අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නාමල් උයන සංරක්ෂණය කිරීමට මැදිහත්වන්න - වනවාසී රාහුල හිමි

    ඔක්තෝබර් 01, 2017
    දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති ජාතික නාමල් උයන මතුපරපුර සඳහා ආරක්ෂා කරමින්, සංරක්ෂණය කිරීම සඳහා ඍජුව මැදිහත් වන්නැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලීමක් කළහ. ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ජාතික නාමල් උයන ආශ්‍රිත භූමී ප්‍රදේශය සංචාරක අකාර්ෂණය බහුලව දිනාගෙන ඇති ප්‍රදේශයක් බැවින් එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, සංරක්ෂණය කිරීමත් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සිදුකරන ලෙස උන්වහන්සේ මෙහිදී ඉල්ලා සිටියහ. එමෙන්ම මෙය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා ප්‍රවේශ පත්‍රයක් නිකුත් කොට එම ආදායම බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය කිරීම උදෙසා යොදා ගන්නා ලෙස ඉල්ලා සිටියේ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් වර්තමානයේ ‍බෞද්ධ වෙහෙර විහාර සංවර්ධනයට දියත් කර ඇති වැඩසටහන පිළිබඳව ප්‍රසාදය පළ කරමිනි.
     
    ප්‍රදේශය සංරක්ෂණය කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැති හෙයින් තමන් වහන්සේ ගැටළු රාශීයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් පුජ්‍ය වනවාසී රාහුල හිමියන් මෙම සියළු කරුණු සොයා බලා ඒ සඳහා වහා විසඳුම් ලබාදීමේ අවශ්‍යතාවද සිහිපත් කළහ. මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පුරාවිද්‍යා ‍දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා අනෙකුත් ආයතන සමඟ සාකච්ඡා කොට ජාතික නාමල් උයන ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට තමන් නායකත්වය දීමට සුදානම් බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya