මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත උදාන ගොවි සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් අද මහනුවරදී

    නොවැම්බර් 13, 2014

    කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන සමඟින් ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සංවිධානය කරනු ලබන ‘හරිත උදාන ගොවි සමුළුව’  අද (13) ප.ව. 3.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව සේවා සංසරණ අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී පැවත්වේ.


    කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පසුගිය දශක දෙක තුළ ලබාගෙන ඇති ජයග්‍රහණ හා කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි දැක්ම පිළිබඳ ව ගොවි ප්‍රජාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මෙම ගොවි සමුළුව සංවිධානය කොට තිබේ.

    මධ්‍යම පළාතේ, මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල හා කුරුණෑගල, බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවල හරිත උදාන ගොවි සංවිධානවල නියෝජිතයන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති අනෙකුත් ගොවි සංවිධානවල  සාමාජිකයන් 5,000කට අධික සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya