මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය හෙට කැබිනට් අනුකමිටුවට

    මැයි 07, 2024

    විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය හෙට(08) කැබිනට් අනුකමිටුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ පැවසීය


    විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල දිනයන්හි සිදු කරන වැඩ වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අද(07) පාර්ලිමේන්තුවේදී
    අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    විශ්වවිද්‍යාල අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණ්ඩලවලට 2016 වසරේදී වැටුප් වැඩි වීමක් දුන් බවත් එතැනදී අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා සියයට 92 කින් වැටුප් ඉහළ නැංවූ අතර අධ්‍යයන කාර්ය මණ්ඩලයට සියයට 107 කින් වැටුප් වැඩි කිරීමක් සිදු වූ බවත් ඇමැතිවරයා පැවසුවේය.

    විශ්ව විද්‍යාල අනධ්‍යන සහ අධ්‍යන කාර්ය මණ්ඩලයට 2016 වර්ෂයේදී වැටුප් වර්ධනයක් ලබා දුන්නා. මෙහි වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya