මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අගමැති ඉදිරිපත් කළ යෝජනාව ඉතා වැදගත් - ලෝක ආර්ථික සමුළුවේ විධායක සභාපති Featured

    ජනවාරි 19, 2017

    2018 වර්ෂයේ  යුරෝපීය සහ ආසියානු වෙළඳ අමාත්‍යවරුන්ගේ ඉහළ පෙළේ සමුළුවක් පැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඉතා වැදගත් බව අවධාරණය කළ ලෝක ආර්ථික සමුළුවේ විධායක සභාපති මහාචාර්ය ක්ලෝස් ස්වැප් (Prof. Klaus Schwab) මහතා තම සංවිධානය ඒ සඳහා ඉදිරිපත් වීමට සූදානම් බව පැවසීය.

    ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු මධ්‍යස්ථානයේ දී ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස හමුවූ අවස්ථාවේ ස්වැප් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ සමුළුව තව තවත් ශක්තිමත් කරලීම උදෙසා තම සංවිධානය නවමු අදහස් ගණනාවක් ඉදිරිපත් කිරීමට එකඟ බවය.

     

    පසුගිය වසරේ සිට ලෝක ආර්ථික සමුළුවත්, එහි විධායක සභාපති ස්වැප් මහතා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයත් ශ්‍රී ලංකාව වෙත දක්වන සහය අතිශය අගය කරන බව වික්‍රමසිංහ මහතා පැවසීය.

    වත්මන් ශ්‍රී ලංකාව විධිමත් හා නිවැරදි ආර්ථික මාවතකට ප්‍රවේශ වී ඇති බැවින්, ලෝක ආර්ථික සමුළුවේ සහය සහ උපදෙස් හැමවිටම ශ්‍රී ලංකාව වෙත ලබා දෙන බව සභාපතිවරයා අවධාරණය කළේය.

    ලෝකයේ නව ආර්ථික ප්‍රවණතා සහ අභියෝගයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. ඒ ප්‍රවණතාවන් හා සැසඳෙමින්, අභියෝගයන් හමුවේ ශක්තිමත්ව නැගී සිටීමේ අවකාශයන් සම්බන්ධව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

    මුදල් අමාත්‍ය රවි කරුණානායක, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,  ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් ද මේ සාකච්ඡාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya