නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල කුඹුරු හානි වූ ගොවීන්ට බිත්තර වී

    නොවැම්බර් 18, 2014
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය යල කන්නයේ නියඟයෙන් කුඹුරු හානි වූ පොහොර සහනාධාරය ලබන ගොවීන් 2014 - 2015 මහ කන්නයට බිත්තර වී ලබාගැනීම සඳහා මුදල් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇති බව කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුණ සමරදිවාකර මහතා ප්‍රකාශ කරයි.
     
    මේ යටතේ කුඹුරු අක්කරයක් සඳහා වී බුසල් දෙකක් මිලදී ගැනීමට බුසලකට රුපියල් 1400 බැගින් රුපියල් 2800ක මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා චෙක්පත් මගින් ගොවීන් වෙත ලබා දෙයි.
     
    මේ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් 155,000කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සුදුසුකම් ලබාගෙන ඇති අතර රජය විසින් මේ සඳහා රුපියල් මිලියන 525ක් ලබා දී ඇත.
     
    DB/ AK - dmu kurunegala
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya