මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටසේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීම සම්බන්ධව මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ පරීක්ෂණ අරඹයි

    මැයි 07, 2024

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටසේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීම සම්බන්ධව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විශේෂ පරීක්ෂණ සිදුකෙරෙන අතර මේ සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් මේ වන විටත් යොදවා තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටසේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් ඊයේ (2024.05.06) දින පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය අද (07) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත-මීරිගම මාර්ග කොටසේ 18+100 කි.මී කොටසේ 2024 මැයි 04 දින කඩා වැටුණු කොන්ක්‍රීට් කදම්භය (beams) මීටර් 30 ක් දිග වන අතර, ටොන් 80 කට වඩා බරින් යුක්ත වේ. 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී මෙම කොන්ක්‍රීට් කදම්භය මෙම ස්ථානයේ ඇති කොන්ක්‍රීට් කණු මත ස්ථාන ගත කළ අතර, වර්ෂ දෙක හමාරක් ගතව ඇති නමුත් මෙම ස්ථානයේ ඉතිරිව තිබෙන වැද්ද කොටස නිම කිරීමට නොහැකි විය.

    කොන්ක්‍රීට් කණු මත කොන්ක්‍රීට් කදම්භ ස්ථානගත කිරීමේ දී කොන්ක්‍රීට් කදම්භ වල ආරක්ෂාව සඳහා රබර් බෙයාරින් පෑඩ් මත ස්ථාන ගත කරනු ලබයි. ඊට අමතරව තවත් බාල්ක දෙකකටද මේ නිසා අලාභ හානි සිදුව ඇත.

    මේ පිළිබඳව පුළුල් ලෙස පරික්ෂා කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විශේෂ කණ්ඩායම් දෙකක් මේ වන විටත් යොදවා ඇති අතර එම පරීක්ෂණ මඟීන් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය I කොටසේඉදිකර ඇති සියලු කොන්ක්‍රීට් කදම්භ වල වර්තමාන තත්ත්වය පරික්ෂා කිරීම සහ අවශ්‍ය ප්‍රතිකර්ම දීමට මෙම නිලධාරීන් කඩිනමින් කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

    එමෙන්ම, එමඟින් අධිවේගී මාර්ගය නියමිත ප්‍රමිතියෙන් සහ තත්ත්වයෙන් ඉදිකර, ආරක්ෂාකාරීව පවත්වාගැනීම පිලිබඳ පුර්ණ සුපරික්ෂාවක් ස පසු විපරමක් නිරන්තරයෙන් සිදු කිරීමද තහවුරු වෙනු ඇත.

    ඊට අමතරව මෙම අධිවේගී මාර්ග කොටස දැනට ඉදිකිරීම් මට්ටමේ තිබෙන බැවින් මාර්ග ඉදිකිරීම් භාර කොන්ත්‍රාත්කරු විසින් මේ සඳහා සිදුව ඇති මුල්‍යමය හානිය දරාගත යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya