ඔටිසම් රෝගී තත්ත්වය පිළිබඳ මුලින්ම හඳුනාගනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් රෝහලේ විශේෂඥ වෛද්‍ය ලියෝ කැනර් මහතා විසිනි. ඒ 1943 වසරේදී සෙමෙන් මනස වැඩෙන දරුවන් ලෙස හදුනාගෙන තිබු දරුවන් පිරිසක් නිරීක්ෂණය කිරීමේදීය.
ඔටිසම් යනු කුමක්දැයි පළමුව සලකා බලමු.
මෙය දරුවෙකුගේ මොළයේ අසාමාන්‍ය වර්ධන විලාශයකි. මෙය ලෝකයේ වැඩි වන ප්‍රවණතාවයක් සහිත වර්ධන තත්වයන්ගෙන් එකක් ලෙස හඳුනාගෙන තිබේ. ඇමෙරිකාවේ ඕට්සම් තත්වයෙන් පෙළෙන දරුවන් ප්‍රමාණය 1:68 ක් වන අතර ශ්‍රී ලංකාවේ එම ප්‍රමාණය 1:93 ක් ලෙස හඳුනාගෙන ඇත.
ලෝකයේ ඕට්සම් තත්වයෙන් පෙළෙන දරුවන් ප්‍රමාණය 1% ක් ලෙස හඳුනාගෙන තිබේ. මෙම තත්වය ඕනෑම තරාතිරමක දරුවෙකුට ඇති විය හැකි අතර පිරිමි දරුවන්ට ඇති වීමේ අවධානම ඉහළ මට්ටමක ඇත. එය පිරිමි දරුවන් සහ ගැහැණු දරුවන් අතර 4:1 ක් ලෙස හඳුනාගෙන තිබේ. මෙවැනි තත්වයන්ට හේතූන් ලෙස ජාන සහ පාරිසරික තත්වයන්ගේ අන්තර්ක්‍රියා බලපාන බව පර්යේෂණ වලට අනුව අනාවරණය වේ. ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන් 375,000 ගෙන් 3,750 කට මෙම තත්ත්වය ඇතිවන අතර දරුවන් පරීක්ෂා කිරීම තුලින් මෙම රෝග තත්ත්වය හදුනා ගතහැකිය.
2020 වන විට මෙම රෝග තත්ත්වය 50 % කින් පමණ වැඩිවනු ඇතැයි අනුමාන කරන අතර ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගතහැකි බවද සොයා ගෙන ඇත.
ඕටිසම් තත්වයෙන් යුක්ත දරුවන් හඳුනාගන්නේ කෙසේ ද?
රතු සංඥා සලකුණු (Red Flag signs) යනු මුල් අවධියේම සැළකිල්ලට ගත යුතු ලක්ෂණයි. එනම්,
• මාස 12 ක් වන විට දරුවා බහ තේරීමේ ප්‍රමාදයක් දැකිය හැකි වීම.
• මාස 12 ක් වන විට දරුවා ඇගිල්ල දිගු කොට තම අවශ්‍යතාවයන් ප්‍රකාශ නොකිරීම.
• මාස 16 ක් වන විට දරුවා තනි වචන නොපවැසීම.
• මාස 24 ක් වන විට දරුවා වචන දෙකක් සහිත වාක්‍ය නොපැවසීම.
• ඕනෑම අවධියකදී දරුවා ලබා ගත් වර්ධන කුසලතා නැතිවී යා හැකි වීම.
ඕට්සම් තත්වයේ මූලික ලක්ෂණයි
ඕට්සම් තත්වයේ මූලික රෝග ලක්ෂණ කාණ්ඩ දෙකක් යටතේ හඳුනා ගැනීමට හැකි වී තිබේ. එනම් සමාජ සම්බන්ධතාවයන්ගේ හා සන්නිවේදන ගැටළු හා සීමිත ප්‍රියතාවයන් හෝ අසාමාන්‍ය ක්‍රියාකාරී බවයි.
ඇසට ඇස බලා කතා නොකිරීම, යහළුවන් ඇති කර නොගැනීම, තනිව සෙල්ලම් කිරීමට ඇති කැමැත්ත, සෙල්ලම් කිරීමේදී වයසට නොගැලපෙන ස්වරූපය, තම සිත තුළ ඇති දේ ප්‍රකාශ කිරීමේ අපහසුව, අන් අයගේ හැගීම්, ප්‍රකාශ, නියෝග හඳුනාගැනීමේ අපහසුව, එකම වචනය නැවත නැවත උච්ඡාරණය, අරමුණකින් හෝ හේතුවකින් තොරව හැඩීම සහ සිනාසීම වැනි තත්වයන් සමාජ සම්බන්ධතාවයන්ගේ හා සන්නිවේදන ගැටළුවල ලක්ෂණ වලින් කිහිපයකි.
යම් දෙයක් කෙරෙහි ඇති දැඩි කැමැත්ත හෝ දැඩි අකමැත්ත මෙන්ම වෙනස්කම් වලට දක්වන දැඩි අකමැත්ත, සෙල්ලම් කිරිමේදී සෙල්ලම් භාණ්ඩයේ කොටසකට පමණක් දැඩි ලැදිකමක් දැක්වීම ආදිය සීමිත ප්‍රියතාවයක් හෝ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ ලක්ෂණ වලින් කිහිපයකි.
ප්‍රතිකාර
මෙම තත්වයට ඖෂධ ප්‍රතිකාර කිරීමක් සිදු නොකරයි. විශේෂයෙන්ම මොළයේ ඇති වන අසාමාන්‍ය තත්වයෙන් හා බැඳුණු ගැටළු හඳුනා ගැනීමට පවුලේ සියලුම සාමාජිකයන් සමග එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින්
මෙවැනි භාරදූර කාර්යයක් සිදු කිරීමට පෙර ළමා මනෝ වෛද්‍යවරයෙක් හමු වීම කළ යුතුය.
ඒ අනුව ඕට්සම් තත්වයේ පරාසය හඳුනාගෙන වෘත්තිය චිකිත්සාව, කථන පුහුණුව ඇතුළු චර්යාමය ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි ය. ඒ අනුව දිනකට අවම වශයෙන් පැය 04 ක කාලයක් සක්‍රීය ලෙස දරුවා සමග ක්‍රියාකාරම්වල යෙදීම යෝග්‍ය වේ. මෙම දරුවන්ට ද සාමාන්‍ය දරුවන්ට මෙන්ම අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දීම තුළින් සමාජයට අන්තර්ග්‍රහණය කිරීම තුළින් ඔවුන්ගේ කුසලතා දියුණු කළ හැකි ය. ඒ අනුව මෙවැනි දරුවන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස සලකා ඔවුන්ගේ ආරක්ෂාව සහ වර්ධනයට අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කිරීම අප කාගේත් වගකීමකි.
ඔටිසම් රෝගී තත්වය අවම කිරීම සඳහා මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් හා දැනට මානසික රෝග අංශයෙහි වෛද්‍යවරුන් එක් කර ගනිමින් වැඩ සටහන් රැසක් දියත් කර ඇත.
AP