නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළ නොහැකි සියලු දේ කළේ ජනාධිපතිතුමයි

    නොවැම්බර් 21, 2014

    ලෝකයේ කිසි ම රටකට කළ නොහැකි දේවල් ප‍්‍රායෝගිකව කරලා පෙන්නූ එක ම නායකයා වුණේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) දවුලගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති "දිනූ දැය සුරකින දිරිය ලිය" උඩුනුවර කාන්තා සම්මේලනය අමතමිනි. 

     

    "ලෝකයේ කිසි ම රටකට කළ නොහැකි දේවල් ප‍්‍රායෝගිකව කරලා පෙන්නූ නායකයා වුණේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. තමන්ගේ රටවල් ලෝකයේ පොහොසත් රටවල් බවට පත්කරමින් සිටි නායකයන් ගණනාවක් අමු අමුවේ මරා දමන්නට කුමන්ත‍්‍රණය කළ බටහිර රටවලින් යැපෙන එන්.ජී.ඕ. අපේ රට පස්සෙත් පන්නනවා. අවුරුදු සියයකට පසුව ලැබුණු නායකත්වය විනාශ කරලා අපේ රට යළිත් අමු සොහොනක් බවට පත් කරන්නට, ඉරාකයක්, ලිබියාවක් හෝ සිරියාවක් කරන්නට අපි ඉඩ තැබිය යුතු නැහැ. එදා ලිබියාව ඉතා වේගයෙන් දියුණු කළේ ගඩාෆි. සදාම් හුසේන් ඉරාකය ගොඩ නැඟුවා. මේ නායකයන් බොරු චෝදනා එල්ල කරමින් බටහිර න්‍යායපත‍්‍රවලට වැඩ කළ රාජ්‍ය නොවන සංවිධාන තමයි ඒ රටවල් අමු සොහොන් බවට පත් කළේ". 



    "එදා රනිල් වික‍්‍රමසිංහ ලියවිල්ලකින් උතුර කොටින්ට ලියලා දුන්නා. එතකොට අපිට උතුරට යන්න වුණේ කොටි ආරක්ෂකයොත් එක්කයි. අපි උතුරෙන් දකුණට යනකොට වෙන රටකට යනවා වගේ ඒ අවස්ථාවේ දැනුණේ. එහෙම පාලනය කරපු කොටි මුස්ලිම් ජනතාව එක රැයින් එලවලා දැම්මා. පරම්පරා ගණනාවක් එකතුකරගත් ධනය අතහැරලා, ගෙවල් දොරවල් අතහැරලා ඇඳගෙන ඉන්න ඇඳුමට අමතරව එක ඇඳුමක් ෂොපින් කවරයක දමාගෙන පැය 24ක් ඇතුළත පිට වෙන්න අණ කළා. ඒ අහිංසක මිනිස්සුන්ට කරන්නට දෙයක් නැති වුණා. ඒ විතරක් නොවෙයි දෙවියන් යදිමින් හිටපු මුස්ලිම්වරු එක පෙළට තබා දේවස්ථානයේ දී ම වෙඩිතබා මරන්නට තරම් කුරිරු වුණා. මේවා අමතක කරන්නට අපේ ජනතාවට ලෙහෙසියෙන් බැරි වේවි. ඒ නිසා ඔය කුමන්ත‍්‍රණකාරයන්ට රටේ බහුතර ජනමතය වෙනස් කරන්නට බැහැ".



    "මේ රටට ත‍්‍රස්තවාදය බෝ කළේ එක්සත් ජාතික පක්ෂයයි. උතුරේ ත‍්‍රස්ත සංවිධාන බෝ වුණේ, දකුණේ ජේ.වී.පී. එකට මිනී මරන්නට අවශ්‍ය පසුබිම සකසා දුන්නේ ජේ.ආර්.ගේ සමයේ පොලිසිවලට නිවාඩු දීලා. මේ රටට හොර ඡන්ද සංස්කෘතිය හඳුන්වලා දුන්නෙත් එක්සත් ජාතික පක්ෂයම යි. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ කරමින් රටට වින කරපු පක්ෂය එක්සත් ජාතික පක්ෂයම යි. ජේ.ආර් යුගය, පේ‍්‍රමදාස යුගය තරම් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කඩවුණු කාලයක්, මිනී මරපු කාලයක්, හොර ඡන්ද කරපු කාලයක් මේ රටේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ තරම් දූෂණය, භීෂණය වපුරපු කාලයක් මේ රටේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. එහෙම කාලයකට ආපහු යන්න අපට අවශ්‍ය නැහැ. එවැනි නායකයන්ට රට භාර දෙන්න අපේ ජනතාව කිසිසේත් කැමති නැහැ". 



    දළදා මාලිගාව, ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ලේවලින් නහවපු යුගයක් ආයෙත් ඇති වෙනවාට ගමේ ඉන්න යූ.එන්.පී. පාක්ෂිකයන් අකමැති බවත් ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය පිළිබඳ ව කිසිම සැකයක් නැහැයි යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



    මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya