මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීර්ග කාලයක් තිස්සේ තිබූ අවශ්‍යතාවයකට අනුව බෙදුම් නඩු නීති සංශෝධනය කරනවා - අධිකරණ ඇමති

    මැයි 07, 2024

    බෙදුම් නඩු  සඳහා පැවති ඇතැම් යල් පැන ගිය නීති නිසා යුක්තිය ඉටු කිරීමේ දී ප්‍රමාදයක් සිදු වෙන බවත් දීර්ග කාලයක් තිස්සේ තිබුණු අවශ්‍යතාවයකට අනුව බෙදුම් නඩු නීති මෙලෙස සංශෝධනය කිරීම සිදු කරන බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. අද(07) පාර්ලිමේන්තුවේදී බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ආරමිභ කරමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    නඩු ප්‍රමාදය ගැන කතා කිරීමේදී බෙදුම් නඩු විශේෂ බවත් අනෙක් සෑම නඩුවකටම වඩා බෙදුම් නඩු සඳහා කල් ගත වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    පසුගිය මාස 18 පමණ කාලයක් තිස්සේ යල් පැන ගිය නීති වෙනස් කිරීමටනව  නව අන පනත් පනත් 50ක් පමණ පාර්ලිමේන්තුවේදී  සම්මත කරගෙන ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

    බෙදුම් නඩු නීතියේදී යම් කිසි බෙදුම් නඩුවක් සිදු කරන ක්‍රමවේදයක් තිබෙනවා. ඇතැම් නඩු තීන්දු තීරණ දෙන්නේ වසර 2ක් හෝ  3ක් ගියාට පස්සේ. නඩු සිය ගණනක් අහන විනිසුරුවරුන්ට වසර අවුරුදු 2ක් 3ක් එම නඩුව පිළිබඳව මතක තබා ගැනීම පවා  අපහසුයි. මේ පිළිබඳව දැඩි කතිකාවතක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම් ප්‍රමිතියක් ඇති කළ යුතුයි. ව්‍යවස්ථාදායකයේ මෙම නීති හදද්දි බලාපොරොත්තු වෙන් නැතිව ඇති මේ වගේ මූලික අයිතිවාසිකම් නඩු සිය දහස් ගණන් ගොඩ ගැසේවි කියලා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් කතිකාවතක් ඇති කරනවා.

    තව ගැටලුවක් තමයි බෙදුම නඩු ගොඩ ගැසීම .මෙම නඩු වඩාත් වගකීමෙන් සහ ඉක්මන් කිරීමේ අරමුණින් මෙම සංශෝධන සිදු  කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya