නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හස්ත හා ග්‍රාමීය කර්මාන්තකරුවන් සංවර්ධනය කෙරේ

    නොවැම්බර් 25, 2014
    ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට විශේෂ අවධානයක් ඇති ව දීප ව්‍යාප්ත හස්ත කර්මාන්ත හා ග්‍රාමීය කර්මාන්ත ඇතුළු ව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීම සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය වෙත පැවරී ඇත.
     
    මේ සම්බන්ධ ව හස්ත කර්මාන්ත ශ්‍රම සංවර්ධන වැඩසටහන, නිෂ්පාදන ශ්‍රම වැඩසටහන, ව්‍යාපාර ග්‍රාම වැඩසටහන, කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන, මැටි භාණ්ඩ ග්‍රාම සංවර්ධන වැඩසටහන, කිතුල් සංවර්ධන වැඩසටහන ඇතුළු සංවර්ධන මූලාරම්භයන් ගණනාවක් සියලු කලාප ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇත.
     
    දිවි නැගුම ගෘහ කර්මාන්ත වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ද අමාත්‍යංශය ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සමඟ සමීප ව කටයුතු කරයි.
     
    තවද කර්මාන්ත සංවර්ධන මණ්ඩලය යටතේ ව්‍යාපාර 300ක් සහිත කුඩා හා මධ්‍යම පරිමාණ කාර්මික ජනපද 18ක් පවතින අතර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා කාර්මික ජනපද නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ යටිතල පහසුකම් සංවර්ධන මූලාරම්භයන් කාර්මික ජනපදවල සිදු කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya