අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල විශේෂ අවශ්‍යතා සහිත කලාකරුවන් වෙනුවෙන් තරගයක්

    නොවැම්බර් 13, 2014
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද විශේෂ අවශ්‍යතා සහ අවධානය ලබා දිය යුතු කලාකරුවන් සඳහා වන දිස්ත්‍රික් තරගය පසුගිය දා කුරුණෑගල ඇත්කඳ විහාරයේ දී පැවැත්විණි.
     
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් තුළින් මෙම තරගය සඳහා ඉදිරිපත්වීමට කැමති පුද්ගයන්ගෙන් අයදුම්පත් කැඳවා මෙම තරගය පැවැත්විණි.
     
    ශ්‍රව්‍ය, කථන, ශ්‍රවණ, චලන, මන්ද මානසික හෝ රෝගී තැනැත්තන් යන් ආබාධ සහිත පුද්ගලයන් අතර නර්තන තරග, සංගීත භාණ්ඩ වාදන තරග, ගායනා, චිත්‍ර නිර්මාණ යන තර ඉසව් 16ක් යටතේ මෙම තරගය පැවැත්වූ අතර ආබාධයේ ස්වභාවය අනුව ජයග්‍රාහකයන් තෝරා ගැනුණි.
     
    මෙම තරගවලින් ප්‍රථම ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන් සමස්ත ලංකා තරග සඳහා යොමු කරන අතර සියලු ම තරගකරුවන් සඳහා සහතිකපතක් ලබාදීමට ද නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya