මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑබෑ ආබාධිතයන් වන්නේ රටේ සංවර්ධනය නොපෙනෙන පිරිසයි - ජනපති

    දෙසැම්බර් 05, 2014
    සෑබෑ ආබාධිතයන් වෙන්නේ රටේ සංවර්ධනය නොපෙනෙන පිරිස බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.
     
    හොඳ දේ නොඇසෙන ඔවුන්ට රටේ පවතින සාමයත් ත‍්‍රස්තවාදයෙන් පසුව ඇති වූ සංවර්ධනයත් නොපෙනෙන බව ජනාධිපතිතුමා කියා සිටී.
     
    ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දින ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
     
    මෙහිදී උත්සව සභාව ආබාධ සහිත දරුවන්ගේ ඉදිරිපත් කිරීම්වලින් වර්ණවත් විණි.
     
    2014 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සමත් අබාධිත සිසුන් අතුරින් වැඩිම ලකුණ ලබාගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ එම්.එම්.සුපුන් බණ්ඩාර සිසුවා වෙත ත්‍යාග ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු ආයතනවල පුහුණුව අවසන් කළ සිසුන්ට උපකරණ කට්ටල ප‍්‍රදානය ආබාධ සහිත පුද්ගලයන්ගේ කටයුතු පහසු කර ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් නව නිපැයුම් කරන ලද නව නිපැයුම්කරුවන් ඇගයීමත් මේ අවස්ථාවේ සිදු කෙරිණි.
     
    සීදුව වෘත්තීය පුහුණු ආයතනයෙන් නිපදවන ලද පාවහන් යුගලයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya