අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පිටි සංවර්ධනයට මිලියන 30ක්

    ඔක්තෝබර් 09, 2015
     
    මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රිඩා පිටි සංවර්ධනය කිරිමේ කටයුතු වඩා විධිමත්ව කඩිනමින් ඉදිකරන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා  නිලධාරින්ට උපදෙස් දුන්නේය. 
    අදාල ව්‍යාපෘතිවල භෞතික ප්‍රගතිය ඉදිරිපත් කිරිමේදී ඒවායේ විනිවිද බව හදුනාගැනිම සදහා අදාල සංවර්ධන ව්‍යාපෘතියේ ඡායාරූපද සහිතව ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසිය.
     
    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පලකළේ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සිදුකරන මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පිටි සංවර්ධන 
    ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමිනි.  
     
    මහනුවර දිස්ත්‍රික්කයේ  ක්‍රීඩා පිටි  සංවර්ධන ව්‍යාපෘති 38ක් වෙනුවෙන් රුපියල් මිලියන 30ක මුදලක් වෙන් කොට තිබේ. 
     
    මේ වන විට ව්‍යාපෘති 25ක වැඩ අවසන් කර ඇති අතර පාතහේවාහැට , අකුරණ, යටිනුවර, ගගවට කෝරළය හා උඩපලාත යන කොට්ඨාසවල  ව්‍යාපෘති  13ක වැඩ අවසන් කිරීමට නියමිතව ඇත.
     
    රජය මගින් ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති නිසි කලට වේලාවට අවසන් කිරීම රජයේ නිලධාරින්ගේ වගකීමක් බවද,  පාසැල් ආශ්‍රිතව සිදුකරන සංවර්ධන කටයුතුවලදී  පාසලේ විදුහල්පතිවරයාගේ හා පාසැල් සංවර්ධන සමිතියේ  අදහස් විමසා ඔවුන්ගේ සහය ලබාගත යුතු බවද මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.  
     
    ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.ආර්.බී දිසානායක සහභාගිත්වයෙන් පැවැති මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සදහා  
    මහනුවර දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම් වරුන්, විදුහල්පතිවරුන්, ක්‍රිඩා නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටිහ. 
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya