නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද බටහිර රටවල් හදන්නේ මේ රට දෙකඩ කරන්න

    ඔක්තෝබර් 29, 2014

    අද බටහිර රටවල් හදන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවලා මේ රට දෙකඩ කරන්න යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ගාල්ල බලපිටිය ආසනයේ රට රකින නිල් පවුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසනබල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අද ආණ්ඩුවට විපක්ෂයෙන් අභූත චෝදනා කරනවා. කුඩු ආණ්ඩුව කියනවා. එතනෝල් ආණ්ඩුව කියනවා. අපි කියන්නේ එව්වා ඔප්පු කරලා පෙන්වන්න. ඒ වගේ ම ඉන්නවා නළුවෙක්. එයා ගහන්නේම මඩ. එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරන නළුවෙක් එයා. දේශපාලනයේ මීට වඩා විශිෂ්ට නළුවෝ හිටියා. මෙයාව එයාලා ළඟින්වත් තියන්න බෑ. මේ අයගේ වැඩේ ජනාධිපතිතුමාට මඩ ගහනවා. ජනාධිපතිතුමාට ගහන මඩවලට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හැටියට තමුන්නාන්සේලා නැගී සිටිය යුතුයි.  


    එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය අද සීසීකඩ ගිහින් තියෙන්නේ. තාම සජිත් ප්‍රේමදාස මහත්තයට නියෝජ්‍ය නායකකම  නිල වශයෙන් ලිඛිතව දීලා නෑ. නිකන් රවට්ටලා විතරයි තියෙන්නේ. ඌවට හරීන්ව දැම්මා. හරීන් ඒ ලණුව කෑවා. මම එදා කියපු දේවල් අද සිද්ධවෙලා තියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආධාරකරුවෙක් මා සමඟ පැවසුවා යටින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවන්න උදව් කරනවා කියලා. අද එක්සත් ජාතික පක්ෂයට පත්වෙලා තියන ඉරණම ඕක. රනිල් වික්‍රමසිංහ කෙලින් කරන්නේ කොටියට. කොහේ ගියත් කොටි සමඟ සකච්ඡා කරලා ඡන්ද දිනන්න හදනවා.

     

    බල්ලෙකුගේ නකුට උණ පුරුකේ දාලා තිබ්බත් කෙලින් කරන්න බෑ වගේ කවදාවත් රනිල් වික්‍රමසිංහව හදන්න බෑ. අද බටහිර රටවල් හදන්නෙත් රනිල් වික්‍රමසිංහව ජනාධිපති පුටුවේ ඉන්දවන්න. ඩයස් පෝරාව ඉදිරියට දාගෙන ලංකාවේ 20% සුළු ජනතාවගේ ඡන්දයෙන් මම ජනාධිපති වෙනවා කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. ඒ වගේ කෙනෙකුට මේ රටේ නායකත්වය දුන්නොත් අපි හැමෝට ම පාරට බහින්න සිද්ධ වෙනවා. දකුණේ  සිංහල, දෙමළ, මුස්ලිම්  සියලු ම ජනතාව එකතුවෙලා ලබන ජනවාරියේදී ජනාධිපතිතුමාව නැවතත් ජයග්‍රහණය කරවීමට කටයුතු කරනවා. දැන් ගම් ඇතුළේ හදාගෙන යනවා '' දැන් හරි '' කියලා පාඨයක්. හරි නෙමෙයි දැන් එක්සත් ජාතික පක්ෂය පරාද වෙලා ඉන්නේ. අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයෝ බලාපොරොත්තු රැසක් තියාගෙන ගම්වල වැඩ කරනවා. ලබන ජනවාරි වෙන කොට රනිල් මහත්තයා ආයෙත් එක්සත් ජාතික පාක්ෂිකයින් උස්සලා පොළොවේ ගහනවා. ඒ නිසා කවදාවත් එයාට මේ රටේ නායකත්වයට එන්න බෑ. එතුමා මේ සැරෙත් පරාද වෙනවා. ‍

    මෙම අවස්ථාවට වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා,  මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සචින් ද වාස් ගුණවර්ධන ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya