"ජනාධිපතිතුමා බලයට පත්වූ දා ඉඳලා කියපු දෙයක් තමයි රාජ්‍ය සේවයේ දී ජනතා යහපත වෙනුවෙන් ආයතන සංග්‍රහ, මූල්‍ය රෙගුලාසිවලට හිරවෙන්න එපා කියන එක. 2012 වසරේ මේ උපාධීධාරින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා මොහොතේදීත් විවිධ අභියෝග අපිට එල්ලවුණා. විපක්ෂයේ අය අපට විවිධ අපවාද අවලාද නැගුවා, උපාධිධාරියාව රැවටීමකට ලක්කරන්න රජය උත්සහා කරනවා කියලා. කොහොම වුණත් ඒ සියල්ල මැද්දේ 50,000ට අධික පිරිසක් අපි බඳවා ගත්තා. අවුරුද්දක පුහුණුවෙන් පස්සේ මේ අය රැකියා ගත කිරීමේදීත් අභියෝග රාශියකට අමාත්‍යාංශයක් ලෙස අපි මුහුණ දුන්නා. අවසානයේ රජයක් ලෙස මේ උගත් පිරිස රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම්ලාභීන් බවට පත් කිරීමට අපිට හැකිවුණා. කොහොම වුණත් මෙම අභ්‍යාසලාභීන්ට ස්ථිර පත්වීම් ලබාදීමේ දී පෙර කිසිම රජයක් නොකළ මහා කැප කිරීමක් මෙන්ම නීතිවලට සීමා නොවුණු තීන්දු අපේ රජය අරගත්තා" යැයි සෙනෙවිරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වයස අවුරුදු 45ට වැඩි අභ්‍යාසලාභී උපාධිධාරීන් සියලු දෙනාට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කිරීම වෙනුවෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (19) පැවති උත්සව අවස්ථාවේදීය.
"සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු 45 ඉක්මවන්නේ නෑ. මෙය එදා පටන් පැවති සම්ප්රදාය. කොහොමවුණත් 2012 අපි ප්‍රතිපත්තිමය ලෙස උපාධිධාරීන්ට රාජ්‍ය සේවය විවර කරදීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් විදිහට විවෘත අයදුම්පත් කැඳවීමේදී 50,000ට ඉහළ අයදුම්පත් ප්‍රමාණයක් අපිට ලැබුණා. මෙහිදී අපිට හොඳටම ඉඩ තිබුණා අභ්‍යන්තර උපාධිධාරීන් විතරක් සංවර්ධන නිලධාරි තනතුරට බඳවාගැනිමට. ඒත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ උගත්කමට ගරු කරලා සියල්ලන්ටම රැකියා දෙමු කියලා. ඒ අනුව ලද අයදුම්පත් සියල්ලන්ට ම අභ්‍යාසලාභී පත්වීම් ලබාදීමට අපි පියවර ගත්තා. කොහොම වුණත් මෙහිදී HND පාඨමාලා හැදෑරූ අයත් මෙලෙස පත්වීම් ලබා තිබුණා. මේ අපි මුහුණදුන් තවත් අභියෝගයක්. ඒ ප්‍රශ්නයත් හොඳින් කළමනාකරණය කරලා, එහෙම විසඳුවට පස්සේ අපිට තිබුණ තවත් බරපතළ ම ගැටලුවක් වුණේ මේ 45ට වැඩි පිරිසට මොකද කරන්නේ කියන එක. සංවර්ධන නිලධාරී ව්‍යවස්ථාව අනුව උපාධිධාරීන් බඳවා ගැනීමේ උපරිම සීමාව අවුරුදු 35යි. නමුත් අපි රජයක් විදිහට සාමූහිකව තීන්දු කළා මේ අයවත් මේ වතාවට පමණක් බලපැවැත්වෙන පරිදි බඳවා ගැනීමට. මේ ගැන මම අවස්ථා ගණනාවකදී කැබිනට් එකේ කතා කළා. මෙය එතරම් සරල කාරණයක් නෙමෙයි".
"වසර 45 කියලා ගත්තොත් විශ්‍රාමික වයස වන විට සේවය කරලා තියෙන්නේ වසර 10ක් නැත්නම් 15ක්. මේ අයට විශ්‍රාමික වරප්‍රසාද ඊට වැඩි කාලයක් ගෙවිය යුතුයි. වයස අවුරුදු 50 ඉක්ම වු අයත් මේ තුළ ඉන්නවා. කොහොම වුණත් අපි නීතියට එහා ගිහිල්ලා මානුෂිකව සලකා බලලා මෙම වැඩසටහනේ සිටි 45ට වැඩි 47 දෙනෙකුට මේ විදිහට අද ස්ථිර පත්වීම් දීමට කටයුතු කළා. මේ පිළිබඳ ව සමස්ත උපාධිධාරින් ම ජනාධිපතිතුමන්ට ස්තූතිවන්ත විය යුතුයි. මේ පත්වීම් ප්‍රදානයත් සමඟ සංවර්ධන නිලධාරීන්ට තිබුණු සියලු ගැටලු නිරාකරණය කිරීමට හැකිවීම සතුටට කරුණක්" යැයි සෙනෙවිරත්න මහතා පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, අතිරේක ලේකම්වරුන් වන ජගත් චන්ද්‍රසිරි, කේ.එන්. ජාතුංග, දීප්ති ප්‍රනාන්දු, ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් කේ.වී.පී.එම්.ජේ. ගමගේ මහත්ම මහත්මීහු ඇතුළු අමාත්‍යාංශ නිලධාරින් හා පත්වීම්ලාභී උපාධිධාරීන් සියලු දෙනා සහභාගීවී සිටියහ.
DB