අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැලසීමියාවෙන් තොර ශ්‍රි ලංකාවක්

    මැයි 08, 2018

    ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදි ඇත. මෙවර තේමාව වන්නේ මහජනතාව දැනුම්වත් කිරිම හා තැලසීමියා රෝග වාහකයින් හඳුනා ගෙන තැලසීමියා රෝගින් අතරසිදු වන විවාහ වළක්වා ගැනිමයි.

    තැලසීමියා රෝගය යනු රුධිරයේ රතු රුධිරාණුවල අඩංගු හිමොග්ලෝබින් අණුවේ ව්‍යුහයේ ඇති අසාමාන්‍යතාවයක් හේතුවෙන් ඇතිවන බෝ නොවන රෝගයකි.ලෝකයේ තිබෙන බහුල ම ප්‍රවේණි රෝගය වන මෙය සුව කල නොහැකි රෝගයකි.ඇට මිඳුළු බද්ධ කිරිමක් සිදු කල ද එය සාර්ථක වන්නේ 30%ක් පමණි.මෙම රෝග මුල් වරට ශ්‍රි ලංකාවේ සොයා ගනු ලබන්නේ 1945 දිය.

    එසේ ම මෙම රෝගය මුලින් ම ව්‍යාප්ත වන්නේ මධ්‍යධරණී මුහුද ආශ්‍රිත රටවල් හරහායි. එහෙත් ලෝකයේ දැනට ලක්ෂ 02කට ආසන්න ප්‍රමාණයක් තැලසීමියා රෝගීන් සිටියි.රෝගය වැළදෙන්නේ කෙසේ ද? තැලසීමියා රෝග වාහකයින් දෙදෙනෙක් අතර විවාහයෙන් ලැබෙන දරුවන්ගෙන් 25%ක් රෝගය වැළදිමේ අවදානම තිබේ.රෝගය වළක්වා ගැනිමට නම් තැලසීමියා වාහකයන් අතර විවාහවීම නවතා දැමිම අනිවාර්යය වේ.

    රෝග ලක්ෂණ


    තද බල ලෙස රක්ථ හිනතා ලක්ෂණ පෙන්වයි. ඇස් කහපාට ඇස් කහපාට වීම ප්ලීහාව හා අක්මාව ඉදිමිම නිසා උදරය ඉදිරියට නෙරා ඒම ශරිර නිසි පරිදි වර්ධනය නොවිම,ප්‍රතිශක්තිය හීන විම හේතුවෙන් නිරන්තරයෙන් අසාධ්‍ය රෝගි තත්ත්වයන් ලක්වීම සිදු වේ.ඉපදි පළමු මාස 04 – 08 තුළ මෙම ලක්ෂණ මතු වේ.පිටතින් රුධිරය ලබා දීම ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමය වන අතර මෙය මාසයකට වරක් ජීවිත කාලය තුළදීම ලබා දිය යුතුය. රැධිරය ලබා දීම නිසා ශරිරයේ යකඩ එකතු වීම ඇතුළුව මෙම රෝගයේ සංකූලතා නිසා, මෙවැනි දරුවන් රැකබලා ගැනීමේ දි ආර්ථික,සමාජීය සහ මානසික ගැටලුව රැසකට මුහුණදීමට දෙමාපියන්ට සිදුවේ.ඒ හේතුවෙන් තැලසීමියා රෝගී දරුවෙකු ඇතිවීම වැලැක්වීම ඉතා වැදගත් වේ.


    තැලසීමියා වාහක තත්ත්වය යනු


    දෙමවිපියන්ගෙන් එක් තැලසීමියා ජානයක් පමණක් උරුම වු විට එය තැලසීමියා වාහක තත්ත්වය ලෙස හදුන්වයි. එවිට රුධිරයේ හිමෝග්ලෝබීන් (Hබ්) මට්ටම තරමක් අඩු විය හැකි නමුදු එය රෝගී තත්ත්වයක් ලෙස නොසැලකේ.විශේෂ රුධිර පරික්ෂණයකින් පමණක් වාහක තත්ත්වය තහවුරු කර ගත හැක.ශ්‍රි ලංකාවේ ජනගහනයෙන් 4% ද වයඹ පළාතේ ජනගහනයෙන් 8% පමණ ද තැලසීමියා වාහකයන් වේ.තැලසීමියා වාහකයින් දෙදෙනෙකු අතර සිදුවන විවාහයක දී මහා තැලසීමියා රෝගී දරුවකු ඉපදීමට හැකි බැවින් විවාහයට පෙර ඔබගේ වාහක තත්ත්වය නිශ්චිය කර ගැනිම වඩා වැදගත් වේ.

    ඔබ වාහක වුවත් ඔබේ විවාහක සහකරු සහකාරිය වාහක නොවන අයෙකු නම් බිය වීමට කිසිදු කාරණාවක් නොමැති අතර ඔබේ දරුවන් වාහක නොවන දරුවන් හෝ වාහක දරුවන් වේ. ඔබේ දරුවාගේ වයස අවුරුද්ද සම්පූර්ණ වු පසු තැලසීමියා රුධිර පරික්ෂණය සිදු කර ගත යුතුය‍. මේ හෙයින් ඔබේ යුතුකම වන්නේ වයස අවුරුදු 12 ට වැඩි සියලු දෙනා ම තැලසිමියා වාහක පරික්ෂණය සඳහා යොමු විමයි.


    මෙම රෝගය ශ්‍රි ලංකාවෙන් තුරන් කර යුත්තේ ඇයි?


    මෙම දරුවන් සඳහා මාසිකව රජය විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුවේ.ඒ අනුව එක් රෝගියෙක් වෙනුවෙන් රජය මිලියන 10ක් පමණ මුදලක් වැය කරන අතර වාර්ෂිකව සෞඛ්‍ය දෙපාර්තමේන්තු වියදමින් 5%ක් ප්‍රමාණයක් තැලසීමියා රෝගීනගේ ප්‍රතිකාර සඳහා වැය කරනු ලබයි.එමෙන් ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බවට පත්වන මෙම දරුවන් ඉතා කෙටි කාලයකින් මරණයට පත් වේ.


    ශ්‍රි ලංකාවේ තැලසිමියා රෝගීන් සෑම ප්‍ර දේශයක ම වාර්තා වී ඇති නමුත් වැඩි වශයෙන් රෝගින් වාර්තා වන්නේ උතුරු මැද,මධ්‍යම, ඌව, වයඹ පළාත්වලිනි.මේ වන විට නිරන්තරයෙන් රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගින් සංඛ්‍යාව 1500- 2000 අතර වන බවත් ලංකාවේ ජනගහනයෙන් 4%ක ප්‍රමාණයක් තැලසිමියා රෝග වාහකයින් වහයෙන් අනුමාන කර ඇති බවත් වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කරයි.

    තැලසිමියා රෝග වාහකයන් දෙදෙනෙක් අතර විවාහයෙන් ලැබෙන දරුවන් ගෙන් 25% රෝගය වැළදිමේ අවදානමක් තිබේ.

    සකස් කළේ- ලලන්ති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya