නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ අඩු ආදායම් පවුල්වල ආර්ථිකය නැංවීමට යුද හමුදා සහය

    නොවැම්බර් 24, 2014
    යාපනයේ අඩු ආදායම්ලාභි පවුල්වල ආර්ථිකය නංවාලීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා විසින් සිදු කරනු ලබන ප‍්‍රජා සත්කාරක වැඩසටහන යටතේ තවත් එළ ගවයන් 100ක් හා එළුවන් 100ක් පසුගිය දා යාපනයේ නගරයේ දී බෙදා දෙන ලදි.
     
    යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක වූ මෙම වැඩ සටහන යාපනයේ පුස්තකාලය අසල මුට්ටවේලි පිටියේදී පැවැත්විණි. වත්මන් ආර්ථික තත්ත්වය සලකා බලා 51, 52 සහා 55 වන සේනාංක ප‍්‍රදේශවල ජීවත් වන අඩු ආදායම්ලාභී වැසියන් 200 දෙනෙකු අතර මෙම ගවයන් හා එළුවන් බෙදා දෙන ලදී.
     
    මෙයට අමතර ව ප‍්‍රදේශයේ පාසල් සිසුන් හට පොල්පැළ 1000ක් ද යුද හමුදාව විසින් බෙදා දෙන ලදි. එදින යුද හමුදාව විසින් මහජනයා අතර බෙදාදුන් පැළ අතර තේක්ක පැළ 500ක්, කජු පැළ 500ක්, කොහොඹ පැල 500ක් හා කෙසෙල් පැළ 500ක් ද විය. මෙයට අමතර ව පසුගිය පෝය දින ශ‍්‍රී බෝධි රාජ පදනමේ අනුග‍්‍රහය ඇති ව ගවයන් 100 දෙනෙකු බෙදාදිමේ උත්සවයක් ද පැවැත්විණි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපන් දිනයට සමගාමී ව සංවිධානය කරන ලැබූ මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස සාම්ප‍්‍රදායික කර්මාන්ත කුඩා ව්‍යවසායක අමාත්‍යය ඩග්ලස් දේවානන්දා මහතා ඇතුළු ප‍්‍රදේශයේ සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya