මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    LPL ක්‍රීඩකයින් සිව්දෙනෙකුට දඩ

    අගෝස්තු 08, 2023

    තරගයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ඇති ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස්, හසන් අලී සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්නට එරෙහිව දඩ පැනවීමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයින් පියවර ගෙන ති‌බේ.

    අගෝස්තු 05 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති කලම්බු ස්ට්‍රයිකර්ස් සහ දඹුල්ල අවුරා අතර තරගයේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව මෙම දඩ ගෙවීමට නියෝග කර තිබේ. ඊට අමතරව එම ක්‍රීඩකයින් අතුරින් හසන් අලී සහ කුසල් මෙන්ඩිස්ට එක් දඬුවම් ලකුණක්ද චාමික කරුනාරත්නට එරෙහිව දඬුවම් ලකුණු 2 ක්ද ලබා දීමට ද තරග තීරකවරයා පියවර ගෙන තිබේ.

    මොවුන් තිදෙනා අතරින් චාමික කරුණාරත්නට සිය තරග ගාස්තුවෙන් 30% ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියම කරද්දී හසන් අලීට 15% ක් සහ කුසල් මෙන්ඩිස් 10% ක් වශයෙන් දඩ වශයෙන් නියම කරීමට එම තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද මනෝජ් මෙන්ඩිස් මහතා පියවර ගෙන තිබේ.

    එම තරගය අතරතුරදී හසන් අලී විසින් තරගයේ ප්‍රධාන විනිසුරුවරයකු ලෙස කටයුතු කරන ලද රවීන්ද්‍ර කොට්ටහච්චි මහතා ලබා දුන් තීරණයක් සම්බන්ධයෙන් නොසතුට පළ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එම දඬුවමද, එම තරගයේදීම කුසල් මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව හේතුවෙන් ඔවුන් දෙපළටද මෙම දඩ මුදල ගෙවීමට තරග තීරකවරයා පියවර ගෙන තිබේ.

    ඊට අමතරව කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන නසීම් ෂා ට ද තරග ගාස්තුවෙන් 20% ක දඩයක් ගෙවීමට නියම කර තිබේ. ලංකා ප්‍රිමියර් ලීග් ආචාර ධර්ම පද්ධතියේ 2.5 වගන්තිය උල්ලංගණය කිරීමේ වරද නිසා එම ගාස්තුවට අමතරව ඔහුටද එරෙහිව දොස් ලකුණක් නියම කර තිබේ. ඉකුත් ජූලි මස 30 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ජැෆ්නා කිංග්ස්ට එරෙහි තරගයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ෂාට මෙම දඩ මුදල ගෙවීමට නියම කර තිබේ.

    අලී, කුසල් සහ නසීම් ෂා එල්. පී. එල්. නීති පද්ධතියේ 2.21 වැනි වගන්තිය කඩ කිරීමේ වරද වෙනුවෙන් එම දඬුවමද චාමික විසින් එම නීති පද්ධතියේ 2.6 යන වගන්තිය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිවද මෙම දඩ පැනවීමට තරග තීරකවරයා පියවර ගෙන තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya