නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ පිටිසර දේවාල තුනකට නව බස්නායක නිලමේවරුන්

    ජූනි 25, 2015
    මහනුවර දිස්ත්‍රික්කයේ පිටිසර දේවාල තුනක් සඳහා ඉදිරි වසර පහක කාලය සඳහා නව බස්නායක නිලමේවරුන් තිදෙනෙකු අද (25) තෝරා පත් කර ගෙන ඇත.
     
    ඒ අනුව ගනේගොඩ ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස එන්.ටී. බණ්ඩාර ඇටිපොළ මහතා තේරී පත්වූ අතර ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස ඒ.ඩබ්.එස්. බණ්ඩාරනායක මහතා තේරීපත් විය. සීවලී නාමල් බණ්ඩාර නුගේගොඩ මහතා තේරී පත්වූයේ වල්ලහගොඩ ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය සඳහායි.
     
    මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස් පරාක්‍රම ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නායක නිලමේවරුන් තේරීමේ නිලවරණය සිදු කෙරිණි. තේරී පත්වූ නිලමේවරුන් තිදෙනාම නිතර‍ගයෙන් තේරීපත්වීම විශේෂත්වයකි.
     
    විහාර දේවාලගම් ආඥා පනතේ 08 වැනි වගන්තිය ප්‍රකාරව මෙම දේවාල සඳහා බස්නායක නිලමේවරු තෝරා පත් කර ගැනීමේ කටයුතු සිදු විය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරු සහ ඇතුළු බෞද්ධ සිද්ධස්ථානවල ගිහි භාරකරුවෝ ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
     
    NDH/dmu_Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya