අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන් බලා සිටි දිනය හෙට උදාවෙයි

    ජූනි 06, 2022

    සංචාරක ඔස්ට්‍රේලියානු පිළ සමඟ පැවැත්වෙන පලමු පන්දුවාර විස්සයි-20 තරඟය හෙට (07) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩංගණයේදී රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

    තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ පලමු තරඟය වන මෙම තරඟය මෙන්ම සමස්ථ තරඟාවලියම දෙපිළටම ඉතා වැදගත් තරඟාවලියක් බවට පත්වන්නේ 2022 ලෝක කුසලාන විස්සයි-20 තරඟාවලියද තවත් මාස කිහිපයක් පැවැත්වීමට නියමිත බැවිනි. හෙට පැවැත්වෙන තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක අද(06) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය. නව ප්‍රධාන පුහුණුකරු ලෙස රාජකාරී ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වුඩ් යටතේ ශ්‍රී ලංකා පිළ සහභාගී වන පලමු විස්සයි-20 තරඟාවලිය ද මෙයයි.

    හෙට තරඟයේදී ශ්‍රී ලංකා පිළ දඟ පන්දු යවන්නන්ගේ බළ ඇණිය මත වැඩි විශ්වාසය තබා ක්‍රීඩා කරන අතර මෙරට තණතිලි දඟපන්දු යවන්නහට වැඩි සහයෝගීතාවයක් දැක්වීම ද වඩා වාසි සහගත වනු ඇති. කුසල් මෙන්ඩිස් කඩුලු රකින්නා ලෙස හෙට තරඟයේදී ක්‍රීඩා කරනු ඇති බවයි අද(06) පැවති මාධ්‍ය හමුවේදී දසුන් ශානක වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ. වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස් හා මහේෂ් තීක්ෂණ දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වීමට නියමිතයි.

    අවසන් වරට දෙරට අතර මෙම වසරේ පෙබරවාරි මස ඔස්ට්‍රේලියාවේදී පැවති තරඟ 5කින් යුත් විස්සයි-20 තරඟාවලියේ ජය 4-1ක් ලෙස හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියනු පිළ සමත්විය. මෙරටදී විස්සයි-20 තරඟ 4කට සහභාගී වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉන් තරඟ 2 බැගින් දෙපිළම ජයගෙන ඇත.

    ඔස්ට්‍රේලියානු පිළ හෙට තරඟය සඳහා සහභාගී වන කණ්ඩායම අද දිනයේ නිවේදනය කළ අතර එම කණ්ඩායමට 1 Aaron Finch (capt), 2 David Warner, 3 Mitchell Marsh, 4 Glenn Maxwell, 5 Steven Smith, 6 Marcus Stoinis, 7 Matthew Wade (wk), 8 Ashton Agar, 9 Mitchell Starc, 10 Kane Richardson, 11 Josh Hazlewood යන ක්‍රීඩකයින් 11දෙනා ඇතුළත්ව සිටී.

    Sri Lanka (possible): 1 Danushka Gunathilaka, 2 Pathum Nissanka, 3 Charith Asalanka, 4 Kusal Mendis (wk), 5 Bhanuka Rajapaksa, 6 Dasun Shanaka (capt), 7 Wanindu Hasaranga, 8 Chamika Karunaratne, 9 Ramesh Mendis, 10 Dushmantha Chameera, 11 Maheesh Theekshana

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya