කලාභූෂණ සම්මාන සඳහා ලේඛකයන්, පාරම්පරික චිත්‍ර , මූර්ති , කැටයම් කලාකරුවන්, ලාක්ෂා, වියමන්, රූකඩ, නාට්‍ය, නර්තන, බෙරවාදන, සංගීත ශිල්පීන් හා ජන කලාකරුවන් ආදී සියලු ම කලා ක‍්ෂේත්‍ර නියෝජනය කරනු ලබන කලාකරුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් තොරාගැනීමට නියමිතය.
2015 දෙසැම්බර් 15 වන දිනට වයස අවු. 60 ඉක්ම වූ සුදුසුකම් ලත් කලාකරුවන්ට පමණක් කලාභූෂණ සම්මාන සඳහා ඉල්ලුම් කළ හැකි අතර ඒ සඳහා අවශ්‍ය අයදුම්පත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාලවලින් දැන් ලබාගත හැකිය.
නියමිත අයදුම්පත සම්පූරණ කර දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද, තමන් ලබාගත් සහතිකවල ඡායාපිටපත් සහ අයදුම්පත දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සමඟ ඉදිරිපත් කළ යුතුවෙයි. නැතහොත් අදාළ ප්‍රදේශයේ සංස්කෘතික නිලධාරිවරයාට ද බාරදිය හැකිය.
2014 වසරේ කලාභූෂණ සම්මාන සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන් නැවත මේ වසරේ ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.
අයදුම්පත් බාරගැනිම මැයි 30 වන දින අවසන් වන අතර මේ පිළිබඳ ව වැඩි විස්තර 011 2872031 දුරකථනයෙන් විමසිය හැකිය.
DB