අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාල්ටන් වාර්ෂික විවිධ ප්‍රසංගය ජනපති ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 06, 2014
    කාල්ටන් පෙරපාසල් සමූහයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය ඊයේ (05) පස්වරුවේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වුණු අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද විශේෂ අමුත්තෙකකු ලෙස එක් විය.
     
    කාල්ටන් පෙරපාසල් සමූහයේ විදුහල්පතිනිය ව කටයුතු කරන්නේ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියයි.
     
    එම දරුවන් විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රාංග රැසකින් මෙම උත්සවය වර්ණවත් විය.
     
    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ආරාධනයෙන් මේ දිනවල දිවයිනට පැමිණ සිටින මැලේසියානු ජනාධිපති ආර්යා ඩාටින් රොස්මා මන්සූර් මැතිණිය ද මෙහි විශේෂ ආරාධිත අමුත්තියක් ලෙස එක් ව සිටි අතර ජනාධිපතිතුමා එතුමිය සමඟ ද සුහද පිළිසඳරක නිරත විය.
     
    DB
     
    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya