පාර්ලිමේන්තුවේ නව සභාවාරයේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද කතාව.
ගරු කථානායකතුමනි,
ගරු අග‍්‍රාමාත්‍යතුමනි, ගරු ඇමතිවරුනි,ගරු මන්තී‍්‍රවරුනි,ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අටවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය සමාරම්භ කෙරන මේ මොහොතේ ඊට සහභාගී වී සිටින ඔබ සැමට ශ‍්‍රී ලංකාවාසී ජනතාවගේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප‍්‍රධානියා වශයෙන් ද මාගේ ශුභාශිංසන පිරිනමමි.
මා විසින් වර්ෂ 2018ක් වූ අපේ‍්‍රල් මස 15 වන දින නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව, අටවන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරන ලද බව ඔබ දන්නා කරුණකි. එකී අටවන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ, ඉහත කී 70 වන වගන්තිය සහ, 32 සහ 33 වන වගන්ති ප‍්‍රකාරව අද දින මෙලෙස සමාරම්භ කෙරෙන බව දැනුම් දෙනු කැමැත්තෙමි. මෙම අවස්ථාවේදී සිදු වන්නේ, අප රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව, එක් පාර්ලිමේන්තු සැසිවාරයක් වාරාවසාන කොට නව පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කිරීමයි.
වර්ෂ 2015 සැප්තැම්බර් මස පළමු වන දින, අට වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් මා විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රකාශයේම දිගුවක් ලෙස මෙම ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.
විශේෂයෙන්ම, වර්තමාන ආණ්ඩුවට වරමක් ලබා දුන් ජනතාවගේ ප‍්‍රධානතම ඉල්ලීම බවට පත්ව තිබූ, ශ‍්‍රී ලාංකික සමාජය යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදී, මානවවාදී, සහ වගවීමෙන් යුතු සමාජයක් බවට පත් කරලීමේ කාර්යය පසුගිය වසර තුනක කාලය තුළ සාර්ථකව ඉටු වී ඇති බව, විවේචන මධ්‍යයේ වුවද, ඔබ සැම පිළිගනු ඇතැයි මම විශ්වාස කරමි.
2015 ජනවාරි 08 වැනි දින, මෙරට ජනතාව විසින් ජනාධිපතිවරයා වශයෙන් මා පත් කර ගැනීමෙන් අනතුරුව, ඉහත කී ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා, එවකට පැවති 7 වැනි පාර්ලිමේන්තුව සහ මෙම සභාව නියෝජනය කරන 8 වන පාර්ලිමේන්තුව විසින් ලබා දුන් සහයෝගය මම කෘතඥතාපූර්වකව සිහිපත් කරමි.
2015 ජනවාරි 08 දින මාගේ නායකත්වය යටතේ පිහිටවනු ලැබූ ආණ්ඩුවේ ධුර කාලය තුළ, ක‍්‍රියාත්මක වූ 7 වැනි පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත් ජනතාවාදී අනපනත් කිහිපයක් තිබේ.
- 2015 මාර්තු මස සම්මත කරගනු ලැබූ දුම්කොළ හා මධ්‍යසාර ජාතික අධිකාරිය පිහිටුවීම පිළිබඳ සංශෝධන පනත,
- 2015 මාර්තු මස සම්මත කරගනු ලැබූ ජාතික ඖෂධ පනත,
- 2015 මැයි මස සම්මත කරගනු ලැබූ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබු 19 වන සංශෝධනය, මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.
විශේෂයෙන් ම, ඉහත සඳහන් කළ අණ පනත් සම්මත කර ගැනීම, ශ‍්‍රී ලංකා පාර්ලිමේත්තු ඉතිහාසය තුළ අද්විතීය සිදුවීමකි. මේ සඳහා පාදක වන සුවිශේෂී කරුණු දෙකක් වෙත මෙහිදී මාගේ අවධානය යොමු වේ.
රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ කිසිදු අගතියකින් තොරව ජාතික සම්මුතියකට ඒකරාශී වීම සුවිශේෂී වේ. 2015 ජනවාරි මස සිට ජූනි මස දක්වා පැවති, 7 වන පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බැලීමේදී, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 142 ක් හිමිව තිබු අතර පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍යවරයා නියෝජනය කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබුණේ ආසන 47 කි.
කෙසේ වුවත්, සාම්ප‍්‍රදායික වශයෙන් පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබෙන එදිරිවාදී දේශපාලනය පසෙකලා, ජාතික අවශ්‍යතාවයන් සාක්ෂාත් කරලනු වස් අප රටේ දේශපාලන පක්ෂවලට සාමූහිකව කටයුතු කළ හැකි බව සනාථ කළේය.
ශ‍්‍රී ලංකාව නිදහස ලැබූ දා පටන්, රට තුළ ගොඩ ගැසුණු සහ නොවිසඳුණු ජාතික මට්ටමේ ප‍්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව, සාකච්ඡාව සහ සම්මුතිය තුළ ගැබ්ව ඇති බව මෙයින් මනාව තහවුරු කෙරිණි.
ඒ අනුව,
1. දශක තුනකට අධික කාලයක් පුරා යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකිව තිබූ සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය අද යථාර්ථයකි.
2. දුම්වැටි පිළිබඳ සියයට අසූවේ රූපමය අවවාදය, නව දුම්කොළ සහ මධ්‍යසාර පනත මගින් ක‍්‍රියාවට නැගී තිබේ.
3. ශ‍්‍රී ලංකාවේ මෑතකාලීන ඉතිහාසය තුළ, එක් දේශපාලන කරුණකට එරෙහිව ගොනු වූ වැඩිම විරෝධය එල්ල වූයේ විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහිවය. එහෙත්, එදා මෙදා තුර විධායක ක‍්‍රමයට එරෙහි වූ කිසිවකුට එහි බලය සිඳිමට හැකි වූයේ නැත. සැබවින්ම, සිදු වූයේ එහි බලය අත්තනෝමතික අන්දමින් වර්ධනය වීමයි. එහෙත්, 2015 මැයි මස 15 දින, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය අනුව ජනමත විචාරණයකින් තොරව සිදු කළ හැකි උපරිම බල කප්පාදුව සිදු කිරීමට හැකි වීම සම්මුතිවාදී දේශපාලනයේ සැබෑ ශක්‍යතාවයි.
ජනවාරි 08 වන දා ඇරඹු දේශපාලන පෙරළිය තවදුරටත් යථාර්ථයක් වීම පිණිස 2015 අගෝස්තුවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව 08 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ බහුතර මන්ත‍්‍රීවරුන් පසුගිය වසර තුන පුරා කටයුතු කර ඇති බව සඳහන් කරන්නේ ගෞරව පූර්වක ස්තුතිය පෙරදැරි කරගනිමිනි. එම කාල වකවානුව තුළ ඔබ විසින් සම්මත කරගනු ලැබූ අණ පනත් බොහෝමයක් රටේ ආර්ථික කළමනාකරණයට අදාළ ඒවාය. ඒ අනුව පසුගිය වසර තුන තුළ ඉදිරිපත් කළ විසර්ජන පනත් දෙකට අමතරව ආර්ථික ක්ෂේත‍්‍රයට අදාළ පනත් 18 ක් ඔබ විසින් සම්මත කොට ගෙන තිබේ. ඒ සියලු අණ පනත් සම්මත කොට ගත්තේ අද අප ඉදිරියේ පවතින රුපියල් ටි‍්‍රලියන 10. 3 ක් වන (රු. කෝටි දශලක්ෂයකට අධික) මහා ණය කන්ද කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිවය. එසේම රටේ ආදායම ඉහළ නැංවීමට ඉවහල් වන තවත් පනත් ගණනාවක් හඳුන්වාදී තිබේ.
භාෂණයේ නිදහස ශක්තිමත් කරමින්, 2016 අගෝස්තු මාසයේදී විවාද කොට සම්මත කරගනු ලැබු තොරතුරු දැනගැනීමේ පනත අද ආසියාවේ ශක්තිමත්ම, පුරවැසියන් බලසතු කරන්නා වූ නීතියක් ලෙස සැලකෙයි.
සර්වජන ඡන්ද බලය යථාර්ථයක් කරලීම උදෙසා 2017 නොවැම්බරයේදී, අප පළාත් පාලන ඡන්ද විමසීමේ පනත සංශෝධය කොට සම්මත කර ගැණිනි.
එසේම, තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගනු පිණිස, 2017 ඔක්තෝබරයේදී තිරසර සංවර්ධන පනත සම්මත කර ගැනීමට හැකි විය.
සංක‍්‍රාන්තික යුක්තිය සහ සහජීවනය ඇති කරලීම සඳහා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත සහ වින්දිතයින් හා අපරාධ නඩුවක සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා හඳුන්වාදුන් පනත ද මෙහිලා සඳහන් කළ යුතුමය.
ගරු කථානායකතුමනි,
මේ ආණ්ඩුව විසින් සිය ධුර කාලය තුළ ජනතාවට ලබා දී ඇති ජයග‍්‍රහණ සමහරක් ගැන අවධානය යොමු කළ යුතු යැයි මම විශ්වාස කරමි.
2010 වර්ෂයේ සිට රටට අහිමි වූ ජී.එස්.පී. බදු සහනය නැවත ලබාගැනීමට අපට හැකි විය. එමගින් භාණ්ඩ 6600 ක් සඳහා වාසිය රටට අත්කර දීමට සමත් වූ අතර, සමස්ත ආදායම ඉහළ නංවා ගැනීමට හැකි විය. ඇඟලුම් හා මත්ස්‍ය අපනයනය ඉන් ප‍්‍රමුඛ වේ.
මහනගර සංවර්ධනය හා වරාය සංවර්ධන ව්‍යාපෘති යළි ශක්තිමත් ලෙස ආරම්භ විය.
අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කොට තිබේ. නීතිය සහ විධානය කිසිදු බලපෑමකින් තොරව රට තුළ කි‍්‍රයාත්මක වෙයි. රටේ නීතියේ බලය ස්ථාවරව තිබේ. අනීතික අත්අඩංගුවට ගැනීම් සඳහා කිසිදු ඉඩක් නැත.
නීතිය හා සාමය පිළිබඳ අවධානය යොමු කිරීමේදී 2014 වර්ෂයේ සිට 2018 දක්වා බරපතළ ගණයේ අපරාධ 30% කින් අඩුකර ගැනීමට හැකි විය.
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2017 වසරේදී රුපියල් මිලියන 13,200 ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලැබූ අතර, 2016 වසරේ ශුද්ධ ලාභය වූ මිලියන 1100 ක් සමග සසඳන විට මෙය 100% ක වර්ධනයකි. වරාය ක්ෂේත‍්‍රයේ දී ආර්ථික සහ සංවර්ධන ජයග‍්‍රහණ රාශියක් අප ලබා ඇත.
ඇ.ඩො. බිලියන 15.1 ක් වූ 2017 වසරේ ශ‍්‍රී ලංකාවේ අපනයන ආදායම මෑත වාර්තා වූ ඉහළම අගය වේ.
නව තාක්ෂණය ප‍්‍රචලිත කිරිම සඳහා, පාසල් පද්ධතිය තුළ සහ රාජ්‍ය අංශය තුළ බොහෝ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙමින් පවතී.
විදේශ රැකියා, විගමණික ශ‍්‍රමිකයින් යන අංශ වෙනුවෙන්ද අප ඉතා වැදගත් මෙහෙවර රාශියක් ඉටු කර තිබේ.
2015 වසරින් පසු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සංවර්ධනයේදී “ළඟම පාසල හොඳම පාසල”ව්‍යාපෘතිය, ශිෂ්‍ය සුබසාධනය සඳහා වූ ”සුරක්ෂා”, සිසු රක්ෂණාවරණය, අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, සෑම දරුවෙකුටම පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ අඛණ්ඩ සහ අනිවාර්ය පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ වැඩසටහන, ජාතික අධ්‍යාපන ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම, ත්‍රෛයිභාෂා අධ්‍යාපන ප‍්‍රවර්ධනය යන අංශ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතියක් පෙන් වූ විශේෂ අංශ වේ. ”දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන, පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල මානව සම්පත් හා යටිතල පහසුකම් සංවර්ධනය, අඩු බර උපත් අවම කිරීමේ හා මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම, දුෂ්කර ප‍්‍රදේශවල මන්දපෝෂණය අවම කිීරීම පිණිස, තෝරාගත් ප‍්‍රදේශවල දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබාදීම ද අපි ආරම්භ කළෙමු.
ස්ත‍්‍රි /පුරුෂ සමාජභාවීය හිංසනය අවම කිරීම සඳහා වූ ජාතික ක‍්‍රියාකාරී සැලැස්ම දැනට අප විසින් කි‍්‍රයාත්මක කර තිබේ.ග‍්‍රාමීය ආර්ථික සංවර්ධනය උදෙසා ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති ආයෝජනයන් 25% ක් කාන්තාවන් උදෙසාය.
ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේදී, විධිමත් නිවාස සංවර්ධන වැඩසටහන අප රජයේ ඉතාමත් වේගවත් සහ විශාල ප‍්‍රගතියක් පෙන්නුම් කර තිබේ. එමගින්, 2015 වසරේ සිට මේ දක්වා පවුල් තුන්ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයකට නිවාස සැපයීමට සමත්ව ඇත. ආර්ථික අපහසුතා දැඩි ලෙස බලපාන පවුල් වෙනුවෙන් අප රජයේ නිවාස වැඩසටහන ඉතා සාර්ථක වී තිබේ.
තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීමේදී 2030 වන විට දිළිඳු බවින් තොර වැඩිහිටි සහ ආබාධ සහිත ප‍්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත ශ‍්‍රී ලංකාවක් බිහිකිරීමේ මෙහෙවර තුළ, 2015-2017 සේවා සම්පාදනයේදී ඉලක්කගත කණ්ඩායම් වූයේ ආබාධ සහිත පුද්ගලයින් 9%, ක් වයස 60 ට වැඩි 12.5% ක් තනි මාපිය පවුල් මුළු ජනගහනයෙන් 12% ක් සහ සමෘද්ධි ප‍්‍රතිලාභීන් මුළු ජනගහනයෙන් 25% ක් වේ.
විදුලිබල ක්ෂේත‍්‍රයේ කරන ලද සංවර්ධනයේදී සූර්යබල සංග‍්‍රාමය වැඩසටහන මගිින් මෙගාවොට් 150 ක් අලුතින් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට හැකි විය. අනාගත විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මිශ‍්‍ර ජනන සැලැස්මක් අප විසින් ඉදිරිපත් කර ඇත. එමෙන්ම, දිවයිනේ කිසිදු රජයක අවධානයට යොමු නොවූ ඉතාමත් දුගී පවුල් 275,000 කට වැඩි පිරිසකට විදුලිය ගත නොහැකිව සිය කුඩා දරුවන් කුප්පි ලාම්පුවෙන් පොත පත පාඩම් කළ යුගය අවසන් කරමින් ඔවුන් සඳහා රජයේ වියදමින් එම නිවාසවලට විදුලිය ලබාදෙන ලදී.
පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා ඉහළ ප‍්‍රමුඛතාවයක් ලබාදීම විශේෂත්වයකි. අපේ රටේ මෙන්ම කලාපය තුළ පිහිටි අසල්වාසී රටවල් මුහුණ දෙන කාලගුණික හා දේශගුණික කටුක වූ අභියෝගයට අප ද මුහුණ දී ඇත.
පසුගිය වසර ගණනාව තුළ ඇති වූ නියඟය හේතුවෙන් කෘෂිකර්ම නිෂ්පාදනයේ පහත වැටීමක් සිදුවී ඇති අතර, පෙර රජයන් මෙන්ම අපට ද විදේශයෙන් සහල් ආනයනය කිරීමට සිදුවිය. වාර්ෂික වර්ෂාපතනය අවම වීම නිසා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ නිෂ්පාදන හා ආදායම් පහළ වැටීමක් 30% කින් පමණ සිදුවී ඇති අතර ජල විදුලි උත්පාදනයට එය දැඩි ලෙස බලපා ඇත.
ගොවි ජනතාව රසායනික පොහොර භාවිතය ඉවත් වී කාබනික ගොවිතැනේ නිරත වීම සඳහා දිරිගැන්වීමේ ජාතික වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කර තිබේ.
ලක් සතොස අලෙවිසැල් 300 සිට 400 දක්වා ඉහළ නැංවූ අතර ඒවායින් ඉතා තරගකාරී සහ සහනදායී මිලට භාණ්ඩ අලෙවි කෙරෙයි. තවද, පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා පාරිභෝගික සමිති නව මුහුණුවරකින් හදුන්වා දී තිබේ.
සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් අප විසින් ඓතිහාසික කාර්යභාරයක් සිදුකර තිබේ. විවිධ බාධාවන් හා ගැටුම් ඔස්සේ වසර 50 කට වැඩි කාලයක් ජනතාවගේ බලාපොරොත්තුවක්ව තිබූ නව ඖෂධ පනත අප සම්මත කළෙමු. ඒ තුළ අත්‍යවශ්‍ය ඖෂධ 48 ක මිල කැපීිපෙනෙන ලෙස අඩු කිරීමට හැකි විය. පිළිකා රෝගියෙකුගේ මුළු ජීවිත කාලය පුරා සීමා රහිතව ප‍්‍රතිකාර වියදම් රජය මගින් දැරීමේ ප‍්‍රතිපත්තියකට අපේ රජය අවතීර්ණ විය.
හෘද රෝගීන්ගේ ශල්‍යකර්මවලදී අවශ්‍ය සියලු වියදම් රජය දැරීම පළමු වරට අප විසින් සිදුකරන ලද අතර, ස්ටෙන්ට් හෙවත් කිරීටක දඟර හදවත් රෝගීන් සඳහා සම්පූර්ණයෙන් නොමිලේ ලබාදීම ආරම්භ කරන ලදී.
අපේ වෛද්‍ය සහ හෙද සේවාව ප‍්‍රමුඛ නිදහස් සෞඛ්‍ය සේවාවෙන් සිදුවන්නා වූ ගුණාත්මක සේවාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම පැසසුමට වර්තමානයේදී අප ලක්ව ඇත.
අප රජය අනුමත කළ ජාතික මධ්‍යසාර ප‍්‍රතිපත්තිය පිළිබඳව වඩාත් සතුටු විය හැකිය.
හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළ අතර, රෝග නිවාරණය, වැළැක්වීම හා ප‍්‍රතිකාර අංශ සඳහා පුළුල් ජාතික වැඩ සැලැස්මක් ක‍්‍රියාත්මක කළෙමු.
රුපියල් මිලියන 3,600 ක් වැය කර වකුගඩු රෝගය හඳුනාගැනීම සඳහා වූ ජල පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීම ද පේරාදණිය විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුළ මේ වනවිට ආරම්භ කර ඇත.
වෘත්තීය හා කාර්මික අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිසුන් සඳහා සියලු පාඨමාලා නොමිලේ හැදෑරීමට පළමු වරට 2017 වර්ෂයේ සිට අප විසින් අවස්ථාව ලබාදී ඇත.
කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීමත් නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ කාර්යය සඳහා සුදුසු මානව සම්පත් සංවර්ධනයත් සඳහා අප ප‍්‍රමුඛතාවය දී ඇත.
දුගී බව තුරන් කිරීම සඳහා සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගේ දීමනා දෙගුණ කර තිබේ. ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මේ වසර වන විට ගම්මාන 2000 ක් ආවරණය කිරීමට නියමිතය.
වැඩිහිටි දීමනාව වැඩි කිරීම හා ගැබිණි මව්වරු සඳහා පෝෂණ මල්ල රු. 500 දීමනාව රුපියල් 2,000 දක්වා වැඩි කරන ලදී.
වසර 10 කට පසු රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් දස දහසකින් වැඩි කරන ලදී. අධිකරණ සේවයේ වැටුප් හා දීමනා විශේෂ පදනමකින් වැඩි විය.
මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 2,500 සිට රුපියල් 5,000 ක් දක්වාද වැඩි විය. වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ දමන ලදී.
කටුනායක ගුවන් තොටුපළ ධාවන පථය ඉතා කෙටි කාලයකින් නවීකරණය කළ අතර, ලෝකයේ විශාලතම ගුවන් යානා ගොඩ බැස්සවීම සඳහා එයින් අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.
සංචාරක ව්‍යාපාරය ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන 03 වන අංශය බවට පත්ව ඇත. සමස්ත විදේශ ඉපයීම්වලින් 15% ක් අද සංචාරක ව්‍යාපාරයෙන් ලැබේ.
රණවිරුවන් සඳහා වූ ”සත්විරු සංහිඳ” රණවිරු නිවාස ව්‍යාපෘතිය 2017 දී ආරම්භ කළ අතර, එය අද 90% ක භෞතික ප‍්‍රගතියක් පෙන්වයි.
උපාය මාර්ගික ජාතික ආරක්ෂක සන්නිවේදන ජාල ව්‍යාපෘතිය 2015 දී ආරම්භ කළ අතර, එහි ඉතාමත් සතුටුදායක ප‍්‍රගතියක් ඇත.
ආබාධිත රණවිරුවන් සඳහා විශේෂ වැටුප් හා දීමනා අප විසින් ලබාදුන් අතර, ආබාධිත ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් හා වැන්දඹුවන් හට රණවිරු සුරැකීම් දීමනාව යටතේ ආබාධිත රණවිරුවන්ටත්, බිරින්දෑවරුන්ට සහ මියගිය විවාහක රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට, ඔවුන් ජීවත්ව සිටින තාක්කාල් දීමනා ලබාදීම විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අපගේ උපදෙස් අනුව මේ වන විට ඉටු කරමින් පවතී.
හිඟ විශ‍්‍රාම වැටුප් ගෙවීම විධිමත් කර තිබේ. එමෙන් ම, 2015 වසරේ සිට 2018 දක්වා කාලය තුළ පමණක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල රජයේ හා පුද්ගලික ඉඩම් අක්කර 40,475 ක් ත‍්‍රිවිධ හමුදා පරිහරණයෙන් නිදහස් කර ඇත.
ඒ අනුව, උතුරු නැගෙනහිර ජනතාවට අහිමිව තිබූ යුද සමයේ හමුදා පරිහරණයට ගත් ඉඩම්වලින් 85% ක් මේ වනවිට නිදහස් කර ඇත. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළෙහි මේ වන විට 90% ක ප‍්‍රගතියක් අත්කරගෙන තිබේ.
බොහෝ බාධාවන් මත ආරම්භ කරමින් මන්දගාමීව ක‍්‍රියාත්මක වූ මොරගහකන්ද කළුගඟ යෝධ වාරි ව්‍යාපෘතියේ විශාල ප‍්‍රගතියක් පෙන්වීමට අපට හැකි විය.
2015 සිට නව කඩිනම් ඉදිකිරීම් වැඩසටහනක් හඳුන්වාදීමටත් සුදුසු කාර්ය මණ්ඩල පත්කිරීමත් තුළ පරාක‍්‍රම සමුද්‍රය මෙන් 06 ගුණයක් වූ මොරගහකන්ද මහා ජලාශයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ගොවි ජනතාවට ජලය නිකුත් කළ අතර, ක`ථගඟ ව්‍යාපෘතියේ කටයුතු මේ වනවිට සාර්ථකව සිදුවෙමින් පවතී.
කාලගුණ විපර්යාස මත ඇති වූ අයහපත් පාරිසර තත්ත්වයන්ට මුහුණදීම පිණිස නියඟයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ද ජාතික කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ද, උතුරු මැද පළාතේ වාරි පද්ධතීන් වැඩිදියුණු කරමින් කුඩා වැව් 800 ක් ද උතුරු පළාතේ කුඩා වැව් 1,400 ක් ද ඌව පළාතේ කුඩා වැව් 350 ක් ද ප‍්‍රතිසංස්කරණය ආරම්භ කර ඇත.
කුඩා වැව් 2500 කට වැඩි සංඛ්‍යාවක් එකවර ප‍්‍රතිසංස්කරණය කිරීමේ යෝධ ව්‍යාපෘතිය යටත් විජිත යුගයෙන් නිදහස් වූ පසු රජයක් මගින් ආරම්භ කරනු ලබන පළමු දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස මම මෙහිදී හ`දුන්වමි.
වයඹ සහ වියළි කලාපයේ ජල ගැටලූවට ස්ථිර විසඳුම් ලබාදීම සඳහා වයඹ මහ ඇළ, උතුරු මැද මහ ඇළ, මිනිපේ මහ ඇළ යන යෝධ ව්‍යාපෘති ලක්වාසී ජනතාවගේ ඉදිරි ශත වර්ෂය වෙනුවෙන් දැවැන්ත වාරි යෝජනා අප විසින් ආරම්භ කරන ලදී.
පරිසර සංරක්ෂණය යටතේ පොලිතින්, ප්ලාස්ටික් සම්බන්ධයෙන් දැඩි නීතිරීති පැනවූ අතර, එක්සත් ජාතීන්ගේ ”පිරිසිදු සමුද්‍රය” වැඩසටහන යටතේ දකුණු ආසියානු කලාපයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් කඩොලාන පද්ධති සංරක්ෂණය කිරීමේ පුරෝගාමී රාජ්‍ය බවට ශී‍්‍ර ලංකාව පත් වී ඇත.
පරිසර සංරක්ෂණය ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, ”දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන, තිරසර පාසල් වැඩසටහන 90% ක ප‍්‍රගතියක් පෙන්නුම් කරයි. පරිසර ¥ෂණය පාලනය, කසළ කළමනාකරණය, වන සංරක්ෂණය, තිරසර ඉඩම් කළමනාකරණය, පාරිසරික සාක්ෂරතාවය ඉහළ නැංවීම ආදී කරුණු සම්බන්ධයෙන් අප ප‍්‍රමුඛතාවය ලබාදී තිබේ. මහජනතාවගේ දැඩි විවේචනයට ලක් වූ කසල කළමනාකරණයට ස්ථීර වැඩපිළිවෙලක් අප මේවන විට විසදුමක් වශයෙන් ක‍්‍රීයාත්මක කර ඇත.
ගරු කථානායකතුමනි,
මා මෙතෙක් සඳහන් කරනු ලැබුයේ ඔබතුමන්ගේ නායකත්වය යටතේ, 08 වන පාර්ලිමේන්තුවේ, පළමු සභා වාරය තුළ වර්තමාන රජය විසින් අත් පත් කරගත්, රටේ දේශපාලනික, ආර්ථීක, සමාජයීය හා සංස්කෘතික සංවර්ධනයටත් පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ජනතාව වෙත අත්පත් කරදුන් නෛතික සහ සංවර්ධනාත්මක ජයග‍්‍රහණයන් පිළිබඳවය.
එම ජයග‍්‍රහණයන් විසින් මේ රට ප‍්‍රජාතාන්ත‍්‍රික මෙන්ම මානවවාදී, පුරවැසියන්ට වගකියන රාජ්‍ය ක‍්‍රමයක් ගොඩනැගීමට මෙන්ම ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම පිණිස නිශ්චිත අඩිතාලමක් ගොඩනැගුවාට කිසිදු සැකයක් නැත්තේය. එහෙත් අප හමුවේ ඇති අභියෝග සියල්ල තුරන්ව ගොස් නැත.
රජයේ නව ගමන් මග තෝරා ගැනීමේදී අත්‍යාවශ්‍ය කරුණු ගැන මූලික අවධානය යොමුකර රට හමුවේ ඇති රුපියල් කෝටි දශලක්ෂයක් වන ණය බර ජනතාව මත පැටවීමෙන් තොරව කළමණාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. තවද, දුගී බවෙන් හා දරිද්‍රතාවයෙන් පීඩා වි`දින ජනතාව එයින් මුදවා ගැනීම, රාජ්‍ය සේවයේ විධිමත් බව සහ කාර්යක්ෂමභාවයත් සමග පොදු ජනතාවට නම්‍යශීලී වූ ජනතාවාදී සේවාවක් ලෙස ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය, ක‍්‍රමෝපාය හඳුනාගැනීම සහ කළමනාකරණ තීන්දු ගැනීම මෙහිදී මූලික වේ.
නව උගත් තරුණ පරපුර ප‍්‍රමුඛ ජනතාව අපේක්ෂා කරන වේගවත් සංවර්ධනයට අප කැපවිය යුතු අතර, එය කිසිසේත් අනාගතයට කල් තැබීමට අපට නොහැකිය. සිංහල, දමිළ, මුස්ලිම් සහ මැලේ, බර්ගර් ජාතීන්ට හා ආදීවසී ප‍්‍රජාවට තමන්ගේ සාධාරණ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ අවස්ථාව තහවුරු කළ යුතු වේ. ඒ ශ‍්‍රී ලාංකිකයින් වශයෙනි.
වේගවත් ආර්ථික සංවර්ධනය උදෙසා, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යක්ෂම සහයෝගීත්වයක් අත්කරගැනීම, ඵලදායකත්වය හා තරගකාරීත්වය ඉහළ දැමීම, ඍජු විදේශ ආයෝජන සහ අපනයන ආදායම් වර්ධනය අරමුණු කරගත් සම්පත් කළමනාකරණය, රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කොට ගැනීම ඒ අතර ප‍්‍රමුඛ වෙයි.
එකී සියලූ අභියෝග ජයගැනීමට කටයුතු කිරීම යනු ශ‍්‍රී ලංකාව සියලූම සංවර්ධන පැතිකඩ අතරින් පරාජය කළ නොහැකි දේශයක් ලෙස ගොඩනැගීම යන අපගේ පළමු ඉලක්කය ජය ගැනීමයි. දෙවැනි ඉලක්කය නම්, ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය සඳහා ජාතික සහ ආගමික සහජීවනය සාක්ෂාත් කර ගැනීමයි. දූෂණයෙන් හා අක‍්‍රමිකතාවයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය තන්ත‍්‍රයක් ගොඩනැගීම තෙවැනි ඉලක්කයයි. මාගේ පාලන කාලය තුළ එකී අරමුණු ජයගැනීම අපගේ එකම අභිප‍්‍රාය වන්නේය.
මා විසින් වර්ෂ 2015 සැප්තැම්බර් මස 01 දින ඔබ හමුවේ ඉදිරිපත් කරනු ලැබු මූලාසන කතාවේ හරය වන්නේ ද එයයි. එදා අප ප‍්‍රකාශ කොට සිටියේ ඔබ මින් පෙර පැවති කිසිදු පාර්ලිමේන්තුවක නියෝජිතයන් මුහුණ නොදුන් පරිවර්තනීය යුගයක නිර්මාපකයන් වන බවය. පරිවර්තනීය යුගයක් සෑම විටම ස්වභාවයෙන්ම දුෂ්කර හා ජනප‍්‍රිය නොවන කාල පරිච්ෙඡ්දයක් බව ලෝක ඉතිහාසය අපට පෙන්වා දී තිබේ.
ගරු කථානායකතුමනි,
සමස්ත ශ‍්‍රී ලංකාව අද දිනයේ ඉල්ලා සිටින්නේ සෞභාග්‍යයේ නිදහස අත් පත් කර ගැනීමයි. අල්ලසට, දූෂණයට, නාස්තියට එරෙහිවීමේ ජාතියක අනාගතය සඳහා වූ ආත්මාරක්‍ෂාවයි.
අදින් ඇරඹෙන මෙම නව සැසිවාරය උක්ත අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ලැබෙන නව අවස්ථාවක් ලෙස සැලකිය යුතුය.
ශී‍්‍ර ලංකාවේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව දළවශයෙන් තුන්ලක්ෂ තිස් එක්දාහසකි. වාර්ෂික මරණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස් එක්දාහසකි. ඒ අනුව වාර්ෂික ව අපේ රටේ ජනගහණයට ලක්ෂ දෙකක් එක්වෙති. අපේ රටේ නව පරපුරට ඉලක්ක තිබෙනවා. උගතුන්ට ඉලක්ක තිබෙනවා. බුද්ධිමතුන්ට ඉලක්ක තිබෙනවා. රටකට ඉලක්ක තිබෙනවා. මම එදා රජයෙන් ඉවත් වී ජනතාවගේ ආශිර්වාදයෙන් වර්තමාන රජය බිහිකළේ ජාතියේ අනාගතය වෙනුවෙන් සහ ඔබේත්, මගෙත් මාතෘභූමිය වෙනුවෙන් උතුම් වූ පරමාර්ථ පෙරදැරි කරගත් ප‍්‍රබුද්ධ වූත් ප‍්‍රඥාවන්ත වූත් ඉලක්ක සපුරා ගැනීමේ අධිෂ්ඨානයෙනි.
අප රට දැන් මුහුණදී සිටින්නේ, විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල දේශපාලන බලය උරගා බැලීමට සුදුසු මොහොතක නොව, රට හමුවේ ඇති අභියෝග සාමූහිකව ජය ගත යුතු අවධියක බව මම අවධාරණය කරමි.
මෙහිදී, එම ප‍්‍රමුඛතාව යථාර්ථයක් කර ගැනීමට නම්, පළමුව ජාතික ආණ්ඩුවේ පක්ෂ අතර පවතින බල අරගලය මෙන්ම දෙවනුව, ආණ්ඩුව හා විපක්ෂය අතර පවතින්නා බල තරගය සමනය කර ගත යුතු වේ. දැනට පවතින සෑම ආකාරයකම බල තරගයකින්ම අපේක්ෂාභංගත්වයට පත්වන්නේ රටේ ජනතාවයි.
ගරු කථානායකතුමනි,
ජනතා අපේක්ෂාවන් මල්පල ගන්වන, සැබෑ ලෙසම ජනතාවාදී වැඩපිළිවෙළක නිර්නායක ලෙස හඳුනා ගත හැකි ප‍්‍රවිෂ්ඨයන් කිහිපයක් මම පහත හ`දුන්වා දෙන්නෙමි.
1. ජනතාවගේ ආර්ථික සමෘද්ධිය තහවුරු වීම,
2. දුගීභාවය දුරලීම,
3. තරුණයින්ට නව රැුකියා අවස්ථා උත්පාදනය,
4. රාජ්‍ය සේවකයන්ට තෘප්තිමත් වීමට හැකිවීම,
5. පොලීසිය හා ත‍්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ගේ ආත්ම විශ්වාසය හා අභිපේ‍්‍රරණය තහවුරු කිරීම,
6. සමාජය තුළ නීතියේ පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් හා භාෂණයේ නිදහස තවදුරටත් සහතික කිරීම,
7. දෙමළ ජනතාවගේ සම-අයිතිවාසිකම් පදනම් කරගත් අභිලාෂයන් පිළිගැනීම,
8. මුස්ලිම් ජනතාවගේ සුභසිද්ධිය සහ සමාජ-සංස්කෘතික අවශ්‍යතා තහවුරු කිරීම,
9. කඳුකරයේ දෙමළ ජනතාවට ආර්ථික හා සමාජ ශක්තියක් එකතු කිරීම,
10. සමස්තයක් ලෙස රටේ බහුතර ජනතාව වන සිංහල ජනතාවගේ සංස්කෘතික උරුමයන් ශක්තිමත් ලෙස තහවුරු කරමින් දේශීය අන්‍යන්‍යතාව ශක්තිමත් කිරීම,
11. කාන්තාව තවදුරටත් බලසතු කිරීම සඳහා ඍජුව මැදිහත්වීම,
12. සමාජය තුළ ජීවත්වන විශේෂ අවශ්‍යතා සහිත ජනතාව පිළිබඳ සංවේදී වීම,
13. රටේ පරිසරය සුරකින, දේශීය සම්පත් අනාගතයට උරුම කරදෙන්නා වු තිරසර සංවර්ධනයක් තහවුරු කිරීම,
14. ආගමික විශ්වාස, ජාතික සාරධර්ම සුරකින සියලූම ආගම්වල පූජ්‍ය පක්ෂය ද බෞද්ධ භික්ෂු සංස්ථාව ද තිරසර ලෙස සුපෝෂණය කිරීම,
15. දේශපාලන බල තරගයෙන් ඔබ්බට ගිය, රට සංවර්ධන කිරීම සඳහා සියලූ ජාතීන් ආගම්, දේශපාලන පක්ෂ එක්තැන් කොට ගොඩනැගෙන ජාතික තිරසර සංවර්ධන දැක්මක් ගොඩනැගීම,
යනු එම නිර්ණායක වේ.එකී නිර්නායක මත ක‍්‍රියාත්මක වීමේදී, සාර්ව සහ ක්ෂුද්‍ර සංවර්ධන ක‍්‍රමෝපායක් මත පිහිටා කටයුතු කළ යුතු වන අතර, ඒවායේ සාර්ථකත්වය සඳහා ව්‍යුහාත්මක වෙනස්කම් අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතු වේ.
ඒ අනුව, ජනතා නියෝජිතයින් වන ඔබ, සාමුහික ලෙස ඉහත කී න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට නැංවීමේ නියමුවන් ද, අධීක්ෂකයින් ද උපදේශකයන් බවට ද පත්වන්නේය. මෙම සමස්ථ ක‍්‍රියාවලිය අධීක්ෂණය කිරීමේදී සංවර්ධන ප‍්‍රතිඵල මත පදනම් වන්නා වු සංවර්ධන පසු විපරම් ක‍්‍රියාමාර්ගයක් හඳුන්වාදීමට මවිසින් කටයුතු කරනු ඇති.
මේ රජය පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ විවේචන, චෝදනා එල්ල වේ. ඒ සෑම විවේචනයක් සහ චෝදනාවක් ගැනම රජයක් විදියට අපි ඉතා නිහතමානීව සැලකිලිමත් වන අතර ම අප ඒ පිළිබඳව ස්වයං විවේචනයක ද නිරත වී සිටින බව ප‍්‍රකාශ කළ යුතුයි.
නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනයන්ගේ ස්වාධීනත්වය දැනටමත් අප තහවුරු කර ඇත. එහෙත්, තවමත් නිදැල්ලේ සිටින මහා පරිමාණ වංචනිකයින්ට එරෙහිව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන ඇත.දූෂණය මුලිණුපුටා දමා සියලූ දූෂිතයින්ට නීතිය ක‍්‍රියාත්මක කිරීම අපේ ඒකාන්ත අරමුණයි. එය මේ රටේ පොදු මහජනතාවගේ ප‍්‍රාර්ථනයකි.
අපට එරෙහිව එල්ල වන තවත් චෝදනාවක් වන්නේ, රටේ ප‍්‍රධාන පක්ෂ දෙක එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳයි. රට හමුවේ ඇති අභියෝග සැලකූ විට සියලූ පක්ෂ එකාවන්ව රට වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතු වෙනවා. මහා ණය බරක් අප හමුවේ තිබෙනවා, නාස්තිකාර වියදම් කළ යුගයක සුන්බුන් අප ඉවත් කළ යුතු වෙනවා. ශ‍්‍රී ලංකාවට නැගී සිටීමට ඇති අවසන් අවස්ථාව මෙය යැයි සලකා සැම එකාවන්ව කටයුතු කළ යුතු වෙනවා.
වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරුණු රටක ආණ්ඩු මාරුවීම්වලදී සිදුවන මහා පරිමාණ දේශපාලන පළිගැනීම් නැති කොට පරාජිතයාටත්, ජයග‍්‍රාහකයාටත් අභිමානයෙන් ජීවත් වීමට හැකි වන වටපිටාවක් සැදීම අද දවසේ දේශපාලන වගකීමක් ලෙස මම සලකමි.
උතුම් මාතෘභූමියට අවංක සේවයක් කළාය යන හැඟීම හෘද සාක්ෂිය මියන තුරු හඬගා කියන වැඩකොටසක් ඉටු කිරීම අපේ අපේක්ෂාව විය යුතුයි. ඒ වෙනුවෙන්, අපි අපගේ අනාගතය වෙනුවෙන් කැප වෙමු.
මෙම රජය පිහිටුවීමේදී, අප හමුවේ ජාතික අභියෝග ගණනාවක් තිබුණි. පළමුවැන්න වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කිරීමයි. දෙවැන්න නම් ජාතීන් අතර විශ්වාසය හා සමගිය තහවුරු කිරීමයි. තෙවැන්න වූයේ, දැවැන්ත ණය උගුලකට හිර වූ රටේ ආර්ථිකය යළි නගාසිටුවීමයි. සිව් වැන්න වූයේ, අපට අහිමිව තිබූ ජාත්‍යන්තරය දිනා ගැනීමයි. කුමන චෝදනා විවේචන එල්ල වුව ද මේ සෑම අංශයකින්ම සාර්ථක ප‍්‍රතිඵල ළඟා කර ගන්නට පසුගිය වසර තුන ඇතුළත අපේ රජයට හැකියාව ලැබී තිබේ. එසේම, මේ සෑම අංශයකම තවත් කළ යුතු වැඩ බොහෝය.
ශක්තිමත් සහ නූතන ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම පිණිස අත්‍යාවශ්‍ය වන ව්‍යවසායකත්ව කළමනාකරණයක් සඳහා රට යොමු කිරීම හා දේශීය ව්‍යාපාරික ප‍්‍රජාවට සහ දේශීය හා විදේශීය ආයෝජිකයින්ට ආකර්ෂනීය ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම අවශ්‍යයි.
ගරු කථානායකතුමනි,
එමෙන් ම, අප දැක පුරුදු ගජ මිතුරු ආර්ථිකය පරදවා, සමාජ-මිතුරු ජනතා හිතවාදී ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු වෙයි. සෑම පුරවැසියෙකුටම සාර්ථක විය හැකි ආර්ථිකයක් අත්‍යාවශ්‍යව තිබේ.
මෙහිදී, විශේෂයෙන් ම අපේ රටේ කෘෂිකාර්මික ජනතාව ගැන සඳහන් කළ යුතුයි. වසර තුනක් තිස්සේ නිසි පරිදි වැසි නොලැබීම නිසා රටේ දළ ජාතික නිෂ්පාදනය සඳහාත් කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ දායකත්වය පහළ ගොස් තිබේ. අධික වැසි සහ දීර්ඝ කාලීන නියඟය ගෝලීය වශයෙන් බලපාන්නා වූ කාලගුණ විපර්යාසයන් හි ප‍්‍රතිඵලයක් වී තිබේ. නියඟය පැවති එම ප‍්‍රදේශවල ජනතාවට ආහාර ලබාදීම ඇතුළත් සහනාධාර වැඩසටහන මේ වන විට මිලියන 38,000 ක් අප වැය කර තිබේ.
ස්වභාධර්මයේ අනිටු බලපෑමින් මිදී සාර්ථකව කෘෂිකර්මාන්තයේ නියැලීමට අවශ්‍ය මාර්ගය නිර්මාණය කළ යුතුව තිබේ. කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය මුසු කිරීම සම්බන්ධයෙන් අප තවමත් ප‍්‍රමාණවත් තරම් සාර්ථකත්වයක් අත් කරගෙන ඇතැයි සතුටු විය නොහැකිය. කෘෂි නිෂ්පාදනය ද පසු නිෂ්පාදන ක‍්‍රියාවලිය ද බෙදාහැරීම ද නවීකරණය කළ යුතුව තිබේ.
එමෙන්ම, මැදි ආදායම් රටක් ලෙස, නව තාක්ෂණය පදනම් කරගත් අපනයන කර්මාන්ත ක්ෂේත‍්‍රයක් පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය පැමිණි තිබේ.
ස්ථාවර රටක පදනම ජාතික සංහිඳියාවයි. සැබෑ ජාතික සංහිඳියාව ඇති කරලීම සඳහා සමානාත්මතාව පදනම් කරගත් දේශපාලනික තීන්දු තීරණ ගැනීමේ ව්‍යුහයන් හඳුන්වාදීම වැදගත් වන්නේය. එම අරමුණු ජයගැනීම උදෙසා දැනට ක‍්‍රියාත්මක පළාත් සභා ක‍්‍රමය ශක්තිමත් කිරීම අද දවසේ අවශ්‍යතාවක් යැයි මම විශ්වාස කරමි.
කුමන විවේචන තිබුණ ද උතුරු නැගෙනහිර ජනතාවගේ නොසන්සුන්තාව ස්ථිර වශයෙන් සමනය කිරීම සඳහා එදා මෙදාතුර ජනතාවගේ කැමැත්ත හා එකඟත්වය මත කිසියම් දේශපාලන වැඩපිළිවෙළකට අවතීර්ණ විය යුතුය. භෞතික වශයෙන් අප ත‍්‍රස්තවාදීන් පරාජය කළ ද ඔවුන්ගේ මතවාදය සම්පූර්ණ ලෙස පරාජය කිරීම තවමත් සම්පූර්ණ වී නැත. පසුගිය වසර තුනහමාරක කාලය තුළ මා වඩාත් උත්සාහ ගත්තේ ජාත්‍යන්තර සහයෝගිතාව තුළ එම මතවාදය පරාජය කිරීම සඳහාය.
පශ්චාත් යුද කළමනාකරණය ඉතා අභියෝගාත්මක බව අප පිළිගත යුතු කරුණකි. අප ආණ්ඩුව භාර ගන්නා විට මේ අභියෝගයට පිළිතුරු සැපයීම අවුරුදු හතකින් පමා වී තිබුණු අතර එබැවින්ම එම අභියෝගය වඩාත් අසීරු වී තිබුණි. දශක තුනක් පුරා සමාජයේ මුල්බැසගෙන තිබුණු යුද මානසිකත්වය ඉවත් කර සහජීවනය ස්ථාපිත කරන්නට තවදුරටත් අප විසින් කළ යුතු වැඩ බොහෝ වේ. ආණ්ඩුවකට පමණක් එය තනිව ඉටු කිරීම අසීරුය. ඒ සඳහා සමාජයේ සෑම පාර්ශ්වයකම සෘජු මැදිහත්වීම අත්‍යාවශ්‍ය වේ. එකී අරමුණ වෙනුවෙන්, සියලූ දෙනා එකමුතු වී කටයුතු කරන මෙන් මා සෑම පාර්ශ්වයකටම ආරාධනා කරනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ අපගේ අවධානය ද මෙහිලා වැදගත් වන්නේය. අපගේ භෞමික ආරක්ෂාව, මානව ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව ද මෙහිලා වැදගත් ක්ෂේත‍්‍රයන් වෙයි.
භෞමික ආරක්ෂාව යටතට අපගේ මුහුදු කලාපය පිළිබඳ අවධානය ද මානව ආරක්ෂාව යටතේ ආහාර සහ ජල සුරක්ෂිතතාව ද වැදගත් වේ. විශේෂයෙන් ඉන්දියානු සාගර කලාපයේ කේන්ද්‍රීය ස්ථානයක ශ‍්‍රී ලංකාව ස්ථාපිත වීම නිසා මේ වන විට අපට අද්විතීය වැදගත්කමක් හිමිව තිබේ.එපරිදිම, අප විසින් අනාගතවාදී ලෙස සංවේදී වෙමින් සලකා බැලිය යුතු ආරක්ෂක අභියෝගයන් ඇති බව සිහි තබා ගත යුතු වේ. එමනිසා ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාමේදී මැදමාවතේ මිත‍්‍රශීලී පිළිවෙතක වැදගත්කම අවධාරණය කරන්නෙමි. අපගේ මිත‍්‍රශීලී විදේශ ප‍්‍රතිපත්තිය සැබවින්ම ඵලදරා තිබේ. ලෝකයේ සෑම රටක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සමග අප දැඩි මිත‍්‍රශීලී බවක් සහ සුහදතාවක් ගොඩනගා ගත් වෙනත් අවස්ථාවක් නොමැති තරම්ය.
ගරු කථානායකතුමනි,
2015 දී මවිසින් නායකත්වය දුන් යුග පෙරළිය තවමත් සම්පූර්ණ වී නැත. එදා එය ශ‍්‍රී ලංකාවට නව අත්දැකීමක් විය. 2015 වසරේ අගෝස්තු මාසයේදී සිට ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ ද ඒ සඳහා අවශ්‍ය දේශපාලනික හා සමාජයීය මුහුකුරා ගිය බව අප තවමත් ඇති කරගන්නට සමත් වී නැති බව පසුගිය වසර තුන තුළ දී ඇති වු සිද්ධි දාමයන් මගින් නැවත නැවතත් සිහිපත් කොට දෙයි. සම්මුති-ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාකච්ඡුාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද ලෝකයේ බොහෝ රාෂ්ඨ පාලනයන්හි පදනම වන කල එය අපට තවමත් ආගන්තුක සංකල්පයක් ලෙස පවතී.
වර්තමාන දේශපාලනය දෙස බලන විට, විපක්ෂයේ කාර්යභාරය වෙනස් මගක් ගත යුතුවා සේම ජාතික ආණ්ඩුවක් තුළ සහෝදර පක්ෂයන් හි ක‍්‍රියාමාර්ගයන් ද වෙනස් ස්වරූපයක් ගත යුතුව තිබේ. ජාතික ආණ්ඩුව සැදුම්ලත් වන්නේ එකිනෙකින් වෙනස් දෘෂ්ටීන්ගෙන් යුතු දේශපාලන පක්ෂවලිනි. එම පක්ෂ ක‍්‍රියාත්මක විය යුත්තේ බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදි, වජ්ජීන් මෙන් සමගිය සහ සාකච්ඡුාව පෙරදැරිව නම්, වජ්ජීන් අනුගමනය කරන ලද ක‍්‍රියාමාර්ගයන් සැබෑ ලෙසම අප ද අනුගමනය කළ යුතු වෙමු. ජනාධිපතවරයා ලෙස පසුගිය තෙවසර තුළ මා ක‍්‍රියාත්මක වුයේ එකී ධර්මතා පදනම් කොට ගෙනය. එය රටේ ද සමස්ත ජනතාවගේ ද ජයග‍්‍රහණයට හේතුවන බව මම තරයේ විශ්වාස කරමි.
ගරු කථානායකතුමනි,
අවසන් වශයෙන්, අප රාජ්‍යයක් ලෙස නැගී සිටිමින්, ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කිරීමේදී, අපගේ උරුමයන් මෙන්ම, දේශීයත්වය, අපේ මහා සංස්කෘතිය, අපේ ඌරුව, ආදී සියල්ල ශක්තිමත්ව ඉස්මතු වූ දේශපාලන චින්තනයක් තුළ කටයුතු කළ යුතු බව මම දැඩි ලෙස අවධාරණය කරමි. පොදු ජනතාවගේ දේශපාලන හෘද ස්පන්දනය හඳුනාගත් දැක්මක් තුළ අප කටයුතු කිරීම මූලික සිද්ධාන්තය ලෙස සිහි තබා ගනිමින්, ශ‍්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස නගා සිටුවීමට පෙරට එන ලෙස ආරාධනා කරන අතර, රටටත් ජනතාවටත් ජයග‍්‍රහණය ප‍්‍රාර්ථනා කරමි.
ඔබ සියලුදෙනාට ස්තූතියි