අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ක්ෂය රෝග දිනය - හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4000ක් අප අතර

    මාර්තු 24, 2015

    bac

    ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් මෙම ලිපිය සකස් වෙයි.

     

     

    ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 දිනට යෙදී තිබේ. වර්ෂ 1882 මාර්තු 24 දින වෛද්‍ය රොබට් කොච් මහතා විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව Mycobacterium tuberculosis බව ප්‍රකාශ කිරීම සමරනු පිණිස වාර්ෂිකව ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබයි.

     

    ලෝකයේ සැඟවුණු මාරයකු ලෙස ජනතාව ගොදුරු කරගත් ක්ෂය රෝගය විශාල පිරිසක් රෝගීන් කළේ ය.

     

    රටක් ලෙස වැඩකරන ජනතාව මෙලෙස රෝගයට ගොදුරුවීම එරට ආර්ථික ශ්‍රම බලකායට බලපෑම් කරන්නට ද හේතු වෙයි.

     

    ක්ෂය රෝගය පිළිබඳ ව බරපතල ලෙස අවධානය යොමු වූයේ එය මරණයෙන් කෙළවර වන රෝගයක් බවට පත් වූ නිසාය. බොහෝ නිරෝගී පුද්ගලයන් ක්‍රමයෙන් රෝගීන් බවට ගොදුරු වන්නේ කිසිදා නොකළ වරදකට වන්දි ගෙවන්නක් ලෙස ය.robet koch

     

    ක්ෂය රෝගයට ප්‍රතිකාර සොයා ගැනීමත් සමඟ ලෝකයේ ක්ෂය රෝගය පිළිබඳව බිය යම් තරමකින් පහව ගියත් ක්ෂය රෝගියකු පිළිබඳව තිබෙන සමාජ ආකල්පය පහව ගිය ද යන්න තවමත් ගැටලුවකි.

     

    බොහෝ ක්ෂය රෝගීන් සමාජයේ ඈත් කර කටයුතු කිරීමට අතැම් පුද්ගලයන් කටයුතු කරන්නේ මිත්‍යා මත හිසමත තබා ගෙනය. ක්ෂය රෝගය ද සාමාන්‍ය රෝගයක් ලෙස  ප්‍රතිකාර මඟින් සුවකළ හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙවන් තත්ත්වයක් තුළ ක්ෂය රෝගය නිසා පුද්ගලයකු ඈත් කරන්නේ නම් එය බරපතල වරදක් ලෙස පෙනෙයි.

     

    ක්ෂය රෝගයේ ඉතිහාසය පිළිබඳව කරුණු දක්වන වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, ක්‍රි.පූ.3000-2400 කාලයේ දී ඊජිප්තුවේ මමී දේහවල කොඳු ඇට පෙළේ ක්ෂය රෝග කාරක  බැක්ටීරියාව නිසා විනාශ වී තිබූ බවය. ක්‍රි.පූ.460දී හිපොක්‍රටිස් විසින් Phthisi රෝගය පැතිරෙන, මරණයට හේතුවන උණ, කැස්ස සමඟ රුධිරය පිටවන රෝග ලක්ෂණ සහිත බව හඳුනාගෙන තිබේ.

     

    වෛද්‍ය ඉතිහාසයේ දීර්ඝ ලෙස මෙම රෝගයට පිළියම් සොයා විවිධ වෛද්‍යවරු සිය කාලය ශ්‍රමය වැය කරමින් පර්යේෂණ පැවැත්වූහ. 1702 වන විට මැග්නම් විසින් පෙනහළුවලින් පිටත ද ක්ෂය රෝග කාරක බැක්ටීරියාව විසින් ඇති කරන රෝග ලක්ෂණ හා වෙනස්කම් හඳුනා ගන්නා ලදී.

     

    tuberculosis1882දී වෛද්‍ය රොබට් කොච් විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව Mycobacterium tuberculosis බව ප්‍රකාශ කිරීම ඓතිහාසික විය.ඒ අනුව කායික හා වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය වෛද්‍ය කොච් වෙත පිරිනැමීය. Albert Calmett සහ Camille Guerine විසින් B.C.G එන්නත සොයා ගන්නා ලදී. පසුව 1946 දී Solomon Waxman විද්‍යාඥයා විසින් Streptomycin නම් ප්‍රතිජීවක ඖෂධය සොයා සුවිශේෂී වූ අතර එය ක්ෂය රෝගයට ප්‍රතිකාරයක් ලෙස භාවිත කිරීම සිදු කළේ ය.

     

    ක්ෂය රෝගය වාතාශ්‍රයේ පවතින ක්ෂය රෝග කාරක බැක්ටීරියා මඟින් බෝවන රෝගයකි. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙය ජාන මඟින් හෝ පරම්පරාව මඟින් ගමන් කරන රෝගයක් නොවන බවය. ක්ෂය රෝගය බැක්ටීරියාවක් නිසා බෝවන රෝගයකි. එය ප්‍රධාන වශයෙන් මිනිසාගේ පෙනහළුවලට බලපෑම් කරයි. ස්නායු පටක, අන්ත්‍ර, අස්ථි, ඇස්, සම, වසා යන අනෙකුත් ඉන්ද්‍රියන්ට බලපෑම් කිරීමේ සම්භාවිතාව 20%ක් බව වෛද්‍යවරු පෙන්වා දෙති.

     

    ලෝක ජනගහනය ගත් විට 1/3ක් ක්ෂය රෝග ආසාදිතයන් බව වාර්තා වෙයි. ශරීරයේ ප්‍රතිශක්තිය හීන වීම, දුර්වල වූ, පරිණත නොවූ අවස්ථාවල ක්ෂය රෝගය වැළදීමේ අවදානම බොහෝ වැඩිය.

     

    ක්ෂය රෝගය පිළිබඳව පර්යේෂණ සිදු කරන වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, එච්.අයි.වී. එඩ්ස් ආසාදිත පුද්ගලයකුගේ ප්‍රතිශක්තිය දුර්වල නිසා ක්ෂය රෝගය වැළදීමේ අවදානම ඉහළ බවය. එය 26%ත් 30%ත් අගයක් බවයි වාර්තා වන්නේ. තවද දීර්ඝ කාලීනව සුවකළ නොහැකි දියවැඩියාව පවතින රෝගීන් ද මෙම රෝගයට ගොදුරුවීමේ ඉඩවැඩිය.

     

    ඉන්දියාව, චීනය වැනි රටවලින් මේ තත්ත්වයේ රෝගීන් හඳුනාගෙන ඇත. අද වනවිට එච්.අයි.වී. එඩ්ස්වලින් පසුව වැඩි ම සංඛ්‍යාවක් ජීවිත හානි

    tuberculosis-spread

    වන බෝවන රෝගයක් ලෙස ක්ෂය රෝගය වසංගතයක් බවට පත් ව තිබේ.

     

    2013 වර්ෂයේ ජනගහනයෙන් මිලියන 9ක් ක්ෂය රෝගීන් ලෙස ප්‍රතිකාර ආරම්භ කර ඇත. ඉන් මිලියන 1.5ක් ක්ෂය රෝගය නිසා මියගොස් තිබේ. මින් 360,000ක් ම එච්.අයි. වී. ආසාදිතයන් ය.

     

    මරණවලින් 510,000ක් වයස අවුරුදු 15-44ත් අතර වේ. මින් 180,000ක් එච්.අයි.වී.ආසාදිතයන් ය. ලෝකයේ ළමුන් 550,000ක් ක්ෂය රෝගීන් බව අනාවරණය වී ඇත. මින් ළමුන් 80,000ක් ම මිය ගොස් ඇත්තේ ක්ෂය රෝගය නිසාය. රෝගීන්ගෙන් 1/3ක් එච්.අයි.වී. රෝගීන් ලෙස හඳුනාගෙන ඇත.

     

    ලෝකයේ  ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර වේගවත් කර තිබේ. එහෙත් රෝගීන් ප්‍රමාණය අඩුවන්නේ ඉතා සෙමිනි. වසර 2000 සිට 2013 දක්වා කාලයෙහි ක්ෂය රෝගීන් මිලියන 37ක් රෝගයෙන් සම්පූර්ණ සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය වාර්තා කියයි.

     

    2013 වාර්තා අනුව ක්ෂය රෝගීන් 9,500කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකාවේ රෝගීන් 14,000ක් සිටිය යුතු බවත් මෙම හඳුනා නොගත් රෝග ආසාදිතයන් 4,000කට ආසන්න පිරිසක් සමාජයේ රෝගය පතුරවමින් සිටින බවත් ය.

     

    මොවුන් හඳුනාගනිමින් ප්‍රතිකාර සිදු කිරීම, ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳව ජාතික වැඩසටහනේ අරමුණ වී තිබේ. මේ වනවිටත් ජාතික වැඩසටහන මඟින් දිස්ත්‍රික්ක 26 පුරා ළය රෝග සායන මඟින් ප්‍රතිකාර ක්‍රියාත්මක කෙරේ.

     

    හෙට දවසේ නිරෝගිමත් සමාජයක හුස්ම ගැනීමට නම් අප සියලු දෙනා මෙම අභියෝගය ජය ගත යුතුය. ක්ෂය රෝගය වලක්වා ගත හැකිය. ඒ සඳහා සියලු දෙනා අවධියෙන් ක්‍රියාත්මක විය යුතුය.

    tb-day2

    වාසය කරන ස්ථානවලට වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදී ජනෙල් විවෘත කිරීම, මත්පැන් දුම්වැටි පානයෙන් වැලකීම, තැන තැන කෙළ ගැසීමෙන් වැලකීම, කැස්ස හෝ කිවිසුම් යාමේ දී ලේන්සුවකින් හෝ ටිසූ කඩදාසියකින් මුඛය වසා ගැනීම, දුර්වල සෞඛ්‍ය තත්ත්වය ක්ෂය රෝගය වැළදීම සඳහා බලපානු ලබන අතර පෝෂදායී ආහාර වේලක් ගැනීම, ඇඳුම් කල්පවත්නා බරපතල ස්වසන රෝග ක්ෂය රෝගය සෑදීමට ඉවහල් වන නිසා එවැනි රෝග ඖෂධ මඟින් පාලනය කර ගැනීම යන කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

     

    ක්ෂය රෝගය වැළදීම වලක්වා ගත හැකිය. එසේම ක්ෂය රෝගය යනු ප්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන් ම සුව කළ හැකි රෝගයකි.

     

    තොරතුරු ඇසුරෙන් සකස් කළේ,

    ප්‍රභාත් රත්නායක


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya