මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පෞද්ගලික බස් හිමියන් හමුවේ

    දෙසැම්බර් 06, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ පෞද්ගලික බස් කර්මාන්තයේ නිරතවන්නන් අතර හමුවක් අද (06) පෙරවරුවේ නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
     
    සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පෞද්ගලික බස් හිමියන් හා නියෝජිතයන් අටදහසකට අධික පිරිසක් මීට එක්ව සිටි අතර ඔවුන් මෙහිදී මහත් හරසරින් යුතු ව ජනාධිපතිතුමා පිළිගත්හ.
     
    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    පෞද්ගලික බස් ප්‍රවාහන සේවය වෙනුවෙන් ඉටු කරන මෙහෙය උදෙසා සීමාසහිත අන්තර් පළාත් මගී ප්‍රවාහන සමාගම විසින් ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් ද පිළිගැන්වීය.
     
    පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහත්වරු ද, පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB/ Pix By : Udesh Gunarathna
     
    06
     
    07
     
    08 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya