මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලය නාවික හමුදාවට

    ඔක්තෝබර් 12, 2015

    2015 ජාතික බේස්බෝල් ශූරතාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම එහි ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය.

    දියගම බේස්බෝල් ක්‍රීඩාංගනයේදී ඊයේ (11) පැවති අවසන් තරඟයෙන් යුද හමුදා කණ්ඩායම 07ට 03ක් වශයෙන් පරාජයට පත් කළ නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම එහි ජයග්‍රහණය හිමි කර ගත්තේය. එම කණ්ඩායම නියෝජනය කළ ගබඩා සහකාර කේ.ඒ.එස්. මධුශංක තරගයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ අතර, බල නැවි පී.එච්.ටී. මධුමාල් තරගාවලියේ හොඳම ක්‍රීඩකයා සහ හොඳම පන්දු යවන්නා වශයෙන් කුසලාන හිමිකර ගන්නා ලදී.

     

    2012 වර්ෂයේදී ආරම්භ කළ නාවික හමුදා බේස් බෝල් කණ්ඩායම ඉතාමත් කෙටි කාලයක් තුල සැළකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට සමත් විය. එම කෙටි කාල සීමාවේදී ජයග්‍රහණයන් රැසක් හිමිකර ගනිමින් නාවික හමුදා ධජය ක්‍රීඩාවේ ඉහළින්ම දිදුලවන්නට ඔවුනට හැකිවිය.

     

    ඔවුන් මුහුණ දුන් දෙස් විදෙස් සියලුම තරගයන්ගෙන් තම හැකියාවන් සාධනීය ලෙස වර්ධන කරගැනීමටත්, කණ්ඩායම් හැඟීම හා නොමඳ කැපවීම තුළින් තම ජයග්‍රහණයන් සුරක්ෂිත කරගැනීමටත් ඔවුනට හැකිවිය. ඒ සඳහා නාවික හමුදා බේස්බෝල් සංචිතයේ සභාපති, කොමදෝරු යූ.අයි. සේරසිංහ මහතාගේ මග පෙන්වීම, එහි පුහුණුකරු අමිල පතිරාජ මහතා ලබාදුන් පුහුණුව සහ ලේකම් ලුතිනන් කොමාණ්ඩර් ඩබ්ලිව්.එන්.එස්.බී. ධර්මරත්න මහතාගේ දිරිගැන්වීම නාවික හමුදා බේස්බෝල් කණ්ඩායමේ සාර්ථකත්වයට වඩාත්ම ඉවහල් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya