මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙද පුරප්පාඩු පිරවීම සඳහා හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනේ

    මැයි 07, 2024

    රජයේ රෝහල්වල පවතිනහෙද පුරප්පාඩු පිරවීම සඳහා හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම ක්‍රියාවලිය මේ දිනයන්හි සිදු කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.


    හෙදියන් 3000 ක් බඳවා ගැනීම සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇති බවත් සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර අභියාචනා කාලය ගත කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.
    2019, 2020 වසරවල උසස් පෙළ ජීව විද්‍යාව, ගණිතය අංශයෙන් පෙනී සිටි සිසුන් හෙද සේවාවට බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රය 2023.09.15 වැනිදා නිකුත් කළ බවත් දැනට 3100 ක් බඳවා ගෙන ඇති අතර තවත් 3863 ක් බඳවා ගැනීමේ පොරොත්තු ලේඛනයක් තිබෙන බවත් පෙන්වා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
    ඉතාම ඉක්මණින් මෙම බඳවා ගැනීම සිදු කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
    හෙද සේවාවේ 45,000 ක් නිලධාරීන් සිටින බවත් පුරප්පාඩු පවතිනියේ 1000 ක් පමණ බවත් ඇමැතිවරයා පැවසුවේය.
    විපක්ෂ නායකවරයා පැවසූ පරිදි පුරප්පාඩු 45,000 ක් නොමැති බවත් 45,000 ක් සේවයේ නියුතු බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.
    පුරප්පාඩු 1000 ක් පැවතිය ද, 3000 ක පිරිසක් බඳවා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇතැයි ද ඇමැතිවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya