අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 108 ක් රැගෙන, මත්තලට පැමිණි පළමු වානිජ ගුවන් ගමන සිදුවී වසර 09 යි

    මාර්තු 18, 2022

     ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 108 ක් රැගෙන, මත්තලට පැමිණි පළමු වානිජ ගුවන් ගමන සිදුවී වසර 09 යි

    හරියටම අදින් (18) වසර 09 කට පෙර විවෘත වූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර රැසක සිට ශ්‍රීලාංකික මගීන් 108 ක පිරිසක් රැගත් පළමු වානිජ ගුවන් යානාව පැමින වසර 09 ක් ගතවේ. ඒම පළමු වානිජ ගුවන් ගමනට ඇමරිකා එකසත් ජනපදයේ වෙසෙන ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන් මෙන්ම රාජතාන්ත්‍රිකයන් ඇතුළු ශ්‍රීලාංකිකයන් පිරිසක් ඒක්විය . ඇමරිකාවේ ප්‍රධාන නගර රැසක සිට එමිරේට්ස් ගුවන් සේවය ඔස්සේ ඩුබායි ගුවන්තොටුපොලට පැමිණි මෙම ශ්‍රී ලාංකික පිරිස ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් එයාර්බස් A 340-200 ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපොලට පැමින ඇත.

    නව ජාත්‍යන්තර ගුවන්තොටුපොලක අවශ්‍යතාවය ශ්‍රී ලංකාවට 21 වන සියවසේ ආරම්භයත් සමගම පෙනී ගොස් තිබූ බැවින් ඒ සඳහා සුදුසු බවට හඳුනාගත් මත්තල ප්‍රදේශයේ නව ජත්‍යන්තර ගුවන්තොටුපොලක් ඉදිකිරීම ආරම්භ වන්නේ 2009 වසරේ නොවැම්බර් මස ය. මෙයින් වසර 09 කට පෙර එනම්, 2013 මාර්තු මස 18 වන දින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා රටට දායාද වන්නේ ඒ අනුව ය.

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල විවෘත කිරීමත් සමග ඩුබායි සිට පැමිනි පළමු වානිජ ගුවන් ගමන සංවිධානය කිරීමෙහි මූලිකත්වය ගෙන එදා ඇමරිකාවේ සිට කටයුතු කලේ වර්ථමාන ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතාය. මෙම පළමු ගමනට, නව වසරක් සපිරෙන මේ මොහොතේ ඒ පිළිබඳව අප කල විමසුමකි.

    (උපුල් ධර්මදාස මහතා - සභාපති, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය)

    සභාපතිතුමනි, පළමුවෙන්ම මෙවැනි ගුවන් ගමනක් සංවිධානය කරන්න මේ පිරිස එක්වුනේ ඇයි කියන කාරණාව අපි පැහැඳිළි කළොත්,

    ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රීලාංකිකයන් හැටියට අපට අවශ්‍ය වුනා මත්තල ගුවන්තොටුපොලේ ආරම්භක අවස්ථාව වෙනුවෙන් යම් නොමැකෙන මතක සටහන් එක්කරන ආකාරයේ දෙයක් කරන්න. මොකද මෙවැනි අවස්ථාවක් උදාවෙන්නේ ඉතා කලාතුරකින්. සමහර විට අපි වගේ රටකට අපේ ජීවිත කාලයටම ලැබෙන එකම අවස්ථාව මෙය වෙන්නත් පුළුවන්. යම් රටක අළුතින් ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් එක්වෙනවා කියන්නේ අමතර වටිනාකමක් එක්වන අවස්ථාවක්. ඒ නිසා අපි කටයුතු සංවිධානය කළා අළුත් ගුවන්තොටුපොලට එන පළමු වානිජ ගුවන් යානවෙන්ම ගොඩබහින්න ඕනෑ කියල. මේ ශ්‍රිලාංකිකයන් පිරිස ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වලින් තමයි මෙම ගුවන් ගමනට එක්වනේ. ඒ පිටුපස විශාල කාර්යභාරයක් සිදුවන්න ඇති.

    ඇත්තෙන්ම, ඒ අනුව ඇමරිකාවේ නිව්යොර්ක්, ලොස් ඇන්ජලීස්, ඩලස්, ෆෝට් වර්ත්, චිකාගෝ, හියුස්ටන්, බොස්ටන්, ෆ්ලෝට් ලොඩඩෙල් වගේ ප්‍රදේශ ගනනාවක වෙසෙන ශ්‍රීලාංකික ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන්, නිලධාරීන් ඇතුළු 108 දෙනෙකුගෙන් යුත් පිරිසක් තමන් වෙසෙන ප්‍රදේශ වල ඉදලා 2013 මාර්තු 16 වනදා ඩුබායි බලා පැමිණියේ එහි ආරම්භක පුරුක ලෙසයි. එයට හේතුව තමයි ඩුබායි ගුවන්තොටුපොල කේන්ද්‍රස්ථානයක් බවට පත්කරගැනීම මෙම ගමනට පහසුවක් වන බව අපට වැටහී යාම. ඉන් අනතුරුව අපේ සැලසුම වුනේ නව ගුවන්තොටුපලේ ආරම්භක අවස්ථාවට සමගාමීව පළමු වානිජ ගුවන් යානාව ලෙස ඒ පිරිස රැගත් යානාව ගොඩබැස්සවීමයි.

    මේ සඳහා අපේ කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඩුබායි බලා පැමිනි එයාර්බස් A 340-200 යානාවක් කුලී ගුවන් ගමනක් සඳහා වෙන්කරවාගත්තා. එදා ඒ ආකාරයෙන් ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොල වර්ථමානය වන විට විවිධ පැතිකඩ ඔස්සේ ගුවන්සේවාව හරහා ජාතික ආර්ථිකයට සවියක් වන්නට හැකි ලෙස කටයුතු කිරීම පිළිබඳව සිතට දැනෙන්නේ ලොකු සතුටක්.
    විශේෂයෙන් මෙම පළමු වානිජ ගුවන් ගමන සංවිධානය කිරීම වෙනුවෙන් මුල් වී කටයුතු කළ මා හට ඒ සතුට මේ විදියට වචනයෙන් නිම කරන්න බැහැ.

    ma5

    (පළමු වානිජ ගුවන් ගමනින් පැමිණි සභාපති උපුල් ධර්මදාස මහතා කපිතාන්වරයා සමග)

     

    සභාපතිතුමනි, කොවිඩ් රෝග වසංගත තත්වය හමුවේ දෙවන ගුවන්තොටුපොලක්රටතුල තිබීමේ වටිනාකම ඉහළින්ම දැනුනා නේ ද?

     

    අපි කොවිඩ් තත්වය හේතුවෙන් චීනයේ වූහාන් හි රැදී සිටි ශ්‍රීලාංකිකයන් පිරිස රැගෙන පැමිනි ගුවන් ගමන සමස්ථ ශ්‍රීලාංකිකයන්ගේම හදට දැනුන අවස්ථාවක්. මේ ගුවන් ගමන පැමිනියේත් මත්තල ගුවන්තොටුපොලට. ඒ වගේම ඉන් පසු මාස ගනනාවක් අඛණ්ඩව ක්‍රියාත්මක වුන ශ්‍රීලාංකිකයන් මුදාගැනීමේ ගුවන් ගමන් සෞඛ්‍ය උපදෙස් පරිදි මෙහෙයුම් කරන්න අවශ්‍ය නිසා බොහොමයක් මත්තලට යොමුකලා. විශේෂයෙන් ඒ මෙහෙයුම් සඳහා මත්තල ගුවන්තොටුපොල වෙන්කර තබන්නට පවා කටයුතු කලා. ඒ වගේම අමතක කරන්න බැහැ ඒ වකවානුවේ ඇරඹි නාවික කාර්යමණ්ඩල හුවමාරුව. මමත් ඒ වැඩපිළිවෙල ආරාම්භ කිරීම වෙනුවෙන් මූලිකව කටයුතු කල අයෙකු හැටියට එම වැඩපිළිවෙල හරහා ශ්‍රී ලංකාව ඒ සඳහා සුදුසුම ස්ථානයක් බවට නාවික ක්ෂේත්‍රය තුල ඉහළ ප්‍රසිද්ධියක් ලබාදෙන්න හැකිවුනා. ඒ ඔස්සේ නාවික ක්ෂේත්‍රයත්, ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයත් අපට සම්බන්ධ කරන්න හැකිවුනා. එහි මුල් පුරුක මත්තල ගුවන්තොටුපොල.

     

    ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය හා දශක පහක පමන ජාත්‍යන්තර අත්දැකීම් ලත් ප්‍රවීණයෙකු ලෙස ඔබ දකින ආකාරයට මත්තල ගුවන්තොටුපොල තවදුරටත්
    සංවර්ධනය කරන්න ගතයුත්තේ කෙබඳු ආකායේ ක්‍රියාමාර්ග ද?

    දැනටමත් ඒ වෙනුවෙන් පියවර රාශියක් ගෙන තිබෙනවා. විශේෂයෙන් එහි පැමිනෙන ගුවන්යානා සහ මගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ බොහොම නම්‍යශීලී ක්‍රමවේදයක්. එය දෙවසරක පමන කාලයක් සඳහා එලෙසම පවතීවි. ඒ වගේම නව ගුවන් සමාගම් කිහිපයක් තමන්ගේ ගමනාන්තයක් බවට මත්තල පත්කරගන්න සූදානමින් සාකච්ඡා පවත්වා තිබෙනවා.

    ඒ වගේම නාවික හුවමාරුව වෙනුවෙන් මත්තල ගුවන්තොටුපොල තවදුරටත් ප්‍රචලිත කල හැකියි. අධිවේගී මාර්ග පද්ධතිය ගුවන්තොටුපොල හා ජාලගත වී ඇති බැවින් සංචාරක සහ වෙළඳ ගුවන්යානා ගෙන්වා ගැනීම පහසු වනු ඇති බවයි මගේ විශ්වාසය. ඒ වගේම දකුනේ සහ අවට පලාත්වල කෘෂි සහ වෙනත් වෙළඳ භාණ්ඩ අපනයනය සඳහාත් ගුවන්තොටුපොල හඳුන්වා දීමේ අවස්ථාවක් පවතිනවා.

     
    ඒ වගේම කියන්න අවශ්‍යයි ඇමරිකාවේ වෙසෙන් ශ්‍රීලාංකිකයන් හැටියට මාගේ මූලිකත්වය යටතේ මේ ගුවන් ගමන සංවිධානය කරන විට එවක ඇමරිකානු ශ්‍රී ලංකා තානාපති, ජාලිය වික්‍රමසූරිය, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඇමරිකානු සහ කැනේඩියානු නියෝජිතවරයා ලෙස කටයුතු කල ඩිලාන් ආරියවංශ වගේම එවක ගුවන්තොටුපොල සභාපතිවරයා ලෙස කටයුතු කල ප්‍රසන්න වික්‍රමසූරිය යන මහත්වරුන් ඉටුකල කාර්යභාරය පිළිබඳව සිහිපත් කරන්න අවශ්‍යයි. එවක ඇමරිකාවේ තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා විසින් මෙම මගීන් 108 දෙනාගේ රාජ්‍යතාන්ත්‍රික
    කටයුතු සිදුකරන අතර ඩිලාන් ආරියවංශ මහතා තමයි ශ්‍රීලංකන් ගුවන් යානාව සම්බන්ධීකරනයෙන් සහයෝගය ලබා දුන්නා.

     

    ප්‍රසන්න රණතුංග -සංචාරක අමාත්‍යprasanna5

    අපේ රටේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරාගන්නට ගුවන්සේවා පාර්ශවයෙන් සක්‍රීය දායකත්වය සපයන්න හැකි ලෙස මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉදිකර එය මෙහෙයුම් සඳහා එක්කර වසර නවයක් ගතවන අද දින ඒ වෙනුවෙන් විවිධ අයුරින් කැප වුන පිරිසට කෘතවේදීත්වය පලකරන්න මා මෙය පළමුවෙන්ම අවස්ථාවක් කරගන්නවා.
    කොවිඩ් රෝග වසංගත තත්වය හමුවේ නොබියව ගුවන් ප්‍රවාහන කර්මාන්තයට අවස්ථාව උදාවුනේ ඔවුන් එදා නොපැකිල ගත් තීරණය නිසා බවයි මගේ අදහස. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල අනුව යමින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල කලාපීය ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්ථනය කරන්නට රේඛීය අමාත්‍යාංශය ලෙස අප බොහෝ සංවර්ධන කටයුතු සහ ව්‍යාපාරික සැලසුම් සකස් කර තිබෙනවා. කොවිඩ් රෝග වසංගත තත්වය යටතේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල සක්‍රීයව සිටිමින් මුදාගැනීම් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම, නාවික කාර්යමණ්ඩල හුවමාරුව, සංචාරක කුලී සහ වෙළඳ ගුවන් ගමන්වාර ක්‍රියාක්මක කිරීම මෙන්ම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය යටතේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වැනි කාර්යන් බොහොමයකට සම්බන්ධ වුනා.

     

    ඩී. වී. චානකchanaka3
    ගුවන්සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය


    ස්ථානීය පිහිටීම අනුව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ජාතික ආර්ථිකය සවිමත් කරන්න අනාගතයේ දී අමිල සේවයක් ඉටුකරන වග අපට විශ්වාසයි. විශේෂයෙන් සංචාරක ගමනාන්ත, රුහුණු මාගම්පුර වරාය වැනි අංග හේතුවෙන් එය පහසුවක් වේවි. අපනයන ආර්ථිකයට දැනෙන හැගෙන අත්වැලක් සපයන්න අපි මේ වන විට අවදානය යොමුකර තිබෙනවා.
    ඒ වගේම නාවික කාර්යමණ්ඩල හුවමාරුවේ දී මත්තල ගුවන්තොටුපොල සූවිශේෂී මෙහෙවරක් කරමින් ශ්‍රී ලංකාව නාවික ක්ෂේත්‍රයතුල ප්‍රසංසනාත්මකව කථාබහට ලක්වූ ගුවන්තොටුපොලක් බවට පරිවර්ථනය වුනා.

     chan

    විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි
    ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ වත්මන් සභාපති


    දැනට ලෝකයේ පවතින ඕනෑම ප්‍රමාණයේ ගුවන්යානාවක් පහසුවෙන් හසුරවන්න හැකි ලෙස අපේ රටේ ප්‍රධානතම ගුවන් මධ්‍යස්ථානයක් ලෙස මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල සකස් වී තිබීම වර්ථමානය වන විට ගුවන්සේවාවට ශක්තියක්. ඒ බව පසුගිය කොවිඩ් රෝග වසංගත තත්වය හමුවේ මත්තල ගුවන්තොටුපොල දැක්වූ දායකත්වය පිළිබඳ සැලකීමේ දී අපට වැටහුනු කාරනාවක්. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන්තොටුපොල ලෙස කටුනායක බණ්ඩාරනයක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ක්‍රියාත්මක වන විට, මත්තල ගුවන්තොටුපොල පසුගිය වසර නවය පුරාම නිහඩව එහෙත් සක්‍රීයව තම දායකත්වය ගුවන්සේවා කර්මාන්තය වෙනුවෙන් සැපයූවා. මේ වන විට මත්තල ගුවන්තොටුපොල ගමනාන්තයක් කරගන්නට බොහෝ ගුවන් සමාගම් කටයුතු කරමින් සිටිනවා.

     

    ප්‍රසන්න වික්‍රමසූරිය wik
    හිටපු සභාපති
    ගුවන් තොටුපල හා ගුවන් සේවා ( ශ්‍රී ලංකා ) සමාගම

    මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ආරම්භ කිරීමට දායකවීම පිළිබඳව සතුටට පත් වෙනවා. එදා ගුවන් මඟින් 108 රැගත් ගුවන් යානයක් පළමුව මත්තලට පැමිණීම ඓතිහාසික හැරවුම් ලක්ෂයක්.අනාගතයේ දී මත්තල ගුවන් තොටුපල රටේ ආර්ථිකයට ශක්තියක්. සංචාරක කර්මාන්තය ඇතුළු ආයෝජන අවස්ථා මෙම ගුවන්තොටුපල ඔස්සේ අපට ළඟාකරගත හැකියි.

     

    jali

    ජාලිය වික්‍රමසූරිය
    ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති


    ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය අත්කරගනිමින් පැමිනි දියුණුවට සමගාමීව දෙවන ගුවන්තොටුපොලක අවශ්‍යතාවය අපට පැනනැගුන අවස්ථාවේ දී ඒවෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව රාජතාන්ත්‍රිකයෙකු හැටියට මම බොහොම සතුටු වුනා. ඒ අනුව මත්තල ගුවන්තොටුපොල විවෘතයට සමගාමීව ඇමරිකාවේ වෙසෙන ශ්‍රීලාංකිකයන් පිරිසක් එක්වී සංවිධානය කල පළමු ගුවන් ගමනට තානාපති අංශය හැටියට අප ඉහළ සහයෝගයක් ලබා දුන්නා.

    කොවිඩ් කාලයේ ශ්‍රී ලංකවේ සක්‍රීය සහ පහසුකම් සහිත දෙවන ගුවන්තොටුපොලක් තිබීමේ වටිනාකම අපට හොඳින් වැටහුනා. ඒ ඔස්සේ නාවික කාර්යමණ්ඩල හුවමාරුව වැනි ලෝකය හා ජාලගතවන නව ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරන්නට කටයුතු කිරීම ඉතා වැදගත් පියවරක් ලෙසයි මා දකින්නේ. වර්ථමානය වන විට කොළඹ හා මත්තල දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා යා කරන්නට හැකිවීම ඉදිරියේ දී ගුවන්තොටුපොල තවදුරටත් දියුණු වන්න මහත් රුකුලක් වන බව තමයි මගේ අදහස. අදට යෙදෙන නව වන සංවත්සරයට මාගේ උණුසුම් සුභපැතුම් එක්කරන්නත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.

    ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය දිනෙන් දින සීඝ්‍ර දියුණුවට ලක්වන්න ක්. ගුවන් ප්‍රවාහනය සතුව පවතින විධිමත් බව, කාර්යක්ෂමතාවය, සුරක්ෂිතතාවය මෙන්ම වේගවත් භාවය ද මෙම දියුණුවට නිබඳවම අත්වැල සපය යි. කොවිඩ් රෝග වසංගත තත්වය හමුවේ හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් සැපයුම් ජාලය සවිමත් කර අඛණ්ඩව පවත්වා ගනිමින් ප්‍රවාහන සේවා සපයන්නට ගුවන් ප්‍රවාහනයට හැකිවීම මෙයට ආසන්නතම උදාහරණය ලෙස පෙන්වා දිය හැකිය.

    mattala op


    නිලන්ත තෙන්නකෝන්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya