මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාදම් සිසිලස 130 වැනි ධර්ම දේශනාව අද අරලියගහ මන්දිරයේදී

    දෙසැම්බර් 06, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව සෑම පුන් පොහෝ දිනක ම පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 130 වැන්න අද (06) උඳුවප් මස පුර පසළොස්වක පෝදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.


    බුදුදහමේ සිසිලස සැමට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරි කර ගනිමින් ජනාධිපතිතුමන් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි අවධියේ පටන් පවත්වා ගෙන එනු ලබන මෙම ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව පවත්වනු ලැබූවේ ස්‍යාමෝපාලී මහා නිකායේ ඌව පාර්ශවයේ මහා නායක, පිළියන්දල, සුවාරපොළ, ශ්‍රී බුද්ධාලෝක විහාරාධිපති, ශ්‍රී සද්ධම්ම භාතීෂ්වර ආචාර්ය ශාස්ත්‍රවේදී අග්ගමහා සද්ධම්මක ජෝතිකධජ අති ගෞරවාර්හ අඹේවෙල ශ්‍රී පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විසිනි.


    මෙම අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය, මැතිඇමතිවරුන් සහ සැදැහැවත්හු රැසක් එක් ව සිටියහ.


    HC/pmu_Pix by: Sudath Silva

     

    Amadam Sisilasa 130th programme at Temple Trees 1

     

    Amadam Sisilasa 130th programme at Temple Trees 2

     

    Amadam Sisilasa 130th programme at Temple Trees 3

     

    Amadam Sisilasa 130th programme at Temple Trees 4

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya