නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාත් සභාවේ ප්‍රතිපාදනවලින් වැය කර ඇත්තේ සියයට විසිපහක් පමණයි

    ඔක්තෝබර් 28, 2014
    මෙම මස 24 දිනට උතුරු පළාත් සභාව ස්ථාපිත කර වර්ෂයක් පූර්ණවන මුත් වර්තමාන පළාත් සභා පාලකයන් කිසිදු ප්‍රයන්තයක් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට රැගෙන නැති බවද දැනට මධ්‍යම රජය විසින් පළාත් සභාවට ලබා දී ඇති ප්‍රතිපාදනවලින් ඔවුන් වැය කොට ඇත්තේ සියයට විසි පහකට වඩා අඩු ප්‍රමාණයක් බවද උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක සින්නතුරෙයි තවරාජා මහතා පැවසීය.
     
    එම ප්‍රමාණයත් සංවර්ධන කටයුතු සඳහා නො ව මහ ඇමතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ වාහන ගැනීම ඇතුළු ඔවුන්ගේ සුඛ විහරණය සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා බවත් ඒ මහතා පෙන්වා දෙයි.
     
    උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක සින්නතුරෙයි තවරාජා මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    මේ පිළිබඳ ව විවෘත මාධ්‍ය විවාදයකට උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයාට හෝ දෙමළ ජාතික සංධානයේ වගකිව යුතු දේශපාලඥයෙකුට අභියෝගාත්මක ආරාධනාවක් කරන බවද ඒ මහතා පැවසීය.
     
    මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා පසුගියදා ජනාධිපතිතුමා විසින් උතුරේ සංවර්ධන කටයුතු සඳහා පැවැත්වූ උතුරු සංවර්ධන සභා රැස්වීම්වලට මහ ඇමතිවරයා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඇරයුම් කර තිබුණද ඔවුන් කිසිවකු එම රැස්වීම්වලට සහභාගී නො වු බවත් එසේ සහභාගී නොවීමට හේතුව ඔවුන් ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකර ඇති බවත් ඒවා හෙළිදරව් වීමෙන් ඔවුන්ගේ වංචාකාරී ප්‍රෝඩාකාරී ආත්මාර්ථකාමී දේශපාලනය හෙළිදරව් වන බැවින් එයට ඇති බිය නිසා බවද පැවසීය. 
     
    එහිදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සංවර්ධනය හා දේශපාලනය පටලවා ගෙන කටයුතු නොකර ජනතාවගේ සංවර්ධන කටයුතු කරන ලෙස ඔවුන්ට අවවාද කළ බවද පෙන්වා දුන් තවරාජා මහතා සංඛ්‍යාලේඛන සහිත ව උතුරු පළාත් සභාවට මධ්‍යම රජයෙන් ලැබුණු ප්‍රතිපාදන හා ඒවා වැයකර ඇති ආකාරය පිළිබඳ ව මාධ්‍යවේදීන් දැනුවත් කළේය.
     
    පසුගිය දා දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයා උතුරේ කළ සංචාරය අතරතුර දී උප ජනාධිපතිවරයා හෝටලයකදී හමු වී ඔහු තමාට කාර්යාලයක් හෝ නොමැති බව පවසා ඇති නමුත් ඔහුගේ කාර්යාලය සඳහා හා නිවස සඳහා රජය මාසිකව  මුදල් වෙන් කොට ඇති බවත් එම මුදල් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ලබාගන්නා බවත් පෙන්වා දුන්නේය. 
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා සාකච්ඡා කොට ප්‍රධාන අමාත්‍යවරයාට අවශ්‍ය වාහන ලබාගැනීම සඳහා කටයුතු කොට ඇති විග්නේශ්වරන් මහතාට උතුරේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය හා සාකච්ඡා කළ නොහැක්කේ ඇයි ද යන්න මෙහිදී තවරාජා මහතා ප්‍රශ්න කළේය.
     
    උතුරේ ඉඩමි අහිමිවූවන් වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා ඉඩම් ඔප්පු 20,000ක් පිරිනැමීම වෙනුවෙන් ද ඒ මහතා මෙහිදී සිය ස්තූතිය ප්‍රකාශ කර 
    සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya