මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ සහයත් ජනපතිට

    දෙසැම්බර් 05, 2014

    රට ලබා ගත් ආර්ථික ජයග්‍රහණ ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය අවධාරණය කරයි.

    එබැවින් මෙවර ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහයත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දීමට තීරණය කර තිබෙන බව එහි නායක ඩිව් ගුණසේකර මහතා පවසයි.

     

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (05) අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදීය.

     

    විශේෂයෙන් ම විපක්ෂයේ ප්‍රතිපත්ති රට ආපස්සට ගෙන යන ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දුන් ඒ මහතා එම අපේක්ෂකයාගේ ඡන්ද බැංකුවෙන් 90%ක් ම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වන නිසා කවුරු බලයට පත්වුවත් ප්‍රතිපත්ති මෙහෙයවනු ඇත්තේ එජාපය විසින් බව ද පෙන්වා දෙන ලදී.

     

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය දීම තම පක්ෂය තීරණය කළේ කරුණු 03ක් පදනම් කර ගනිමින් බව ද පෙන්වා දුන් ඒ මහතා රට ලබා ගත් ආර්ථික ජයග්‍රහණ, ජාත්‍යන්තර අභියෝග, විද්‍යා හා තාක්ෂණයෙන් රට ලබා ඇති දියුණුව යන කරුණු ඊට ඉවහල් වූ බව ද කියා සිටියේය.

     

    30 වසරක ත්‍රස්තවාදය, ලෝක ආර්ථික අවපාතය, විවිධ ජාත්‍යන්තර අභියෝග හමුවේ රට ලැබූ ඉහළ ආර්ථික ප්‍රගතිය කිසිවෙකුටත් අවතක්සේරු කළ නොහැකියි. ලොව පුරා ආර්ථික විද්‍යාඥයන් ද එය ඇගයීමට පත් කොට ඇතැයි ඔහු කීය.

     

    ලෝක ආර්ථිකයේ පෙරගමන්කරු බවට අද ආසියාව පත්ව ඇත. එහි විශේෂ ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමි වේ. එය දරා ගත නොහැකි අධිරාජ්‍යවාදී බලපෑම් රැසක් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බව ද පෙන්වා දුන් ඒ මහතා එහිදී රටේ ප්‍රගතිශීලී බලවේග එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර බලවේගවලින් මෙරට ජනාධිපතිවරණයට ද විවිධ බලපෑම් එල්ල කරමින් සිටින බව ද ඔහු කීය.


    විද්‍යා හා තාක්ෂණයෙන් අද රට ඉහළ දියුණුවක් ලබා ඇති අතර රටේ මානව සම්පත සංවර්ධනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අතිශයින් වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේය.

     

    ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ සාමාජිකයන් රැසක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya