අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන සමුළුව ශ්‍රී ලංකාවේ දී

    අගෝස්තු 11, 2017
    ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 14 වන සමුළුව ඔක්තෝබර් 27 සිට 30දා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මහනුවර පල්ලෙකැලේ පළාත් සභා සම්මන්ත්‍රණ ශාලාව සහ ගලේවෙල මිල්ලවාන මහ විදුහල යන ස්ථානවලදී පැවැත්වේ.
     
    ලෝකය පුරා සිටින ථේරවාද, මහායාන, තන්ත්‍රයාන, වජ්‍රයාන සහ සෙන් බෞද්ධාගමික තරුණ භික්ෂූන් වහන්සේලා දහසක පමණ පිරිසක් සහභාගිවන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ තෙවන වරටයි. 
     
    2004 වර්ෂයේ දී නේපාලයේ දී පැවති ආරම්භක සමුළුවෙන් අනතුරුව මැලේසියාව, තායිලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, බෙල්ජියම සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල දී මෙම සමුළුව මෙතෙක් පවත්වා තිබේ.
     
    මෙම සමුළුව හරහා වෙහෙර විහාර සංවර්ධන කටයුතු සහ ධර්මදූත කාර්යයන් සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සමුළුවට සහභාගිවන තරුණ භික්ෂූන් වහන්සේලා විසින් අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි. 
     
    සමුළුවේ සමාප්ති උත්සවය ගලේවෙල මිල්ලවාන මහ විදුහලේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගලේවෙල මිල්ලවාන විදුහලේ දී පැවැත්වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya