ඝන ද්‍රව්‍ය සහ වායුමය ස්වරූපයෙන් ස්වාභාවික පරිසරය තුළදී මෙම ජලය දැක ගත හැක. PH අගය මගින් ජලයේ අයන ප්‍රමාණය මැනිය හැකි අතර භාවිතයට සුදුසු ජලය එමගින් නිර්ණය කර ගත හැක. මිනිස් සිරුරේ ගැලුම් 10-12 ක අතර ප්‍රමාණයකින් ජලය රඳා පවතී. වඩාත් භයානකම තත්ත්වය වනුයේ මෙසේ අත්‍යාවශ්‍ය වන මෙම ජීව සාධකය අද දවසේ වියලී යාමයි. ලෝකය පුරා පිරිසිදු පානීය ජලය නොමැති කමින් පීඩා විඳින්නන් සංඛ්‍යාව බිලියන 15කට ආසන්න බව හඳුනා ගෙන තිබේ. එවැනි තත්ත්වයක් යටතේ ජලය වෙනුවෙන් දැනටමත් ලොව පුරා ගැටුම් හටගෙන තිබීම පුදුමයක් නොවේ. යුරෝපයේ බොහෝ රටවල් සිය පානීය අවශ්‍යතාවයන් සඳහා ජලය අපනයනය කිරීමට පෙළඹී ඇති අතර අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් ජල පෝෂක සුරැකීම පිළිබඳ තවදුරටත් කෙටුම්පත් සකසමින් පවතින බව නොරහසකි.
ලෝකයේ ද්‍රව ස්වරූපයෙන් ඇති ජලයෙන් 97.3% ක ප්‍රමාණයක් සාගරයට අයත්ය. ඉතිරි 2.7% ක ප්‍රමාණය මිරිදිය ජලය වන අතර , එයින් ¾ ක් පමණක් ග්ලැෂියර අයිස් වැස්ම හා හිමතලාවල සිරවී තිබේ. සෙසු ඉතිරිය මිනිස් පරිභෝජනයට පවතී. මෙය ඉමහත් අභියෝගාත්මක තත්වයක් බවට අමුතුවෙන් සඳහන් කල යුත්තක් නොවේ. ලොව ජල සැපයුම අතින් පොහොසත්ම මහාද්වීපය වනුයේ දකුණු ඇමරිකාව සහ ආසියානු මහද්වීපයයි. ඒ අතරින් දකුණු ඇමරිකාව ඉදිරියෙන් සිටින අතර ඇමසන් වැසි වනාන්තරය එයට ප්‍රධානම හේතුවයි. නමුත් අවාසනාවකට මෙන් සාපේකෂව ආසියානු මහද්වීපයේ ජල මූලාශ්‍රයන් ක්‍රමයෙන් වියළෙමින් පවතී. ඊනියා කාර්මිකකරණය නිසාවෙන් ස්වකීය ජල මූලාශ්‍ර කඩිනමින් විනාශ කරගන්නා රටල් අතරට අප රටද අයත්ව තිබීම අයහපත් පෙරනිමිත්තකි. තිරසාර සංවර්ධනය වෙනුවෙන් ලෝකය ගමන් කරන අතර තුර තවදුරටත් අප කාර්මික සංවර්ධනය පිළිබඳව උදම් අනමින් සිටි.
මෙවර ලෝක ජල දිනයේ තේමාව වනුයේ ජලය සහ රැකියා නොහොත් වෘත්තීන් යන තේමාවයි.එහි අභිමතාර්ථය වනුයේ ජලය ආශ්‍රිතව ලොව පුරා ජීවත්වන මිලියන ගණනක පුරවැසි තත්වයන් හඳුනා ගැනීමයි.ජලයේ අවශ්‍යතාවය සැබැවින්ම වෘත්තිමය තත්වයන් දක්වා වර්ධනය වූවකි. මීට දශක දෙකකට පෙර පැවති මෙම තත්වය අද වන විට ව්‍යාපාරික තත්වයක් දක්වා වර්ධනය වී ඇත. විකිණෙන ස්වභාවික සම්පත් අතර ජලය ප්‍රමඛතාවයෙහි ලා සැලකෙන්නේ එහි ඇති වටිනාකම තක්සේරු කළ නොහැකි නිසාවෙනි.
ලංකාව වැනි රටක ජලය ආශ්‍රිතව සිදු කෙරෙන වෘත්තීන්හී තත්වය මිරිදිය සහ කරදිය යන ක්ෂේත්‍රයන් ඔස්සේ හඳුනා ගත හැකි වූවත් නිසි පරිදි එය තවමත් ගණනයට ලක් කොට නැත.සැබවින්ම ස්වභාව ධර්මයේ නියම උරුමය අප සතු නොවන අතර එය මිනිසාට පළමුව බිහි වූ සත්ව කොට්ඨාශයන් සතු උරුමයකි.අප සිදු කරනුයේ එම උරුමය ක්‍රමානුකූලව ඉතාම කෘර ලෙස අත්පත් කරගැනීම විනා රැක ගැනීම නොවේ. 2016 වර්ෂයේ ඇති වනු ඇතැයි අපේක්ෂිත නියං තත්වය හමුවේ තවමත් ප්‍රජාව විශයෙහිලා ජල සම්පත සුරක්ෂිත කල යුතුය යන අවබෝධය අනවබෝධයක පවතී.කෙසේ හෝ ජලය ලැබෙන නිසාවෙන් හා ස්වකීය අවශ්‍යතා ඉටුවන නිසාවෙන් මෙම ස්වභාවික සම්පතේ අගය පෙර පැවති තත්වයන්ට වඩා ශේෂ වී ගොස් ඇත. එහි බලපෑම නුදුරේදීම අප වැනි තුන්වැනි ලෝකයේ රටවල් අත්විඳී.
ඒක පුද්ගල ජල සැපයුම අතින් ලොව පොහොසත්ම රට අයිස්ලන්තයයි. එහි ඒක පුද්ගල ජල සැපයුම වර්ෂයකට ඝන මීටර් 670,000 කි. ජල සැපයුම සමග ඝෘජුව සම්බන්ධ වනුයේ වර්ෂාපතනයයි. එම වර්ෂාපතනය රසායනික නොවිය යුතුය.එවැනි අභියෝයන් අද දවස් චීනය හමුවේ ඇති අතර අම්ල වැසි ඇති වීමේ විපාක ඔවුහු බුක්ති විඳිති. පරිහරණය කළ බොහෝ සම්පත් හා සසඳන විට ජලය නැවත නැවත පරිහරණය කල හැකි සම්පතකි. මෙවැනි ක්‍රියාමාර්ගයන්ට යුරෝපීය රටවල් යොමු වීමේ ප්‍රවණතාවය ඉහළ අගයක පවතී. ජල විදුලිය, පානීය ජලය, ගොවිතැන්, සහ වන වගාවන් වෙනුවෙන් අහස් දිය ක්‍රමිකව යොදා ගැනීමට ඔවුහු පෙළඹී ඇත. පසුගිය සියවස තුළ මානුෂීය ජල පරිහරණය ජනසංඛ්‍යා වර්ධන වේගය මෙන් දෙගුණයකි. ජල පරිහරණය සංවර්ධිතව රටවල ස්ථාවර වෙමින් පවතින අතර සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩිවෙමින් පවතී. එනම් අපවැනි රටවල් ය.
ගෘහමය ජල අවශ්‍යතාවය වර්ධනය වෙමින් පවතින අතර ඒ හා ප්‍රමාණයක්ම අපතේ යමින් පවතී.මනා කළමණාකාරිත්වයකින් තොරව බීමට ගන්නා ජලය පරිහරණය නොකිරීම හේතුවෙන් ලංකාව වැනි කුඩා රටවල් හෙට දවසේ මුහුණ දෙන දෛනික ජල පරිභෝජනය අභියෝගාත්මක තත්වයකට පත්ව තිබේ. මෙම තත්වය නිසාවෙන් මූලික ජල අවශ්‍යතා විරහිත තත්වයක් උද්ගත විය හැක. දැනට දත්ත අනූව ක්‍රි.ව 2000 දී රටවල් 61ක බිලියන2.1 ජන සංඛ්‍යාවක් මූලික ජල අවශ්‍යතාවයට වඩා අඩුවෙන් ජලය පාවිච්චි කරයි.
2050 දී ලෝකයේ මුළු සංඛ්‍යාවෙන් 42%ක ප්‍රමාණයකට මුලික ජල අවශ්‍යතාවයෙන් බැහැරව ජීවත් වීමට සිදුවනු ඇත. මෙම තත්වය ලංකාව වැනි ග්‍රාමීය ආර්ථිකය තුළ යැපෙන කුඩා රටවල් සඳහා ඝෘජුවම බලපානු ඇත. එබැවින් ජලය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග අද හෙටම ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කරීමට කාලය එළඹ තිබේ. එය දැනුවත් කිරිමකින් නොහැකි නම් නීත්‍යානුකූලව හෝ ක්‍රියාත්මක කළ යුතු තත්වයකට පත්ව තිබේ. ජලය අපවිත්‍ර වීම, රසායන එකතු වීම, සනීපාරක්ෂාව වෙනුවෙන් විකල්ප මූලාශ්‍ර මෙයට ලක් විය යුතුය. එසේ නොමැති වූවහොත් උග්‍ර සිවිල් අර්බුධ නිර්මාණය වීම වැඩි ඈතක නොවනු ඇත. එමෙන්ම මානව සංහතියේ ජීව පැවැත්මට ඝෘජුව බලපෑම් ඇති කිරීම වළක්වාලිය නොහේ.
මුලාශ්‍ර- US Geological Survey
-සහන් හේවාගමගේ