මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයට දින නියම කිරීමටත් පෙර විපක්‍ෂය පරාජයට පත් වෙලා

    නොවැම්බර් 17, 2014
    ජනාධිපතිතුමා සමඟ තරග වැදීමට අපේක්ෂකයෙකු සොයා ගත නොහැකි ව ජනාධිපතිවරණයට දින නියම කිරීමටත් පෙර විපක්‍ෂය පරාජයට පත් වී ඇතැයි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේ කලා වැව මැතිවරණ කොට්ඨාසයේ අක්කර පන්සීය ගම්මානයේ දී ජනාධිපතිවරණය පිළිබඳ කාන්තා බල මණ්ඩලය දැනුවත් කිරීම සඳහා පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.
     
    එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය. "2005 ජනාධිපති පදවියට පත් වී 2010 වැඩි ඡන්ද දහ අට ලක්‍ෂයකින් යළි ජනපති පදවියට පත් වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපතිවරණයට අවුරුදු දෙකක් තිබිය දී යළි ජනාධිපතිවරණයක් පවත්වා තුන්වෙනි වරටත් ජනාධිපති පදවියට පත්වීමට ජනතා වරම් ඉල්ලන්නේ පරාජය නො ව ජයග‍්‍රහණය ස්ථිර බව අවබෝධ කර ගෙනයි. තවත් වසර දෙකක් ඉදිරියට ජනාධිපති පදවිය දැරීමට අවස්ථාව තිබිය දී යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වැඩි ඡන්ද විසිපන් ලක්‍ෂයකින් යළි ජයග‍්‍රහණය කරවීම කලගුණ දන්නා මේ රටේ ජනතාවගේ ඒකායන අපේක්‍ෂාව වන බව ද කීය.
     
    ජනාධිපතිවරණය ඉදිරියේ යන එන මං නොමැතිව අසරණ වී සිටින එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කොට ඇඟ බේරාගැනීමට උත්සාහ කරන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමඟ තරග කර අන්ත පරාජයක් අත්වෙන බව හොඳ හැටි දන්නා නිසයි. ජ.වි.පෙ. ඇතුළු ත‍්‍රීවීල් පක්‍ෂ වහසි බස් දෙඩුවත් ඔවුන්ට ජනතා බලයක් නැහැ. තිස් වසරක් ත‍්‍රස්ත තර්ජිත ප‍්‍රදේශයක් වූ උතුරු මැද පළාත තුළ සිදු කර ඇති දැවැන්ත සංවර්ධනය ඉදිරියේ අවස්ථාවාදීන්ට ජනාධිපතිතුමාට එරෙහිව සටන් කිරීමට තබා ඡන්ද පෝස්ටරයක් හෝ ඇලවීමට ශක්තියක් නැති බව ද" ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya