පමණක් නොව, ආර්ථික සංවර්ධනයට ද භාවිත කළ යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සාම්ප්‍රදායානුකූල සංකල්පය ගෙන යමින් රටේ ආර්ථිකයට බලපාන සංස්කෘතික සංචාරකයින්, උරුම සංචාරකයින් පුළුල් කර ගත යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා මෙහි දී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,  පුරාවස්තු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කරන දේශන පුරාවිද්‍යා සමුළුවට සමගාමීව මෙම වසරේ දී ආරම්භ කරන බවයි. මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය භාවිත කරමින් අපේ ඓතිහාසික උරුමය රැකගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම්වල නියැළුණත් ඊට වඩා ඉදිරියට යමින් මෙවර පුරාවිද්‍යා සමුළුවට සමගාමීව ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම ප්‍රාදේශීය මට්ටමින් සිදුකිරීම ආරම්භ කර ඇති බවත්  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    මෙම අවස්ථාවේ දී පුරාවිද්‍යා ක්ෂේත්‍රයට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නේ මහතා විශේෂ දේශනයක් කළහ. ‍මෙම සමුළුවට සමගාමීව ජාතික උරුමයන් සුරැකීම වෙනුවෙන් පුරාවස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළ ආයතන හා පුද්ගලයින් ඇගයීමක් සිදුකෙරුණු අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන “දායාද” සඟරාව මෙහි දී එළිදැක්විණ.


    මෙම අවස්ථාව සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු වන ඩී.ජී. සමරසිංහ හා බර්නාඩ් වසන්ත, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි අධිකාරි, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරු වන ශිරාන් දැරණියගල, ඩබ්.ජී.එච්. විජේපාල ඇතුළු විද්වත්හූ විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya