අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග අනතුරකින් මියගියහොත් අවයව ගන්න කැබිනට් අනුමැතිය

    ජනවාරි 18, 2017
    මාර්ග අනතුරු හේතුවෙන් ඇති වන මොළය මිය යාම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම නිසා මරණයට පත් වන රියැදුරන්ගේ අවයව සහ පටක, අත්‍යවශ්‍ය රෝගීන්ට බද්ධ කිරීම සඳහා කැමැත්ත ලබාදීමට රියදුරන්ට හැකිවන පරිදි රියදුරු බලපත්‍රය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    සිය අවයව හා පටක පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත ලබා දීමට රියැදුරන්ට හැකි වන පරිදි කැමැත්ත ප්‍රකාශ කරන ප්‍රකාශයක් ඇතුළත් කර රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ හා අලුත් කිරීමේ අයදුම්පත්‍ර සං‍ශෝධනය කිරීමටත්, එසේ ලබා දෙන ලද කැමැත්ත නිරූපනය වන පරිදි දැනට පවතින රියැදුරු බලපත්‍රය සංශෝධනය කිරීමටත් මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.
     
    මෙම කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇත. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya