නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රූපවාහිනී සම්මාන උළෙල හෙට

    දෙසැම්බර් 27, 2015

    වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් 12 වන වරට පවත්වනු ලබන 2015 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල හෙට (28) ප.ව. 6.00 ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ද සහභාගි වෙති.

     

    මෙහිදී 2014 වර්ෂයේ රුපවාහිනී නාලිකා මගින් විකාශය කරන ලද හොඳම රූපවාහිනී ප්‍රසාංගික නාට්‍යය , හොඳම රූපවාහිනී ඒකාංගික නාට්‍යය, හොඳම රූපවාහිනී නළුවා. හොඳම රූපවාහිනී නිළිය, හොඳම රූපවාහිනී ප්‍රසාංගික නාට්‍යය අධ්‍යක්ෂක, හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය, හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක, හොඳම රූපවාහිනී ඒකාංගික නාට්‍යය, හොඳම රූපවාහිනී සංගීත වැඩ සටහන, හොඳම රූපවාහිනී සගරාමය වැඩ සටහන , ආදී අංශ 35 ක සිංහල හා දෙමළ විශිෂ්ට කලාකරුවන් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

     

    රූපවාහිනී කෙටි චිත්‍රපට සඳහා ස්වර්ණ, රජත හා ලෝකඩ පදක්කම් ද පිරිනැමේ. රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම හා එම ක්ෂේත්‍රයේ නියලී සිටින නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් අගය කිරීමේ අරමුණෙන් මෙම උළෙල පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya