ප්රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත්වීම හේතුවෙන් රජරට ජනතාවගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා ඊයේ (24) අනුරාධපුරයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා, මෛත‍්‍රීපාල සිරිසේන ගියා කියලා උතුරු මැදින් ජනාධිපතිතුමාට කිසිදු අඩුවක් වෙන්න දෙන්නේ නැහැ. පසුගිය සෑම මැතිවරණයකදී ම අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත‍්‍රික්ක ලබාගත් ජයග‍්‍රහණවලට වඩා ඉහළ ජයග‍්‍රහණයක් ලබා දීමට අපි කටයුතු කරනවා. මෛත‍්‍රීපාල ඇතුළු ගිය කිහිපදෙනා මන්ත‍්‍රීකම්, ඇමතිකම් දැරුවට මේ රටේ නායකයන් වෙන්න හිතනවා නම් දේශපාලන අවබෝධය කොච්චර ද කියලා හිතා ගන්න පුළුවන්.
පොලොන්නරුවේ සියලු ම මන්ත‍්‍රීවරුන්, ජනාධිපතිතුමා හමු වී ඊයේ ප‍්‍රතිඥා දුන්නා මෛත‍්‍රීපාල ගියාට පොලොන්නරුවේ ජනතාව සහ මහජන නියෝජිතයෝ යන්නේ නෑ කියලා. මෙවර ලංකාවේ ඉහළ ම ප‍්‍රතිඵලයෙන් දිනවන්නේ මෛත‍්‍රීපාල නියෝජනය කළ පොලොන්නරුව සහ අනුරාධපුර අයත් රජරටයි යනුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළේය.
NDH/HC