මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මින් ඉදිරියට ප්‍රීමා පිටි ප්‍රවාහනය දුම්රියෙන්

    ජනවාරි 19, 2017

    ත්‍රිකුණාමල වරායේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රීමා පිටි ප්‍රවාහනය දුම්රිය දෙපාර්තමේන්තුව භාර ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

    දුම්රිය සාමාන්‍යාධීකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා සහ ප්‍රීමා සිලෝන් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධීකාරී Ong John Seon Jay මහතා අතර මෙම අවබෝධතා ගිවිසුම අද (19) ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අත්සන් කිරීම සිදු වූ අතර මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එක්ව සිටියේය.

     

    මෙම ගිවිසුම අනුව ප්‍රීමා පෞද්ගලික සමාගම ඔවුන්ගේ පිටි ප්‍රවාහන කටයුතු සිදු කිරීමට ප්‍රධාන ප්‍රවාහනය ලෙස දුම්රිය යොදාගන්නා බව මෙහිදී සඳහන් කළේය. ඒ අනුව පිටි ප්‍රවාහනය සඳහා අවශ්‍ය දුම්රිය ගැල්, එන්ජින්, ප්ලැට්බේස් දුම්රිය දෙපාර්තමේන්තුවට අඩුවක්ව පැවතුණු අතර එම උපාංග ප්‍රීමා පිටි සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු මුදලින් කොටසක් වැය කර මාස 06ක් ඇතුළතදී ලබාදීමටත් දෙපාර්ශවය අතර එකඟතාවයක්ද ඇති විය. මෙම ප්‍රවාහන සේවාව තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට මසකට රුපියල් මිලියන 15 ට ආසන්න ආදායමක් ලබා ගැනීමට හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා පැවසීය.

     

    විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගනිමින් මහාමාර්ගවල තිබෙන තදබදය අඩු කර ගැනීමේ පරමාර්ථයෙන් ප්‍රීමා පිටි ප්‍රවාහනයද දුම්රිය මගින් සිදු කිරිමට අපේක්ෂා කරන බවත්  දැනට ගල් අඟුරු ප්‍රවාහනයද දුම්රිය මගින් සාර්ථකව සිදු කර ගෙන යන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

     

    අමාත්‍යරවයා ප්‍රකාශ කළේ එමෙන්ම ප්‍රීමා පිටි සමාගමද දුම්රියෙන් පිටි ප්‍රවාහනය කිරීම තුළින් විශාල ලොරි රථ ප්‍රමාණයක් ඒ සඳහා යෙදීමට අවශ්‍ය නොවන බවයි.

     

    මෙම අවබෝධතා ගිවිසුම සඳහා නිතීපති අවසරය ලබා ගෙන ඇති බවත් අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර, දුම්රිය සාමාන්‍යාධීකාරී බී.ඒ.පී.ආරියරත්න, ප්‍රීමා සමුහ ආයතනයේ සාමාන්‍යාධීකාරී ටාන් බෙන් චුආන් , ප්‍රීමා සිලෝන් කළමණාකරණ අධ්‍යක්ෂ ඔන්ග් ජෝන් සියෝන් සහ සහකාර සමාන්‍යාධීකාරී දර්ශන ද සිල්වා යන මහත්වරුන් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya