මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සමුළුවට ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්

    ඔක්තෝබර් 11, 2015

    නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා මන්ත්‍රී කණ්ඩායමක් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 133 වන සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමභාගි වීමට නියමිතය.

    මෙම අන්තර් පාර්ලිමේන්තු සමුළුව ඔක්තෝබර් 17 වැනිදා සිට 21 වැනි දා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වීමට නියමිතය.

    එහිදී ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය, රංජිත් අලූවිහාරේ මහතා, බිමල් රත්නායක මහතා සහ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය යන අය කණ්ඩායමේ සෙසු සමාජියෝ වෙති.

    වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය සහ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවට සහභාගී වනු ඇති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya