අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යතිවරයාණන් නික්ම ගිය ද ගුණ සදා සැමරේ

    පෙබරවාරි 08, 2018

    අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී කෝට්ටේ ශ්‍රී කාල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අදහස් කිහිපයක් පහත සඳහන් වේ.

    විදේශ භාෂා හැසිරවීමේ ඥාණය මෙන් ම ධර්මය හා ත්‍රිපිටකය ගැන ඥාණයද උන්වහන්සේගේ එක් සුවිශේෂිතාවයක් - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

     

    medagoda theroබෙල්ලන්විල විමලරතන නාහිමි කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ අනුනායක ධුරන්දර, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු පාලි හා අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කළා.

     

    බුදුපිළිම, මුද්‍රා, සංස්කෘතිය, මහාපුරුෂ සංකල්පය වැනි ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් වන කෘතීන් පරිවර්තනය කිරීම් උන්වහන්සේ අතින් සිදුවූ සාහිත්‍ය සේවාවන් කිහිපයකි.

     

    බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරිවරයා ලෙසින් දශක ගණනාවක සිට විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් අතිවිශාල ආගමික මෙහෙවරක් උන්වහන්සේ විසින් සිදුකළ අතර සමාජ පදනමක් ආරම්භ කරමින් අසරණ පුද්ගලයින් සඳහා උදව් කිරීමට මෙන් ම දුෂ්කර විහාරස්ථාන දියුණු කිරීමට කටයුතු කිරීම උන්වහන්සේ විසින් සිදු කළ සමාජ මෙහෙවරයන් වේ.

     

    ජාතික මෙන් ම ආගමික කාර්යයවලදී මතවාදී ලෙස විය යුතු මෙන් ම ඉටුකළ යුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ ජාතික වශයෙන් වැදගත් වූ කරුණු පිළිබඳ ව කරනු ලබන ප්‍රකාශයන් සම්බන්ධයෙන් කවුරුත් අවධානය යොමු කළ බවත් පෙන්වාදුන් මැදගම හිමියෝ විදේශ භාෂා හැසිරවීමේ ඥාණය මෙන් ම ධර්මය හා ත්‍රිපිටකය සම්බන්ධයෙන් වූ ඥානයද උන්වහන්සේගේ තවත් එක් සුවිශේෂිතාවයක්.

     

    ජයවර්ධනයපුර විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරු හෙඹවූ උන්වහන්සේ තනතුර විසින් පුද්ගලයා බබළවනවාට වඩා පුද්ගලයා විසින් තනතුර බැබළවූ අවස්ථාවක් ලෙසින් දැක්විය හැකිබවත් උන්වහන්සේගේ විසින් තනතුර මිස උන්වහන්සේගේ තනතුරුන් උන්වහන්සේ බබළවා ගැනීමක් සිදු කළේ නැහැ.

     

     

    සෑම ආගමක් සමඟ ම ඉතා සමීප සම්බන්ධතාවයකින් උන් වහන්සේ කටයුතු කළා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සිසුල් ප්‍රේම්ජයන්ත්

    susil

    අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී කෝට්ටේ ශ්‍රී කාල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ  දශක තුනකට වැඩි කාලයක් මෙරටට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශාල මෙහෙවරයක් ඉටු කර තිබෙනවා.

     

    සෑම ආගමක් සමඟ ම ඉතා සමීප සම්බන්ධතාවයකින් උන් වහන්සේ කටයුතු කළහ.  බෞද්ධ ඥාණය, ඉංග්‍රීසි දැනුම හා මහාචාර්ය ධූරයෙන් සුදුසුකම් ලබා සිටි උන්වහන්සේ ජාත්‍යන්තර බෞද්ධ සමුළු ගණනාවකට එක්වීමට අවස්ථාව හිමිකර ගත්තහ.

     

    වාර්ෂිකව පැවැත්වෙන බෙල්ලන්විල රජමහා විහාර පෙරහැර සාර්ථක කර ගැනීමත්, වෘත්තීය පුහුනු මධ්‍යස්ථානය පවත්වාගෙන යාමටත්, සිසුන් 1000කට වැඩි සිසුන් පිරිසක් සිටින දහම් පාසලක් පවත්වාගෙන යාමටත්, ධාර්මික හා සමාජීය වශයෙන් විශාල මෙහෙවරක් රටපුරා මෙන් ම ජාත්‍යන්තරව සිදු කළ ස්වාමීන් වහන්සේ නමකි.

     

    සංඝ සමාජයේ හා බෞද්ධ ප්‍රජාවගේ ලංකාවාසී, ලෝකවාසී සියලු දෙනාගේ උපරීම ගෞරවට පාත්‍ර වූ උන්වහන්සේගේ ආදාහන කටයුතු ලබන 8 වැනි දා පස්වරු 3.00ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයේදී රාජ්‍ය අන්‍රග්‍රහය යටතේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

     


    කවුරු රට පාලනය කළත් තම අදහස නොබියව ඉදිරිපත් කළා- පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා

    gaminiබෙල්ලන්විල රජමහාවිහාරයේ විහාරාධිපති බෙල්ලන්විල විමලරත්න අනුනායක ස්වාමීන්වහන්සේගේ අපවත්වීම මුළු රටට ම විශාල පාඩුවක්. ඒවගේම උන්වහන්සේ ඉතාම වැදගත් රටවෙනුවෙන් හිටගත් කවුරු රට පාලනය කළත් තම අදහස නොබියව ඉදිරිපත් කළහ. ජාතික සමඟිය පිළිබඳ සියලු ආගමික නායකයින් සමඟ ඉතා සුහදශීලීව සම්බන්ධවෙමින් රටට විශාල වැඩ කොටසක් උන්වහන්සේ සිදු කළහ.

     

    උන්වහන්සේගේ අපවත් වීම මුළු රටට බලවත් පාඩුවක්. සෑම කෙනෙකුටම තම කටයුතුවලට අවංකව උපදෙස් අනුශාසනා කළහ. රටේ සමාජ සුබසාධනය අනාගතයක් ඇති කිරීමට ඇප කැප වී කටයුතු කළ උන් වහන්සේගේ අපවත් වීම අප බලවත් කණගාටුවට පත්වෙනවා.

     

     

     


    පෙරහැර සංස්කෘතිය රඳවා ගැනීමට මහත් වෙහෙස දැරුවා - ශ්‍රී දළදා මාළිගාවේ දියවන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාpradeep


    අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහාවිරයේ විශාරාධිපති බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්වහන්සේගේ අපවත්වීම ගිහිපැවිදි සමාජය දරාගත නොහැකි පඩුවක්.  උන්වහන්සේ ශාසනික වශයෙන් ජාතික වශයෙන් ඉටු කළ සේවාව ලාංකික ජනතාව දන්නවා.

     

    බස් වහරෙහි හසල දැනුමක් ද අනෙකුත් ආගම්තුළ අන්තර් සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලාංකික පැවිදි ශාසනික සමඟිය ඇති කිරීමට මැදිහත් වූ භික්ෂූන් වහන්සේ නමකි. මීට දශක කිහිපයක සිට පෙරහර සඳහා හීලෑ අලි ඇතුන් පෙරහැර සංස්කෘතිය රඳවා ගැනීමට මහත් වූ වෙහෙසක් දැරූ උන්වහන්සේ අද රටේ ජාතික ආගමික, සංස්කෘතිකට නැතිව බැරි විය. දීර්ඝ ඉතිහාසයක් ඇති බෙල්ලන්විල පෙරහැර තම ජීවත කාලයයෙන් වැඩි කාලයක් සිදු කිරීමට දායකත්වය ලබාදීම ප්‍රදේශයේ ජනතාවට ස්වාමීන් වහන්සේගෙන් විශාල ලැබූ සුවිශේෂි මෙහෙවරකි.

     

    ජාති ආගම් පිළිබඳ මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස නිදහස් අදහස් ප්‍රකාශ කළහ. උන්වහන්සේගෙන ඉටු වූ සේවවාට ඉටු කළ හැකි සමතෙක් භික්ෂු සමාජයෙන් හෝ ගිහි සමාජයෙන් සොයා ගැනීමට අපහසු කටයුත්තක්.  දළදා මාළිගාවේ නියවඩ නිලමේ වශයෙන් සහ පෞද්ගලිකව උන්වහන්සේගේ වියෝව ගැන ඉතා කණගාටුවට පත්වෙනවා.

     

    උන්වහන්සේගේ හඩ අවධි කළේ අවශ්‍ය වේලාවට, අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය තැනට අවශ්‍ය පරිදියි -  ආචාර්ය එඩ්වඩ් ජයකොඩි මහතා

    බොහෝ අය ජීවත් වෙනවා අපට දැනෙවා. සමහර මියයන අය ජීවත් වනවාට වඩා දැනෙනවා. රටට දැනෙන්ට ජීවත්වී රටම දැනෙන විදියට නික්ම ගිය අපේ හාමුදුරුවෝ අපට වටිනවා. උන්වහන්සේ සමාජ හිතවාදී බව අපි edwadහොඳට අත්විද තිබෙනවා. අධ්‍යාපනය, භාෂා දැනුම, සිංහල භාෂා පිළිබඳ ඉංග්‍රීසි. පාලි භාෂාව පිළිබඳ දැවැන්ත පඩිරුවණකි. උන්වහන්සේගේ හඩ අවධි කළේ අවශ්‍ය වේලාවට, අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය තැනට අවශ්‍ය පරිදි ය.

     


     "සැම දා නියං - එක දා වැහි වළාවේ.." වගේ උන්වහන්සේ නැගූ හඩ බයේ අදහස් හංගාගෙන හිටියේ නැහැ. සෞන්දර්ය මෙන්ම සාහිත්‍ය බොහොම ලෙන්ගතුව ඇසුරු කළ කෙනෙකි. උන් වහන්සේ කලාකරුවන්, ලංකා කලාව රැකීමට කටයුතු කළහ.  පසුගියදා රඹක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් උළෙලක්ද කරගෙන ගියා. බොහෝ දෙනා ළඟින් ම ඇසුරු කළ ද කිසිදු අවස්ථාවට ප්‍රතිලාභ අපේක්ෂා කළේ නැහැ. උන්වහන්සේගේ වියෝව දැවැන්ත කියා නිම කළ නොහැකි පාඩුවක්. සමාජ මෙහෙවරක් අවශ්‍ය යුගයක උන්වහනසේ අප හැර යනවා. උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

     

     

     

     

     

    සටහන සකස් කළේ-
    ප්‍රදීපා දිසානායක
    දිල්හාරී බණ්ඩාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya