ජනතාවට වඩා උසස් සේවා සැපයුම් සැලැස්මක් සකසා ක්‍රියාත්මක කිරීම මින් අපේක්ෂා කරන බව සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මූලස්ථාන සමාජසේවා නිලධාරී ප්‍රේමරත්න කේ. පතිරණ මහතා පැවසීය.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ හා සමාජ සේවා අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ අධීක්ෂණයෙන් යුතු ව සමීක්ෂකවරුන් 150ක පමණ පිරිසක් මේ සඳහා යොදවා ඇත. කොට්ඨාසයේ සියලු ම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි පසුගිය 17 දින ආරම්භ කරන ලද මේ වැඩපිළිවෙළ යටතේ අද (21) දක්වා ක්ෂේත්‍රගත දත්ත රැස්කිරීම සිදු කරනු ඇත.
NDH/WK-BG dmu polonnaruwa